කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට / මෙරට කොරෝනා ආසාදිතයන් 110 දක්වා ඉහළට - චෙන්නායි සිට දිවයිනට පැමිණියේ නම් නිරෝධායනය අනිවාර්ය කෙරේ (වීඩියෝ)

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට
කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක් වයසැති අයෙක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ කියාසිටියේ.
මෙය කොරෝනා වෛරස ආසාදනයෙන් ශ්‍රී ලංකාවේ සිදුවූ පළමු මරණයයි.

මියගිය පුද්ගලයා වසර කිහිපයකට පෙර වකුගඩු බද්ධ කිරීමකට ලක්ව ඇති අතර දියවැඩියාව සහ අධික රුධිර පීඩනයෙන් ද පෙළුනු අයෙක් බව අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා.


මෙරට කොරෝනා ආසාදිතයන් 110 දක්වා ඉහළට - චෙන්නායි සිට දිවයිනට පැමිණියේ නම් නිරෝධායනය අනිවාර්ය කෙරේ (වීඩියෝ)
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 4 දෙනෙකු අද හඳුනා ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

ඒ අනුව, මෙරට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ද 110 දක්වා ඉහළ යනු ඇති.

අද දිනයේදී කොළඹ ජාතික රෝහල, හලාවත මූලික රෝහල සහ මහනුවර ජාතික රෝහල්වලින් එම රෝගීන් 4 දෙනා වාර්තා වී තිබෙනවා.

ඉන් දෙදෙනකුම ඉන්දියාවේ - චෙන්නායි නුවර සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවටයි වාර්තා වන්නේ.

එක් අයෙකු අකුරණ ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර, අනෙක් පුද්ගලයා හලාවත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවටයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.

දැනට පවතින තත්ත්වය හමුවේ පසුගිය දින 14 තුළ චෙන්නායි සිට පැමිණ ඇති සියලූම පුද්ගලයින් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හමුවී නිරෝධායන කටයුතු සඳහා යොමුවීම අනිවාර්ය බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ.

මේ අතර, දැනට කොරෝනා ආසාදිත රෝගීන් 87 දෙනෙකු අයි.ඩී.එච්.රෝහලෙත්, තවත් 9 දෙනෙකු වැලිකන්ද රෝහලෙත්, එක් අයෙකු මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම, වයස අවුරුදු 13 ට අඩු කුඩා දරුවන් 4 දෙනෙකු ද කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් දැනට ප්‍රතිකාර ලබන්නේ කොළඹ අයි.ඩී.එච්.රෝහලේයි.

මේ අතර, අද දිනයේදීත් කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ දෙදෙනෙකු අයි.ඩී.එච්. රෝහලෙන් පිටව ගියා.

මීට අමතරව, කොරෝනා වෛරසය තවත් කොරෝනා ආසාදිත බවට සැක කෙරෙන පුද්ගලයින් 199 දෙනෙකු දිවයිනේ රෝහල් 21 ක වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

එමෙන්ම, කොරෝනා ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් අංගොඩ බෝවන රෝග විද්‍යායතන පරිශ්‍රයේ දින 9ක් තුළ ඉදිකළ නව ගොඩනැගිල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට භාර දීම අද සිදුකෙරුණා.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන පුද්ගලයන් 20 දෙනෙකු පමණ හෝමාගම මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබනවා.

ඔවුන්ගේ රෝගී සත්කාරක කටයුතු සඳහා රෝබෝ යන්ත්‍ර මගින් සහය වීම අද සිට ආරම්භ කරනු ලැබුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහගේ ප්‍රධානත්වයෙන්.

loading...
කොරෝනා බවට සැක කරන රෝගීන්ට ඖෂධ ලබාදීම, ආහාර ලබාදීම, පරික්ෂණ වාර්තා රෝගීන් වෙත ගෙන යාම, මෙන්ම රෝගීන් විසින් ලබාදෙන තොරතුරු වෛද්‍යවරුන් වෙත රැගෙන යාම සහ වෛද්‍ය උපදෙස් රෝගීන් වෙත සම්ප්‍රේෂණය කිරීම ද එම රොබෝ යන්ත්‍රය මගින් සිදුකිරීමට හැකියාව පවතිනවා.

මේ අතර, වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ ජූලි මාසය වනතුරු කොරෝනා වෛරසයේ බලපෑම් නිම නොවනු ඇති බවයි.


View the original article here
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට / මෙරට කොරෝනා ආසාදිතයන් 110 දක්වා ඉහළට - චෙන්නායි සිට දිවයිනට පැමිණියේ නම් නිරෝධායනය අනිවාර්ය කෙරේ (වීඩියෝ) කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට / මෙරට කොරෝනා ආසාදිතයන් 110 දක්වා ඉහළට - චෙන්නායි සිට දිවයිනට පැමිණියේ නම් නිරෝධායනය අනිවාර්ය කෙරේ (වීඩියෝ) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2020 Rating: 5

0 comments:

Post a Comment