සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද උදාවෙයි / තවත් කොරෝනා ආසාදිතයින් 11ක් හමුවේ- මුළු ගණන 210 දක්වා ඉහළට : අනෙකුත් පුවත් | Your Choice Way

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද උදාවෙයි
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අදට (13) යෙදී තිබෙනවා.

කෙසේ වෙතත් කොඩිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය පාලනයට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර පවුලේ සාමාජිකයන්ට පමණක් සීමා වෙමින් සමරන ලෙසය රජය සහ සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ.
මෙවර අලුත් අවුරුද්දේ බොහෝ නැකැත් චාරිත්‍ර දවසේ රාත්‍රී කාලයේ යෙදී තිබීම විශේෂත්වයක්.

ඒ අනුව අලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ පුණ්‍ය කාලය යෙදී තිබෙන්නේ අප්‍රේල් මස 13 වන සඳුදා එනම් අද අපර භාග 01.59 සිට එදින රාත්‍රී 2.47 එනම් 14 වැනි අඟහරුවාදා හෙට අළුයම දක්වායි.

එබැවින් අද (13) අපරභාග 01.59 ට පෙර ආහාර පාන ගෙන සියලු වැඩ අත්හැර ආගමික වතාවත්වල යෙදීම සුදුසු බව අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන්.

නැකැත් සීට්ටුවට අනුව අලුත් අවුරුද්ද උදාවන්නේ අප්‍රේල් මස 13 වන සඳුදා එනම් අද අපරභාග 08.23ටයි.

ආහාර පිසීමේ චාරිත්‍රය යෙදී ඇති අද (13) අපරභාග 10.05ට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා දී කිරි මිශ්‍ර කිරිබතක් ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක් සහ අග්ගලා පිළියෙල කිරීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය සදහා වන නැකත අද (13) අපරභාග 10.43 යෙදී තිබෙනවා.

ඒ අනුව නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ එකී නැකතට සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා සියලු වැඩ අල්ලා, ගනුදෙනු කොට, ආහාර අනුභව කිරීම මැනවි යනුවෙන්.

හිසතෙල්ගෑමේ නැකැත අප්‍රේල් මස 17 වැනි බදාදා පූර්වභාග 09.17 ට යෙදී ඇති අතර පළාවන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹ පත් ද, පයට කොළොන් පත් ද තබා කොහොඹ පත් යුෂ නානු ද තෙල් ද ගා ස්නානය කිරීම මැනවි යනුවෙන් නැකැත් සීට්ටුවේ සඳහන්.

අලුත් අවුරුද්දේ රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම අප්‍රේල් මස 17 වැනි සිකුරාදාට යෙදී තිබෙනවා.

එදින ලා නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී තල හා හකුරු මිශ්‍ර කිරිබත් අනුභව කර පූර්වභාග 07.56 ට නැගෙනහිර දිශාව බලා රැකී රක්ෂා සදහා පිටත්ව යාම සුදුසු බව නැකැත් සීට්ටුවේ සඳහන්.

මීට අමතරව අප්‍රේල් මස 19 වන ඉරිදා පූර්වභාග 11.38ට තඹ වර්ණය හෙවත් රතු, කහ මිශ්‍ර වර්ණයෙන් සැරසී දකුණු දිශාව බලා පැල සිටුවීමේ චාරිත්‍රය ඉටුකිරීම මැනවි යනුවෙන් ද නැකැත් සීට්ටුවේ සඳහන්.

අලුත් අවුරුද්දේ රටම එකම නැකතකට චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීම සුවිශේෂි කරුණක්.

තවත් කොරෝනා ආසාදිතයින් 11ක් හමුවේ- මුළු ගණන 210 දක්වා ඉහළට
ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 210 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.

ඊයේ (12) රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කළේය.

ඒ අනුව ඊයේ දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 11 ක් බවද එම කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 56 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

ඇමරිකාවේ පළමු වතාවට මහා ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ
ඇමරිකාව තුළ පළමු වරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනුමැතිය ලබාදී තිබෙනවා.

එරට තුළ වැඩිම බලපෑමකට ලක්වූ නිව්යෝක් ප්‍රාන්තය තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර දින 22කට පසුවයි ඇමරිකාවේ ප්‍රාන්ත 50හේම මෙලෙස හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ.

මෙතෙක් වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වූ ඉතාලිය ද ඉක්මවා යමින් ඇමරිකාවේ මේ වන විට වාර්තා වන මරණ සංඛ්‍යාව 20,580ක්. එමෙන්ම ආසාදිතයන් සංඛ්‍යාව පන්ලක්ෂ 33,115ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොරෝනා වැළදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ඉන් පිටව ගොස් තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ ඔහු රෝහලෙන් පිටව යාමට පෙර එහි කාර්ය මණ්ඩලයට සිය කෘත්‍යඥතාවය පළ කරන බවයි.

බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 9875ක් වාර්තා වන අතර, ආසාදිතයන් සංඛ්‍යාව 78,991ක්.

ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතයෙන් මිය ගිය සංඛ්‍යාව එක්ලක්ෂ 9933ක් වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 17 ලක්ෂ 94,819ක්.

ඉතාලියෙන් මරණ 19,468ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව එක්ලක්ෂ 52,271ක්. ස්පාඤ්ඤයේ 16,972ක් වාර්තා වන අතර, මුළු ආසාදිත සංඛ්‍යාව එක්ලක්ෂ 66,019ක් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

අසල්වැසි ඉන්දියාවේ ද නව ආසාදිතයන් 58 දෙනෙකු වාර්තා වීමත් සමඟ එරට මුළු ආසාදිත සංඛ්‍යාව 8504 දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව ද දැක්වෙන්නේ 289ක් ලෙසයි.

කොරෝනා වසංගතය හමුවේ ගෝලීය වශයෙන් ව්‍යාපාර හා රටවල් වසා දැමීම නිසා ආහාර අර්බුදයක් ඇති විය හැකි බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අගවනවා.

ඒ, සැපයුම් දාමයට තර්ජන මතුවීම සහ ආහාර පිළිබඳ අනාරක්ෂිත බව ඉහළ යාම හේතුවෙන්.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙන්නේ සුපිරි වෙළදසැල් සතුව දැනටමත් ආහාර ද්‍රව්‍ය ගබඩා පවතින බවයි.

කෙසේ වෙතත්, දිග්ගැස්සෙමින් පවතින කොරෝනා වසංගතය හමුවේ ගොවීන්, කෘෂිකාර්මික යෙදවුම්, වගා කිරීම්, නැව් ගත කිරීම්, වෙළදාම් කිරීම ඇතුළු ආහාර සැපයුම් ජාලයට සිදුව ඇති බලපෑම හමුවේ ආහාර අර්බුදයක් ඇති විය හැකි බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.

ලොව පුරා කොරෝනා ආසාදිතයින් 18 ලක්ෂය ඉක්මවයි
ලොව රටවල් රැසක් පුරා පැතිර ගොස් ඇති කොරෝනා වසංගතය හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 114,175ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

18 ලක්ෂ 51,578කට වෛරසය ආසාදනය වී ඇති අතර ඉන් සුවය ලැබූ සංඛ්‍යාව 404,616ක්.

ඇමරිකාව තුළ ඊයේ දිනයේ පමණක් මරණ 1,524ක් වාර්තා වී ඇති අතර, ඒ අනුව එරටින් මෙතෙක් වාර්තා වූ මුළු මරණ 22,101ක්.

එමෙන්ම, 560,246ක් මේ වන විට වෛරසය ආසාදනය වී තිබෙනවා.

ප්‍රංශයේ දිනක් තුළ මරණ 561ක් වාර්තා වන අතර, එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 14,393ක්.

ආසාදිතයින් 132,591ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ස්පාඤ්ඤයේ දිනක් තුළ මරණ 603ක් වාර්තා වන අතර ඒ අනුව එහි සමස්ත මරණ සංඛ්‍යාව 17,209ක්.

එක්ලක්ෂ 166,831ක් ආසාදිතයින් එරටින් වාර්තා වනවා.

ගත වූ පැය 24 තුළ පමණක් ඉතාලියේ මරණ 431ක් වාර්තා වන අතර ඒ අනුව එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 19,899ක්.

ආසාදිතයින් සංඛ්‍යාව එක්ලක්ෂ 56,363ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියාව තුළ ඊයේ දිනයේ පමණක් මරණ 43ක් වන අතර එරටින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 9,205ක්.

මේ අතර,ඉන්දුනීසියාවේ දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ(12) වාර්තා වී ඇත්තේ නව ආසාදිතයන් 399ක් හඳුනා ගැනීමත් සමඟයි.

ඒ අනුව එරට මුළු ආසාදිත සංඛ්‍යාව ද 4241 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දුනීසියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 399ක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කොරෝනා නිසා මිය යන පුද්ගලයන්ගේ ආදාහනය ගැන ගැසට් නිවේදනයක්
කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කරන ආකාරය දැක්වෙන ගැසට් නිවේදනයක් රජය විසින් මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සෙල්සියස් අංශක 800 සිට 1200 දක්වා වූ උෂ්ණත්වයක් සහිතව විනාඩි 45ත් පැයත් අතර කාලයක් සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් දේහය ආදාහනය කළ යුතු වනවා.

ඒ, නිසි බලධාරියා විසින් අනුමත කරන ලද සුසාන භූමියක හෝ ස්ථානයකයි. එමෙන්ම, කොරෝනා ආසාදිතයෙකුගේ අවසන් කටයුතු නිසි බලධාරියා විසින් නම් කරනු ලබන තැනැත්තෙකුට හැර වෙනත් කිසිවෙකුට භාර නොදෙන බවට ද එම ගැසට් නිවේදනයේ සඳහන්.

ආදාහනය කිරීම සඳහා එක්වන තැනැත්තන්ගේ ඇඳුම සහ නැවත භාවිතා කළ නොහැකි පෞද්ගලික ආරක්ෂණ උපාංග එම අවස්ථාවේදීම මිනී පෙට්ටිය ද සමඟින් පුළුස්සා දැමිය යුතුයි.

මිය ගිය තැතැන්තාගේ භෂ්මාවශේෂ ළඟම ඥාතියා වෙත භාර දෙනු ලැබිය හැකි බවට ද රජය විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන්.

රාජකාරී හැඳුනුම්පත අවභාවිතා කරමින් පුද්ගලයන් ප්‍රවාහනය කළ පොලිස් කොස්තාපල්ට අපූරු දඬුවමක්
පසුගිය 11 වෙනිදා කිසිඳු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව හෝමාගම සිට පැමිණි හත් දෙනෙකුගෙන් යුත් පිරිසක් මැදවච්චිය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සිදු කල පරීක්ෂණවලින් හෙලිව ඇත්තේ හෝමාගම පොලීසියේ සේවය කරන කොස්තාපල්වරයෙකු විසින් ඔහුගේ නිල හැඳුනුම්පත භාවිතා කරමින් මෙම පිරිස රැගෙනවිත් ඇති බවයි.

මෙය ඇඳිරි නීති පනත මෙන්ම ,1897 වසංගත රෝග පනතද උල්ලංඝනය කිරිමක් වන අතර ඔවුන් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙනවා.

කෙසේ නමුත් මෙලෙස රැගෙන සියලු දෙනාම අදාළ කොස්තාපල්වරයාගේ නිවසේදීම දින 14 ක ස්වයං නිරෝධනයකට ලක් කොට තිබෙන අතර අදාළ නිරෝධන කටයුතු සිදුවීමෙන් අනතුරුව ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිතව  තිබෙනවා.

මේ අතර පොලිස් මාර්ග බාධකයකදී පොලිස් නිළධාරීන් විසින්ම තවත් පොලිස් නිලධාරියෙකු අත් අඩංගුවට ගැනීමෙන් බහුතරයක් පොලිස් නිලධාරීන් සිය රාජකාරිය ඉතා හොඳින් ඉටු කරන බව පෙනී යන බවයි ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේ.
👉👇අනෙකුත් පුවත්...👇👌


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද උදාවෙයි / තවත් කොරෝනා ආසාදිතයින් 11ක් හමුවේ- මුළු ගණන 210 දක්වා ඉහළට : අනෙකුත් පුවත් | Your Choice Way සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද උදාවෙයි / තවත් කොරෝනා ආසාදිතයින් 11ක් හමුවේ- මුළු ගණන 210 දක්වා ඉහළට : අනෙකුත් පුවත් | Your Choice Way Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 13, 2020 Rating: 5

0 comments:

Post a Comment