ලොව පුරා කොරෝනා ආසාදිතයින් 16 ලක්ෂය ඉක්මවයි / ශ්‍රී ලංකාවේ දේශගුණය ආශිර්වාදයක් වුවත් තිබෙන අවදානමක් ගැන ඕස්ට්‍රේලියානු පරේශකයන් පිරිසක් කියයි : අනෙකුත් පුවත් | Your Choice Way

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 16 ලක්ෂය ඉක්මවයි
කොවිඩ් - 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ ලෝක වාසීන්ගේ සංඛ්‍යාව මේ වනවිට 16 ලක්ෂ 3,428ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

වෛසරය ආසාදනය වීමෙන් මියගිය සංඛ්‍යාවද 95,714ක් ලෙසයි සටහන් වන්නේ.
ඉන් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එනම්, හාරලක්ෂ 68,566ක් වාර්තාවන්නේ ඇමරිකා එක්සත් ජනපදයෙන්.

එරට කොරෝනා මරණ සංඛ්‍යාව 16,691ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

ඉතාලියේ මරණ සංඛ්‍යාවද මේ වනවිට 18,279ක් වී ඇති අතර, ස්පාඤ්ඤයේ මරණ ඊයේ දිනයේදී වාර්තා නොවූ අතර එරට මරණ ඉහළ ගොස් 15,447ක් ලෙස සටහන් වුණා.

අසල්වැසි ඉන්දියාවෙන්ද නව ආසාදිතයන් 6,725ක් වූ අතර, මරණ සංඛ්‍යාව 226ක්.

මේ අතර, රෝගීන් 342,272ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ප්‍රතිකාර ලබන පුද්ගලයන් අතරින් 48,509ක් බරපතල තත්වයේ පසුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ශ්‍රී ලංකාවේ දේශගුණය ආශිර්වාදයක් වුවත් තිබෙන අවදානමක් ගැන ඕස්ට්‍රේලියානු පරේශකයන් පිරිසක් කියයි
මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින අධික උෂ්ණත්වය සහ වාතයේ අධික ආර්ද්‍රතාව හේතුවෙන් කොවිඩ් – 19 වෛරසය ව්‍යාප්ත වීම යම් ප්‍රමාණයකට පාලනය වී ඇතැයි ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් පදනම් කරගත් පර්යේෂකයෝ පිරිසක් පෙන්වා දෙති.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ‘පවුලේ සාමාජිකයන් අතර’ වෛරසය සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩකඩක් පෙන්නුම් කරන බැවින් බලධාරීන් විසින් වෛරසය පැතිරීම වැළැක්වීමේ පියවර කෙරෙහි දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

මුඛ ආවරණ 3ක් සොරකම් කළ පුද්ගලයෙකු ලන්ඩන් නුවරදී අත්අඩංගුවට
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර රෝහලකින් මුඛ ආවරණ තුනක් සොරකම් කළ පුද්ගලයකුට මාස තුනක සිර දඬුවමක් නියම කර ඇත. මෙම දඬුවම නියම වී ඇත්තේ 34 හැවිරිදි ලෙරුන් හුසේන්ටය.

ඔහු ලන්ඩනයේ ‘කින්ස් කොලේ රෝහලෙන්’ ඉකුත් ඉරිදා මුඛ ආවරණ තුනක් සොරකම් කර ඇත. එම සොරකමට වැරැදිකරු තමන් යැයි හෙතෙම ලන්ඩන් මහේස්ත්‍රාත් උසාවියේදී පිළිගෙන ඇත . අධිකරණ නියෝග කඩකිරීමත් රෝහලකින් සොරකම් කිරීමත් යන චෝදනාවලට සැක කර හෙතෙම අත්අඩංගුවට ගැනිණි.

මේ අතර රෝහලේ තිබූ එකම මුඛ ආවරණ පෙට්ටිය සොරකම් කර ඇති බවත් එය නැවත ගෙනැවිත් දෙන්නැයි ද වෛද්‍යවරුන් ඉල්ලීමක් කර තිබිණි. මෙම සොරකම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටින බව පොලිසිය සඳහන් කළේය. වසංගතය ව්‍යාප්ත වීමත් කොරෝනා වයිරසයට සම්බන්ධ සිදුවීම්වලට පුද්ගලයන් කිහිපදෙනකුම මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කීය.

කෙළ ගසා වයිරසය පොලිස් නිලධාරීන්ට බෝ කරන බවට තර්ජනය කළ පුද්ගලයකු උතුරු ලන්ඩනයේදී අත්අඩංගුවට ගත් බව ද පොලිසිය සඳහන් කළේය .

නිවසේ ලස්සන තව තවත් වැඩිකරගන්න ඕනෙනම් තීන්න ආලේප කරද්දි මේ වගේ බුරුසුවක් තෝරගන්න
ගොඩක් දෙනා නිවසේ තීන්ත ආලේප කරද්දී හොඳම තත්වයේ තීන්ත වර්ග මිලදී ගන්න උනන්දු වුනත්, තීන්ත ආලේප කරන බුරුසුව ගැන එතරම් උනන්දුවක් දක්වන්නෙ නැහැ. ඒ නිසා ඔබ මිලදී ගන්න තීන්ත කොයිතරම් ඉස්තරම් වුනත් එහි නියම ප්‍රතිඵලය ලබා ගන්නනම් ඔබට හැකියාවක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා ඔබ මිලදී ගන්න තීන්තවලට ඉහල වටිනාකමක් ලබා ගන්නනම් ඔබ දැනගත යුතුම කාරණාවක් තියෙනවා.

මේ වෙද්දි වෙළඳපොළේ තියෙන ගොඩක් තීන්ත බුරුසු වල තියෙන්නෙ නිසි ප්‍රමිතියකින් තොරව නිපදවපු කෙඳි නිසා තීන්ත ගාද්දි ඒ කෙඳි ගැලවිලා බිත්‍තියේ ඇලෙන්න පුළුවන්. ඒ වගේම බිත්තියේ පාරවල් හිටින නිසා ඔබ බලාපොරොත්තු වෙන ලස්සනනම් ඔබට ලබා ගන්න වෙන්න ‍නැහැ. අන්න ඒ නිසා ඔබ තීන්ත බුරුසුවක් මිලදී ගනිද්දි එහි ප්‍රමිතිය ගැන ගොඩක්ම හිතන්න ඕන.

ඕනෑම භාණ්ඩයක් නිෂ්පාදනයේදී සහ මිලදී ගැනීමේදී තාක්ෂණය, නිමාව සහ ප්‍රමිතිය යන කරුණු ඉතා වැදගත් වෙනවා. ඉතිං එම කාරණා තුනම සම්පූර්ණ කල දීර්ඝ කාලයක් ති‍ස්සෙ මෙරට ජනතාව අතර ඇගයීමට ලක්වුනු නිෂ්පාදනයක් තමයි හැරිස් තීන්ත බුරුසු කියලා කියන්නෙ.

බ්‍රිතාන්‍යයේ ඉහළම තාක්ෂණයත් එක්ක විශේෂිත කෙඳි වර්ග යොදා ගනිමින් සකස් කරන හැරිස් තීන්ත බුරුසු සඳහා එකිනෙකට වෙනස් කෙඳි මිශ්‍රණයක් යොදා ගන්න නිසා කෙඳි ස්ථර දෙකකින් තීන්ත ගෑවෙනවා. මේ විශේෂත්වය නිසා ඉතා පහසුවෙන් පොඩ්ඩක්වත් මඟහැරෙන්නෙ නැතිව සියළුම ප්‍රදේශවල තීන්ත ආලේප කරගන්න පුළුවන්.

ඒ වගේම තමයි තීන්ත ආලේපන බුරුසුවක් මිලදී ගනිද්දි එහි මිට (හැඩලය) ගැනත් ගොඩක් සැළකිලිමත් වෙන්න ඕන. මොකද තීන්ත බුරුසුවේ මිට අල්ලන්න අපහසුයිනම් තීන්ත ආලේප කරද්දි තීන්ත ගේ පුරාම විසිවෙලා තීන්ත අපතේ යනවා. ඒකෙන් වෙන්නෙ ලොකු නාස්තියක්. හැබැයි  හැරිස් තීන්ත බුරුසු නිෂ්පාදනය කරද්දි මේ සියළු කරුණු ගැන හොඳ අධ්‍යයනයක් කරලා අල්ලන්න ලේසි ඉතා උසස් තත්වයේ මිටක් නිර්මාණය කරලා තියෙන නිසා ඒ නාස්තියත් ඔබට නැති කරගන්න පුළුවන්.

ඒ වගේම තමයි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තීන්ත ආලේප කරාට පස්සෙ ඒ  බුරුසුව නැවත පාවිච්චි කරන්න අපහසු වීම. නමුත්  හැරිස් තීන්ත බුරුසුකින් තීන්ත ආලේප කරලා බුරුසුව  එක හේදුවම නැවත මුල් තත්වයටම පත් කරගන්න පුළුවන්. ඒකත් ඔබට මුදල් ඉතිරි කරගන්න පුළුවන් සාධකයක්.

ඒ වගේම තමයි 1936 අවුරුද්දෙ ඉඳලා එංගලන්තයෙන් මෙරටට ගෙන්වූ  හැරිස් තීන්ත බුරුසු වල බෙදාහැරීමේ අයිතිය පසුගිය වසරේදී ජැට් සමාගමට හිමිවුනා. ඒ නිසා දීර්ඝ කාලයක් ති‍ස්සෙ මෙරට ජනතාව අතර ඇගයීමට ලක්ව තිබුනු  හැරිස් තීන්ත බුරුසු පිළිබඳ විශ්වාසය දැන් තව තවත් වැඩිවෙලා තියෙනවා. මොකද දැන් හැරිස් තීන්ත බුරුසු ඔබ අතට පත්වෙන්නෙ ජැට් සමාගම වෙතින් විතරයි. ඒ වගේම තමයි එංගලන්තයේ පිහිටි මවු සමාගම විසින් නිරතුරුවම  හැරිස් තීන්ත බුරුසු නිෂ්පාදන ප්‍රමිතිය සොයා බලා තත්ව සහතිකයක් ලබා දෙනවා.

ඉතිං පොඩි ලාභයක් බලාගෙන ලොකු පාඩුවක් සිදුකරගන්න කැමති නැති බුද්ධිමත් ජනතාවට තෝරගන්න තියෙන හොඳම බ්‍රෂ් එක  හැරිස් තීන්ත බුරුසු කියලා බය නැතුවම කියන්න පුළුවන් වගේම  හැරිස් තීන්ත බුරුසු වෙතින් තවත් නවතම නිෂ්පාදන රැසක් වෙළඳපොලට හඳුන්වා දීමට නියමිතව තිබෙන බවත් අපි ඔබට සතුටින් දැනුම් දෙනවා.

''ලංකාවේ ආණ්ඩුව මිනිස්සු පස්සේ පන්නනවා - අමෙරිකාවේ මිනිස්සු ආණ්ඩුව පස්සේ පන්නනවා'' අමෙරිකාවටත් වඩා හොඳ ලංකාවේ සෞඛ්‍ය වැඩපිළිවල ගැන වෛද්‍ය මාලිකා ජයසූරිය කතා කරයි (VIDEO)
අමෙරිකාව සමඟ සසඳා බලන විට කොවිඩ් 19 වෛරසය හමුවේ ශ්‍රී ලංකා රජය ගෙනයන වැඩපිළිවල ඉතා ඉහල මට්ටමක පවතින බව ඇමරිකානු රෝහල් සමුහයක වෛද්‍ය අධ්‍යක්ෂිකාවක් ලෙස කටයුතු කරන වෛද්‍ය මාලිකා ජයසූරිය මහත්මිය ප්‍රකාශ කරනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ Nuwan's Hour වැඩසටහන සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.

ඇමරිකවේ රෝහල් සමුහයක් හොඳම රෝ්හල් බවට පත්කරමින් පසුගිය වසරේ හොදම රෝහල් අධ්‍යක්ෂිකාව වු සවුත් කැරොලිනාහි රොක්හිල් - හෙල්ත්සවුත් රෝහල් සමූහයේ අධ්‍යක්ෂවරියක වන විශේෂඥ වෛද්‍ය මාලිකා ජයසූරිය රොක්හිල් - හෙල්ත්සවුත් රෝහල අමෙරිකාවේ හොඳම පුනරුත්ථාපන රෝහල බවට පත් කිරීම සඳහා මූලිකත්වය ගත් වෛද්‍යවරියක ලෙස ප‍්‍රසාදයට පත්ව සිටිනවා.

ඒ අනුව ඇය අමෙරිකාවේ සවුත් කැරොලිනාහි සිට අදහස් දක්වමින් කියා සිටියේ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ  නිවුයෝක් මිචිගන් වැනි ප්‍රදේශ වලට ඉතාම තදින් කොවිඩ් 19  බලපෑම ඇති වී තිබෙන බවත් අනෙකුත් ප්‍රාන්තවලත් මේ වන විට සීඝ්‍රයෙන් කොරෝනා ආසාධිතයින් වාර්තා වන බවයි.

එසේම ශ්‍රී ලංකාවේ මෙන් එරට නිරෝධායන කටයුතු සිදු නොවන බවත්,  ඇතිවී තිබෙන තත්වය හමුවේ අසාධ්‍ය රෝගීන් පමණක්  රෝහල් වලට ගන්නා බවත්, මේ වන විට රොහල්වල ඉඩපහසුකම් පවා නොමැති බවත්  ප්‍රකාශ කළ ඇය මේ සම්බන්ධයෙන් වැඩිදුරටක් පැහැදිළි කළේ මෙලෙසින්,


ඕනෑම තත්වයකට මුහුණ දෙන්න අවශ්‍ය දෑ ගෙන්වන්න - ජනපතිගේ වැඩපිලිවෙල වෛද්‍යවරුන්ගේ පැසසුමට
කොරෝනා වෛරසය රට තුළ පැතිර යාම කඩිනමින් මර්දනයට අවශ්‍ය විශේෂඥ වෛද්‍ය අදහස් ලබාගැනීමේ අරමුණින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ක්ෂේත්‍ර කිහිපයක විශේෂඥ වෛද්‍යවරු අතර හමුවක් ඊයේ (09) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

කොරෝනා වෛරසය පැතිර යාම වැළැක්වීමට රජය සහ ආරක්ෂක අංශ මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත් ක්‍රියාමාර්ග සහ ඉදිරියට අනුගමනය කළ යුතු වැඩපිළිවෙළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය. මේ වන විට වෛරසය ආසාධිත පුද්ගලයන් ලඟින් ඇසුරු කළ කණ්ඩායම් හා ඉන් අදියර දෙකක් ඉදිරියට සබඳතා පැවැත්වූ පුද්ගලයන් හඳුනාගනිමින් පරීක්ෂණ කිරීමේ වැදගත්කම විශේෂඥ වෛද්‍යවරු පෙන්වා දුන්හ.

වෛරසය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල (Test Kits) ප්‍රමාණවත් තරම් පැවතියත් ඕනෑම තත්ත්වයකට මුහුණ දිය හැකි වන පරිදි ඒවා ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දුන්නේය. ලෝකයේ සෙසු රටවල් අභිබවා යමින් වෛරසය පැතිර යාම වැළැක්වීමට ජනාධිපතිවරයා ගෙනගිය නිරෝධායන වැඩපිළිවෙළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ පැසසුමට ලක්විය. එම නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම වෛරසය පැතිර යාම වැළැක්වීමට ඇති වැදගත්ම ප්‍රවේශය බව වෛද්‍යවරු පවසති. වෛරසය පැතිර ගොස් නැති ප්‍රදේශ ආරක්ෂා කරගැනීමේ වැදගත්කම වෛද්‍යවරු දැඩිව අවධාරණය කළහ.

එම ප්‍රදේශවලට වෛරසය පැතිරී ඇති ප්‍රදේශවලින් සංචරණය නවත්වාගත යුතු බව ඔවුනගේ මතය විය. “පංචායුධ” ක්‍රමවේදයක් ලෙස සෑම අයෙකුම හැකි උපරිමයෙන් නිවසේ රැඳී සිටීම පළමු පියවර ලෙස ඉතා වැදගත් බව වෛද්‍යවරු පවසති. නිවසින් පිටව යාමේදී මුව ආවරණයන් පැළඳීම, මුහුණ ඇල්ලීමෙන් වැළකීම, සෑමවිටම මීටරයක දුරස්ථභාවය පවත්වාගනෙ යාම සහ අත හොඳින් සේදීම පංචායුධ ක්‍රමවේදයට අයත් වේ.

විශේෂඥයන්, විශ්වවිද්‍යාල, තාක්ෂණික ආයතන, පුද්ගල කණ්ඩායම් COVID – 19 ආශ්‍රිතව නව සොයාගැනීම් ගණනාවක් කර ඇත. ඒවායේ සොයාගැනීම් කඩිනමින් විශේෂඥ මට්ටමෙන් පර්යේෂණයට ලක්කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණ. කොරෝනා වෛරසය ඉක්මණින් ආසාදනය විය හැකි පුද්ගලයන් පිළිබඳවත්, ඔවුන් ඉන් මුදාගැනීමට අනුගමනය කළ යුතු ක්‍රමවේද කවරේද යන්නත් ජනාධිපතිවරයා විමසීය.

දියවැඩියාව, ඇදුම සහ හෘද රෝග ඇති පිරිස් දැඩි අවධානයෙන් සිටිය යුතු අතර, ඔවුන් නියම කර ඇති ඖෂධ නිසි පරිදි ගත යුතු බව වෛද්‍යවරු කියා සිටියහ. එමෙන්ම දුම් පානයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කළහ. සෑම අයෙකුම නිරන්තරයෙන් උගුර ආශ්‍රිත ප්‍රදේශ තෙත්ව තබාගැනීමට දියර පාන ගැනීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිණ.

ලංකාව අති විශිෂ්ඨයි - යුරෝපා සංගමයෙන් පැසසුම්
යුරෝපා සංගමයට අයත් රටවලින් මෙරටට පැමිණ සිටි සංචාරකයන් යළි ආරක්ෂිතව මව් රටවලට යොමු කිරීමට ලක් රජය ගත් ක්‍රියාමාර්ග යුරෝපා සංගමය ඇගයීමට ලක් කර ඇත.

එම සංගමයට අයත් රටවල තානාපතිවරු ජනාධිපති විශේෂ කාර්ය සාධක බළකායේ ප්‍රධානි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමග පෙරේදා (08 වැනිදා) විශේෂ සාකච්ඡාවක් පැවත්වූහ.

එහිදී ලක් රජය වෛරසය පැතිර යාම පාලනය කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගද යුරෝපා සංගමය ඇගයීමට ලක්කර තිබේ.

සෙවනගල දැරියක් අපයෝජනය කිරීමට සම්බන්ධ 5ක් රක්ෂිත බන්ධනාගාරයට
සෙවනගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ වයස අවුරුදු 13ක දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත සැකකරුවන් 5 දෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

දින ගනණාවක් අවස්ථා කිහිපයකදී දැරිය අපයෝජනයට ලක්කර ඇති අතර ප්‍රදේශයේ 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සදහා සම්බන්ධ වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් අතර දැරියගේ ඥාතියෙකු සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද වනවා.


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලොව පුරා කොරෝනා ආසාදිතයින් 16 ලක්ෂය ඉක්මවයි / ශ්‍රී ලංකාවේ දේශගුණය ආශිර්වාදයක් වුවත් තිබෙන අවදානමක් ගැන ඕස්ට්‍රේලියානු පරේශකයන් පිරිසක් කියයි : අනෙකුත් පුවත් | Your Choice Way ලොව පුරා කොරෝනා ආසාදිතයින් 16 ලක්ෂය ඉක්මවයි / ශ්‍රී ලංකාවේ දේශගුණය ආශිර්වාදයක් වුවත් තිබෙන අවදානමක් ගැන ඕස්ට්‍රේලියානු පරේශකයන් පිරිසක් කියයි : අනෙකුත් පුවත් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 10, 2020 Rating: 5

0 comments:

Post a Comment