ඇවිදින්න බැරි බලු පැටියාගේ පරවි යාලුවා

පොඩි ප්‍රශ්නයක් අහන්නද ? ලෝකයේ එන්න එන්න වැඩියෙන්ම හොඳ මිනිස්සුද සතුන්ද? ඔන්න අපි මේ ප්‍රශ්නයට උත්තරයකුත් මේ ලිපියෙන් ඇරන් ආවා.අද අපි කියලා දෙන්න යන්නේ අමුතුම කතාවක් ගැන. මේ කතාව ඔයා කියෙව්වට පසේ මන් ආහපු ප්‍රශ්නයට උත්තරෙත් ලැබෙයි එහෙනම් වැඩි කතා නැතුව මේ ලිපිය කියවන්න පටන් ගන්න.

ලුන්ඩි, කියන්නේ මාස දෙකක බලු පැටියෙක්.එත් එයා ඇවිදින්න බැරි ගැටළුවකින් පිඩා විදිනවා.එයාගේ කොඳු ඇට පෙළට හානි වීම නිසා තමයි මේ බලු පැටියට ඇවිදින්න බැරි. ඔහුගේ තත්වය දුටු උතුරු කැරොලිනා සතුන් ඇති කරන්නෙකු විසින් මේ පුංචි බලු පැටියව නිව් යෝර්ක්හි තිබෙන සතුන් ගලවා ගැනීමේ පදනමක් වන මියා පදනමට භාර දෙනවා.

නමුත් මේ පුංචි බලු පැටියාගේ කොඳු ඇට පෙළට ගොඩක් හානි වෙලා තිබෙන නිසා එයාගේ රෝගය සුව කරන්න බැරි වෙනවා. ඒ කියන්නේ මේ පුංචි බලු පැටියාට කවදාවත් කකුල් හතරෙන් ඇවිදින්න බෑ.එයාට එකම තැනට වෙලා තමයි ඉන්න වෙන්නේ.කොච්චර දුක හිතෙන දෙයක්ද නේද? අපි හැමෝටම අවාසනාවන්ත දේවල් සිදු වෙනවා වගේම වාසනාවන්ත දේවලුත් කොයි වෙලා හරි සිදුවෙනවානේ.

ඉතින් ඇවිදගන්න බැරි එක තැනකට වෙලා ඉන්න මේ පුංචි බලු පැටියත් වාසනාවක් ලැබෙනවා හැබැයි රෝගය සුව කරගන්න නෙවෙයි.මේයාගේ තනියට අපුරු කෙනෙක් එක්ක යාළුවෙනවා.ඒ තමයි තවත් මෙයා වගේම අසරණ උන පියාසර කරන්න බැරි හර්මන් නැමති පරවියෙක්.මේ මිතුදම කොච්චරද කිවොත් මේ දෙන්නා තුරුල් වෙලා එකට නිදාගන්නවා සෙල්ලම් කරනවා.හරි අපුරුයි නේද මේ දෙන්නගේ මිතුරුකම.මිනිසුන් අතර නැති සමහරක් ගුණ ධර්ම සතුන් ලෝකයටම කියා දෙනවා කියන්න හොදම කතාවක් තමයි ලුන්ඩි හා හර්මන්ගේ අපුරු මිතුරුකම.

මියා පදනමේ නිර්මාතෘ සූ රොජර්ස් මේ අපුරු මිතුරුකම ගැන කිවේ මේ විදියට
“මම හර්මන්ව සුනඛ ඇඳක් මත තබා ලුන්ඩි රැකබලා ගන්න පටන් ගත්තා.මම ලුන්ඩිව ඔහු අසලම සුනඛ ඇඳක තමයි තිබ්බේ. ඔවුන් ඉතා හුරුබුහුටි ආකාරයකින් යාලුවන් වෙන්නට පටන් ගත්තා’

රොජර්ස්ගේ ඉලක්කය වන්නේ ලුන්ඩි රෝද පුටුවක් භාවිතා කරලා ඔහුගේ ඇවිදින්න බැරි ගැටළුවට පිළියමක් හොයන්න. ඒ වගේම ඔවුන්ව හදා වඩා ගන්න පුලුවන් පවුලක් හොයා ගැනීමට ද ඔවුන් අපේක්ෂා කරනවා.ඉතින් අපිත් ප්‍රාර්ථානා කරමු ලුන්ඩිට හා හර්මන්ට ගොඩක්ඩක් ආදරය කරන හොද පවුලක් ලැබෙන්න කියලා.ඔයටත් හිතෙනවා ඇති නේද ලුන්ඩිව ගෙදර ගෙනත් බලාගන්න තිබ්බනම් කියලා.ලුන්ඩිවගේ අසරණ උන සතුන් ඕනෑ තරම් ලංකාවෙත් ඉන්නවා කියලා මතකේ තබාගන්න. .

ලුන්ඩි බලාගන්න රොජර්ස්ගේ විශේෂත්වයක වන්නේ අඩුපාඩු සහිත උපත් සතුන්ට උපකාර කිරීමයි. ඇයගේ මැදිහත්වීම තිබ්බේ නැත්නම් අසරණ ලුන්ඩිවගේ ගොඩක් සුරතල් සතුන් අද ජීවිතය හැර ගොසින් ඉතින් මේවගේ හිත හොද මිනිස්සු ලෝකයේ හැමතැනම ඉන්නවානම් මේ ලෝකය අද ගොඩක් ලස්සනයි.ඇයට මේ වගේ තව අතවත් සතුන්ට පිහිට වෙන්න ලැබේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු.

ලුන්ඩි සහ හර්මන් වගේම තවත් සිත්ගන්නා කතාවක් ලෝකය පුරා පැතිර ගියා ඒ තමයි එක්සත් ජනපදයේ පිහිටි ජර්සි හි වෙස්ට් ඔරේන්ජ් හි කැස්බෑවා සත්වෝද්‍යානයේ(At the Turtle Zoo in West Orange, New Jersey ජීවත් වන චීටෙක් සහ බල්ලෙක් ගැන මේ දෙන්නගේ නම් තමයි නන්දි සහ බෝවී.

නන්දි සහ බෝවීගේ යාළුකමට දැන් අවුරුද්දකට වැඩිලු ඒවගේම මේ දෙන්න ගොඩක් කැමතිලු පොරබැදීමටත් ඔවුන්ගේ සෙල්ලම් බඩු එකිනෙකා සමඟ බෙදා ගන්න.ඒවගේම නැන්දිගේ ආරක්ෂකයා තමයි බෝවී කියන්නේ මොකද දන්නවද නන්දි කියන්නේ ඉතින් චීටා ධේනුවක් නේ. මේ දෙන්නා යාළුවෙලා තියන්නේ ඉපදිලා සති කිහිපයක් ගියාට පස්සේ සත්වෝද්‍යානයේ සත්ව පුහුණුකරුවන් මේ දෙන්නම එකට තමයි තියලා තියෙන්නේ .ඉතින් කාලයක් යනකොට දෙන්න හොද යාලුවෝ වෙලා.ඉතින් මේ දෙන්න අන්තිමෙට ප්‍රේම වන්තයෝ වෙයිද දන්නේ නෑ ඉ මොකද ඉතින් ගොඩක් ආදර සම්බන්දතා පන්ටන් ගන්නෙත් යාලුකමෙන්නේ.

loading...
නන්දි සහ බෝවී ලුන්ඩි සහ හර්මන් මේ වගේ සතුන්ගේ මිතුදම් ගැන මොකද හිතෙන්න අපි කුලය, ජාතිය, ආගම බල බලා යාළුවො හොයද්දි නන්දි සහ බෝවී ලුන්ඩි සහ හර්මන් ලෝකයටම හොද පාඩමක් කියලා දෙනවා අවංක ආදරය සෙනෙහස තියෙනවනම් මේ ලෝකයේ ජීවත්වෙන ඕනෑම කෙනෙක් එක්ක ඕනෑම කෙනෙකුට සතුටින් ජීවත් වෙන්න පුළුවන්.හැබැයි අවංකම දයාව කරුණාව හදවතේ තියෙන්න ඕනේ ඉතින්.

මේ කතාව ගැන ඔයාලට මොකද හිතෙන්නේ ඔයාගේ අදහස අපෙත් එක්ක බෙදාගන්න අමතක කරන්න එපා. හෙළ රහස් මේ වගේ වටිනා කතාවක් ආයෙත් ඇරන් එන්නම් ඔබට සුබ දවසක් වේවා.

උපුටා ගැනීමකි...
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇවිදින්න බැරි බලු පැටියාගේ පරවි යාලුවා ඇවිදින්න බැරි බලු පැටියාගේ පරවි යාලුවා Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 30, 2020 Rating: 5

0 comments:

Post a Comment