හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න

හැමෝම ආදරේ කරන පුංචි කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න - Photos

Covid 19 මේ වෙද්දී ලෝකයක්ම කණපිට හරවලා. ලෝකයේ දන්න කියන හැම අහුමුල්ලකම රිංගගත්ත මේ දරුණු වෛරසය 14, 641කගේ ජීවිත උදුරගෙන.

මේ අතරතුර ඊයේ පෙරේදා දවසක ලෝක බලවතුන්, 'වට්ස්ඇප්' යෙදෙවුමටත් චෝදනා කරලා තිබුණා. ඒ වට්ස්ඇප් ඔස්සේ ව්‍යාජ පුවත් දහස් ගණනින් හුවමාරු වන නිසාවෙනුයි.

කොහොම වුණත්, ඒ විදිහට ව්‍යාප්ත වුණු තවත් ව්‍යාජ වීඩියෝවක් නිසා සමාජ මාධ්‍ය උණුසුම් වෙලා.

ඒ කතාවට කලින්, මේ කතාවේ ප්‍රධාන කතා නායිකාව ගැන කියලා ඉන්නම්. ඇය නමින්... අනහිතා හෂෙමිනෙජාඩ් (Anahita Hasheminejad).

නමින් නොදන්නවා ඇති. හැබැයි මේ පුංචි කෙල්ලගේ මුහුණත් තහඩුවනම් ඔබට බොහෝම හුරුපුරුදු ඇති.

ඇය පුංචි නිරූපිකාවක්. ඉන්නේ ඉරානයේ. දැන් අවුරුදු හතරයි වයස මෙයාගේ.

හැමෝම කියන විදිහට මෙයා තමයි "ලෝකේ ලස්සනම ගෑණු ළමයා" එයාගේ හුරතල් හිනාව නිසාම සමහර අය "ඩිම්පල් ගර්ල්" කියලත් කියනවා.

හැමෝම බොහෝම ආදරේ කරපු මේ දැරිවිගේ වීඩියෝ, ඡායාරූප මිලියන ගණනින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය ඔස්සේ හුවමාරු වුණා.

කොහොම වුණත්... දැන් එකපාරම මේ දැරිවිට "කොරෝනා හැදිලා අසාධ්‍යයි" කියලා ලංකාවේ අය වගේම අනිත් හැමෝමත් පෝස්ට් ශෙයා කරන්න පටන් අරගෙන.

ඒක විශ්වාස කරපු හුඟක් අය ඒකට කමෙන්ට් කරලා තිබුණා.

ඉතින්... ඇත්තටම මේ පුංචි කෙල්ලට කොරෝනා හැදිලා නම් නැහැ.

ඇය බොහෝම හොඳින් ඉන්නවා. ඇගේ කියලා හුවමාරු වෙන වීඩියෝවේ ඉන්න කෙනා ගැන නම් අපි හරියටම දන්නේ නෑ.
කොහොම වුණත්.. ඒ වීඩියෝ එක පරණ එකක් කියලයි දැනගන්න ලැබෙන්නේ.

අනහිතා හෂෙමිනෙජාඩ්ගේ ඉන්ස්ටග්රෑම් එකෙත් "ඇය ඉතාම හොඳින් ඉන්න" බවට "කමෙන්ට්" එහෙම වැටිලා තිබුණා.

ඒ නිසා.... මුහුණූ පොතේ දකින දකින දේ ශෙයා කරන්න කලින්... ඒ ගැන හොඳට හොයලා බලන්න වෙනවා කියලයි අපිට කියන්න තියෙන්නේ.


View my Flipboard Magazine.
උපුටා ගැනීමකි..
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න හැමෝම ආදරේ කරන පුංචි ඩිම්පල් කෙල්ලටත් කොරෝනා වැළඳිලාද - බුකියම කැළඹූ කතාවේ ඇත්ත නැත්ත මෙන්න Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 28, 2020 Rating: 5

0 comments:

Post a Comment