කොරෝනා වෛරසය ආසාදනයෙන් IDH රෝහලේදී තවත් අයෙකු ජීවිතක්ෂයට / කොරෝනා නිසා ඇමරිකාවේ පැය 24 ක් තුළ 1,046 ක් මරුට - ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 9 ඉක්මවයි / හකීම්ට මුස්ලිම් සමාජයෙන්ම ප්‍රතිචාර / සිංගප්පූරුවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි / ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපතිගේ මෙහෙවර අගයයි / ඔබත් "Challenge රැල්ලට "හසුවී Facebook එකට ෆොටෝස් Upload කරාද. නොදැනුවත්වම ඔබත් අනතුරේ ? / ගෙදරටම වෙලා ඉන්න වෙලේ එදිනෙදා වැඩ පහසු කරන Online විසදුම් ක්‍රම 3 ක් මෙන්න / කොරෝනා නිසා තායිලන්තයේ අලිත් , "අලි අමාරුවක" වැටේ

කොරෝනා වෛරසය ආසාදනයෙන් IDH රෝහලේදී තවත් අයෙකු ජීවිතක්ෂයට
කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

72 හැවිරිදි ඔහු මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙය කොරෝනා වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ තුන්වන මරණයයි.

ශ්‍රී ලංකාවේදී කොරෝනා වෛරසය ආසාදනයෙන් පළමු වරට මරණයට පත්වූයේ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු 60 හැවිරිදි අයෙක්.

සංචාරක මග පෙන්වන්නෙකු වන මෙම පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව හා අධික රුධිර පීඩනයෙන් පෙළුණු රෝගියෙක් ද වනවා.

මේ අතර පසුගිය 30 වනදා පස්වරුවේ මීගමුව මහරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොච්චිකඩේ- පෝරුතොට ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු කොරෝනා ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වුණා.

ඔහු මෙරටදී වෛරසය ආසාදනයෙන් මියගිය දෙවන පුද්ගලයායි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළේ කොරෝනා වෛරස ආසදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් තුන් දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.

ඒ අනුව මේවන විට කොරෝනා වෛරස ආසදනයෙන් සුවය ලබා ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 21ක්.

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් තුන්දෙනෙකු අද හමුවීමත් සමඟ මෙරට කොරෝනා ආසාදනය වූ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ කියා සිටියේ යාපනය, මරදාන සහ කුරුණෑගලින් නව ආසාදිතයන් තුන්දෙනා හමුවූ බවයි.

මීට අමතරව සැක සහිත රෝග ලක්ෂණ සහිතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතකර සිටින සංඛ්‍යාව 231ක්.

කොරෝනා නිසා ඇමරිකාවේ පැය 24 ක් තුළ 1,046 ක් මරුට - ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 9 ඉක්මවයි

කොරෝනා වෛරසය ආසාදනය වී ඇමරිකාවේ දිනක් තුළ වාර්තාවූ ඉහළම මරණ සංඛ්‍යාව ඊයේ වාර්තාවුණා.

එම සංඛ්‍යාව 1,046 ක්. ඒ අනුව ඇමරිකාව තුළ දෙලක්ෂ 14,639 කට මෙම වෛරසය ආසාදනය වී ඇති අතර, මියගිය මුළු සංඛ්‍යාව 5,099ක්.

ඉතාලියේ ගතවූ පැය 24 තුළ 727 ක් වෛරසය ආසාදනයවී මියගොස් ඇති අතර, ඒ අනුව ඉන් මියගිය මුළු සංඛ්‍යාව 13,155ක්.

වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 10,574 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ස්පාඤ්ඤයේ ගතවූ පැය 24 තුළ වෛරසය ආසාදනය වීමෙන් 923 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අනුව රට තුළ මියගිය මුළු සංඛ්‍යාව 9,387 ක්. පුද්ගලයින් එක්ලක්ෂ 4,118 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ගතවූ පැය 24 තුළ ප්‍රංශයේ පුද්ගලයින් 509 දෙනෙකු මියගොස් ඇති අතර, ඒ අනුව එරටින් වාර්තාවූ මුළු මරණ සංඛ්‍යාව 4,032ක්.

ආසාදිතයන් 56,983 ක්ද වාර්තාවී තිබෙනවා.

බ්‍රිතාන්‍යයෙන් ගතවූ පැය 24 තුළ මරණ 563 ක් වාර්තාවී ඇති අතර, එරටින් වාර්තාවූ මුළු මරණ සංඛ්‍යාව 2,352ක්.

ආසාදිතයන් 29,474ක් ද වාර්තාවී තිබෙනවා.

ලොවපුරා කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සංඛ්‍යාව නවලක්ෂ 34,825ක්.

මරණ 47,189 ක් වාර්තාවන අතර, වෛරසය වැළඳී සුවවූ සංඛ්‍යාව එක්ලක්ෂ 93,989ක්.


හකීම්ට මුස්ලිම් සමාජයෙන්ම ප්‍රතිචාර 

කොරෝනා ආසාදනය වීමෙන් මරණයට පත්වූ දෙවන පුද්ගලයාගේ දේහය ආදාහනය කිරීම ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක හිටපු අමාත්‍ය රවුෆ් හකීම් හෙළා දැකීම සම්බන්ධයෙන් මුස්ලිම් ජන සමාජයෙන්ම ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.

මියගිය පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙකු වීම සහ ඔහුගේ දේහය ආදාහනය කිරීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රකාශ කළේ එම හදිසි ආදාහනය නවතාලීම සඳහා දේශපාලන අංශ සහ සෞඛ්‍ය අංශ හැකිතාක් දුරට කටයුතු කළ යුතුව තිබූ බවයි.

මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් තවත් මුස්ලිම් ජාතිකයෙකු සඳහන් කර තිබුණේ අදාළ පුද්ගලයාගේ දේහය ආදහනය කිරීම නොකළ යුතුව තිබූ දෙයක් බවයි.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රවුෆ් හකීම්ගේ ට්විටර් පණිවුඩය සම්බන්ධයෙන් මුස්ලිම් ජාතික කාන්තාවක් සිය සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ රජය නිකුත් කරන නියෝගවලට සියලූදෙනා යටත්විය යුතු බවටයි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වුණේ කොරෝනා ආසාදිතයෙකු මරණයට පත්වුවහොත් ඔහුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව රජය නිල නිවේදනයක් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව දේහය ස්නානය කරවිය නොහැකි බවත්, ආදාහනය කිරීම සිදුකළ යුතු බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබෙනවා.


සිංගප්පූරුවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි
සිංගප්පූරුවේ රැකියාවේ නිරත ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කර තිබෙනවා.

ඔවුන් අවුරුදු 44, 37 සහ 33 වයස්වල පසුවන බවටයි අනාවරණ වී ඇත්තේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපතිගේ මෙහෙවර අගයයි
නව කාෙරා්නා  වෙෙරසය ව්‍යාප්ත වීමත් සමඟ ලාෙව පුරා රටවල් එය පාලනය කිරීමට විවිධ වූ ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඒ් අතුරින් කාෙරා්නා වෙෙරසය පාලනට  ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවා ඇගයීමට ලක්වුනා.

ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රෝස් අධ්නම් ගෙබ්‍රියේසිස් මහතා විසින්ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍ය තන්ත්‍රය මෙහෙයවන ආකාරය පිළිබඳව ඇගයීමට ලක්කර තිබෙනවා.

ඒ්  නව කාෙරා්නා  වෙෙරසය නිසා මෙරටට සහ කලාපයට ඇතිවිය හැකි සෞඛ්‍ය හා ආර්ථිකමය බලපෑම් පිළිබඳව ජනාධිපතිවරයා සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අතර සිදුවූ දුරකතන සංවාදයේදී.

ඒ අනුව ජනාධිපතිවරයා විසින් එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනයක් ලෙස ණය අත්හිටුවීමට හෝ ණය නැවත පෙළගැස්වීමට හෝ ඉඩ දෙන ලෙස අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂ, ලෝක බැංකු සභාපති, ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සහ ද්විපාර්ශ්වික ණය සපයන මුල්පෙළේ රටවල නායකයන් එකඟ කර ගන්නැයි ඉල්ලීමක්ද කර තිබුණා.

එම දුරකථන සාකච්ඡාව සම්බන්ධයෙන් වෛද්‍ය ටෙඩ්‍රෝස් ඔහුගේ twitter ගිණුමේ සටහනක් යොදා තිබුනා.

ඔබත් "Challenge රැල්ලට "හසුවී Facebook එකට ෆොටෝස් Upload කරාද. නොදැනුවත්වම ඔබත් අනතුරේ ?
රටපුරා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ බොහෝ දෙනා වෙනදාට වඩා සමාජ මාධ්‍ය පරිහරණය කිරීමට උනන්දු වී තිබෙනවා.

ඒ සමඟම විවිධ විනෝදජනක ක්‍රීඩා අවස්ථාවන් සහ අභියෝගයන්  Facebook වෙබ් අඩවිය හරහාද හුවමාරු වනු දක්නට ලැබුනා.

මෙහි එක් අවස්ථාවක් වනුයේ "Photo Challenge" අවස්ථාවයි.මෙය #24hours , #onelove , #myphoto, #womenpower ආදී වූ ආකාර කිහිපයකින් සිදුවනු දක්නට ලැබුනු අතර එම අභියෝගයන්හි 99%ක පමණම ඉලක්කය වී තිබුනේ තරුණියන් වීම විශේෂත්වයක්.

බොහෝ දෙනා කරුණු හරි හැටි නොවිමසා බලා Facebook  වෙබ් අඩවිය වෙත මෙලෙස සිය ජායාරූප එකතු කර තිබූ අතර එහිදී ඔවුන් භාවිතා කල # (Hash tag) ආධාරයෙන් මෙම ජායාරූප එකම ගොනුවක් යටතේ ලබා ගත හැකිවනවා.

එය ඇතැම් විට ලොව ඕනෑම රටක "Dating" හෝ වෙනත් වැඩිහිටියන්ට පමණයි වූ වෙබ් අඩවියක සාමාජිකයින්ගේ තොරතුරු ලෙසට එම නිර්මාණකරුවන් විසින් එකතු කිරීමේ අවධානමක් පවතිනවා.

ඒ පිලිබඳව Fcaebook හි පලව තිබූ එක් සටහනක් පහතින්.


ගෙදරටම වෙලා ඉන්න වෙලේ එදිනෙදා වැඩ පහසු කරන Online විසදුම් ක්‍රම 3 ක් මෙන්න
මේ දවස්වල රටේ තියන තත්වයත් එක්ක අපි හැමෝටම ගෙදරටම වෙලා ඉන්න සිද්ධවෙලා නේ.හැබැයි ඉතින් එහෙම හිටියා කියලා ජීවිතේ සාමාන්‍ය දේවල් නවත්තන්න අපට බැහැ.ගෙදරටම වෙලා ඉන්න අයගෙ එදිනෙදා ජීවිතයේ මූලික අවශ්‍යතා ඉටුකරන්න හදුන්වාදීපු  Online විසදුම් මේ වෙලාවේ අපිට හරිම වැදගත්. මේ ඔබට කියන්න යන්නේ මේ දවස්වල අපිට වැදගත් වෙන අන්න ඒ වගේ සේවා සපයන ලංකාවේ Apps 03 ක් ගැනයි.

01 Paymaster

Paymaster කියන්නේ එහේ මෙහේ නොයා ඕන තැනක ඉදන් තප්පරෙන් Relaod දාගන්න පුළුවන් අපූරු App  එකක්.තමන්ගේ ෆෝන් එකට විතරක් නෙමෙයි වෙන ඕන කෙනෙකුටත් ඕන තරමක් Call time  සහ Data දාගන්න පුළුවන් මේ App එකෙන් ජලය,විදුලිය වගේ අත්‍යාවශ්‍ය බිල් ගෙවන්නත් පුළුවන්.

පාවිච්චි කරන හැම වතාවකටම වගේම යාළුවන්ට සහ පවුලේ අයට Invite කරලා අපූරු වාසි ගන්න පුළුවන්  Paymaster App එක මෙන්න මේ  Link එකෙන්  Downlaod කරගන්න පුළුවන්

Links



02 InsureMe

ජීවිත දේපල වාහන වගේ ඔබේ ජීවිතේට වැදගත් හැම ඉන්ෂුවරන්ස් විසදුමක්ම තත්පර ගානකින් දෙන්න Insureme App එකට පුළුවන්. Insureme වලින් කරගන්න පුළුවන් අපූරුම වැඩේ තමයි ආයතන හැම එකක් එක්කම සංසන්දනය කරලා අතේ තියන ගානට වැඩිම වාසි තියන ඉන්ෂුවරන්ස් එක තත්පර ගානකින් ගන්න පුළුවන් කම.

කාඩ් වලින් ගෙවන්න 10% ඉදලා ඉහලට සුවිශේෂි වට්ටම් , මාස 24 න් ගෙවන සැලසුම් වගේ  පුදුම හිතෙන Offers හින්දා කාලේ හැටියට හොදම ඉන්ෂුවරන්ස් වාසි තියෙන්නේ Insureme එකේ.

ඒ විතරක් නෙමෙයි. Insureme අය ලග , ඒ අයගෙන් විතරක්ම ගන්න පුළුවන් අපූරු ඉන්ෂුවරන්ස් විසදුම් තියනවා. ඔබට ඕනේ එක දවසේ ඉන්ෂුවරන්ස් එකක් නම්  ලංකාවේ හොදම රක්ෂණ ආයතනයක් මගින් ඒක ලබාදෙන්නත් Insureme ලෑස්තියි.වාහන වර්ග සියල්ලටම,සාමාන්‍ය ජීවිත රක්ෂණ,වැඩිහිටි පුද්ගලයන්ගේ රක්ෂණ,අසාධ්‍ය ලෙඩ සම්බන්ධ රක්ෂණ වගේ ඉන්ෂුවරන්ස් කිව්වම ඔලුවට එන ප්‍රශ්න සියල්ලම තත්පරෙන් විසදන්න Insureme ට පුළුවන්.

පවුලේ අනාගතේ ගැන හිතන ඔබට වගේම වාහන දේපොල වගේ වටිනා කියන දේවල් වල වටිනාකම ඒ විදිහටම තියාගන්න මේ නිවාඩුවේ තීරණයක් ගන්න.

ගන්නම ඕනේ නෑ  නිකම් ගිහින් බලන්න.

වෙබ්සයිට් එක www.insureme.lk

App Downlaods Links



03 Odoc

 ගෙදරටම වෙලා ඉන්න කියලා තියන මේ වෙලේ බෙහෙත් නම් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් වගේම ඔබේ ලෙඩේට හරියටම හරියන බෙහෙත තියන දොස්තර මහත්තයා නැත්නම් දොස්තර නෝනවාත් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්! පුදුම වෙන්න දෙයක් නෑ. Odoc App එක ෆෝන් එකේ තියනවා නම් වැඩේ සිම්පල්.

මේ ඇප් එක තියනවා නම් ලෙඩක් දුකක් හැදුනම ගෙදර ඉදන්ම වීඩියෝ හරි ඕඩියෝ කෝල් හරහා හරි වෛද්‍ය උපදෙස් ලබාගන්න පුළුවන්.විවිධ විෂයන්ට අදාලව ලංකාවේ ප්‍රවීණතම වෛද්‍යවරු රාශියක් හැම තිස්සේම මේ App එකේ ඉන්නවා.අපිට තියෙන්නේ ඒ අයව සම්බන්ධ කරගන්න එක විතරයි. වෛද්‍ය උපදේශ වලින් පස්සේ  පිළිගත් බෙහෙත් තුන්ඩුවත් PDF එකක් මගින් ෆෝන් එකටම ලැබෙනවා.

App Downlaods Links



කොරෝනා නිසා තායිලන්තයේ අලිත් , "අලි අමාරුවක" වැටේ
ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වෛරසය නිසා රටවල් ගණනාවකම සංචාරක කර්මාන්තයද දැඩි ලෙස අර්බුදයට මුහුණ පා සිටිනවා.

තායිලන්තයද ප්‍රකටව ඇත්තේ සංචාරක කර්මාන්තය ඉහළ මට්ටමක පවතින රටක් ලෙසටයි.

සංචාරක තහනම් සමඟින් සීඝ්‍ර ලෙස සංචාරකයින් අඩු වීම නිසා එරට වාසය කරන අලි ගහණය දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.ඒ ආදායම අඩුවීම නිසා ඔවුන්ව බලාගන්නා පුද්ගලයින්ද අසරණ වීම හේතුවෙන් මෙම අලින්ට අවශ්‍ය ආහාර නිසි පරිදි ලබා දීමට නොහැකි තත්වයක් උද්ගත වීමෙන්.

සාමාන්‍යයෙන් අලින්ට දිනකට රාත්තල් 440 ක් හෙවත් ආසන්න වශයෙන් කිලෝ 200 ක පමණ ආහාර අවශ්‍ය වෙනවා.

එරට දැනට අලි 4000 ක පමණ ප්‍රමාණයක් සිටින අතර ,සත්ව සංවිධාන පෙන්වා දෙන්නේ තත්වය මෙලෙසම පැවතියහොත් මෙම අලින්ට ආහාර ලබා දීමේ ගැටලු පැන නඟින බවයි.

මෙය ඔවුන්ගේ ජීවිතවලට දැඩිලෙස බලපාන කරුණක් බැවින් විදෙස් මාධ්‍ය කිහිපයක්ම මේ පිලිබඳව සිය අවධානය යොමුකොට තිබුනා.

තායිලන්තයෙන් මේ වන විට හමු වී ඇති කොරෝනා රෝගීන් ගණන 1771 ක්.එරට පුද්ගලයින් 12 දෙනෙකු මෙම රෝගය හේතුවෙන් මියගොස් තිබෙනවා.




View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනා වෛරසය ආසාදනයෙන් IDH රෝහලේදී තවත් අයෙකු ජීවිතක්ෂයට / කොරෝනා නිසා ඇමරිකාවේ පැය 24 ක් තුළ 1,046 ක් මරුට - ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 9 ඉක්මවයි / හකීම්ට මුස්ලිම් සමාජයෙන්ම ප්‍රතිචාර / සිංගප්පූරුවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි / ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපතිගේ මෙහෙවර අගයයි / ඔබත් "Challenge රැල්ලට "හසුවී Facebook එකට ෆොටෝස් Upload කරාද. නොදැනුවත්වම ඔබත් අනතුරේ ? / ගෙදරටම වෙලා ඉන්න වෙලේ එදිනෙදා වැඩ පහසු කරන Online විසදුම් ක්‍රම 3 ක් මෙන්න / කොරෝනා නිසා තායිලන්තයේ අලිත් , "අලි අමාරුවක" වැටේ කොරෝනා වෛරසය ආසාදනයෙන් IDH රෝහලේදී තවත් අයෙකු ජීවිතක්ෂයට / කොරෝනා නිසා ඇමරිකාවේ පැය 24 ක් තුළ 1,046 ක් මරුට - ලොව පුරා ආසාදිතයන් ලක්ෂ 9 ඉක්මවයි / හකීම්ට මුස්ලිම් සමාජයෙන්ම ප්‍රතිචාර / සිංගප්පූරුවේ රැකියා කරන ශ්‍රී ලාංකිකයන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වෙයි / ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනපතිගේ මෙහෙවර අගයයි / ඔබත් "Challenge රැල්ලට "හසුවී Facebook එකට ෆොටෝස් Upload කරාද. නොදැනුවත්වම ඔබත් අනතුරේ ? / ගෙදරටම වෙලා ඉන්න වෙලේ එදිනෙදා වැඩ පහසු කරන Online විසදුම් ක්‍රම 3 ක් මෙන්න / කොරෝනා නිසා තායිලන්තයේ අලිත් , "අලි අමාරුවක" වැටේ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 02, 2020 Rating: 5

0 comments:

Post a Comment