ඇඳිරි නීතිය පිලිබඳ සංශෝධිත නිවේදනයක් / කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් තවත් සහන රැසක් - 5000ක දීමනාවක් / රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ස්වයං රැකියා කරන්නන්ටත් සහන / ලොව පුරා කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 37, 780 දක්වා ඉහළට / ලොව පුරා කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 37, 780 දක්වා ඉහළට / කොරෝනා පාලනයට චීනයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ලංකාවට තෑග්ගක් - ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් වෛද්‍ය ආධාර රැගෙන එයි

ඇඳිරි නීතිය පිලිබඳ සංශෝධිත නිවේදනයක්
කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වනතුරු දිගටම බලාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

සෙසු සියළු දිස්ත්‍රික්කවල ඊයේ (30) දහවල් 2.00ට යළි පනවනු ලැබූ ඇඳිරි නීතිය අප්‍රේල් 01, බදාදා උදෑසන 6.00 දක්වා බල පැවැත් වෙනවා.
මේ දිස්ත්‍රික්කවල අප්‍රේල් 01 දහවල් 2.00ට ඇඳිරි නීතිය යළි පනවනු ලැබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කළ සංශෝධිත නිවේදනය පහතින්.

කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් තවත් සහන රැසක් - 5000ක දීමනාවක්


නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්විය හැකි පවුල් සහ පුද්ගලයන් සඳහා තවත් මූල්‍යමය සහ ද්‍රව්‍යමය සහන රැසක් ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ස්වයං රැකියා කරන්නන්ටත් සහන
ගර්භනී මාතාවන් සහ මන්ද පෝෂිත දරුවන් සඳහා ත්‍රිපෝෂ සහ වෙනත් පෝෂණ ද්‍රව්‍ය නිවෙස් වෙත ඝෘජුවම සැපයීම ද ජනාධිපතිවරයා ජනතාවට ලබාදුන් නවතම සහන අතර වනවා.

645,179ක් වන විශ්‍රාමික රජයේ සේවකයන්ට විශ්‍රාම වැටුප ගෙවීමද මීට අයත්.

1,500,000ක් වන රජයේ සේවකයන්ගේ අප්‍රේල් මස වැටුප ගෙවන අතර වැටුප මත ණය මුදල් අය කිරීම නැවත දන්වන තුරු අත්හිටුවීමද මේ සහන අතර වනවා.

ත්‍රිරෝද රථ, ට්‍රක් රථ, පාසල් බස් සහ වෑන් රථ සහ ස්වයං රැකියා සඳහා භාවිත මෝටර් රථ හිමියන් ඇතුළු ස්වයං රැකියාවල නිරත 1,500,000ක් දෙනාට කල් බදු වාරික සඳහා සහන සැලසීමද ඊට ඇතුළත්.

උද්ගතව ඇති තත්ත්වය හමුවේ ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පෞද්ගලික ව්‍යාපාරවලට ද සහන ලබාබවද එහි දැක්වෙනවා.

රු 5000 දීමනාව හිමිවන්නේ පහත පුද්ගල කණ්ඩායම්වලටයි.

- වැඩිහිටි දීමනා ලාභී 416,764 දෙනාට සහ වැඩිහිටියන් ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනගතව සිටින 142,345 කට රුපියල් 5000/- ක් ගෙවීම.

- ආබාධිත දීමනාලාභී 84,071 සහ ආබාධිත ලෙස හඳුනාගනු ලැබ, පොරොත්තු ලේඛනයේ සිටින 35,229ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව පිරිනැමීම.

- ගොවි රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ලියාපදිංචි 160,675 වන ගොවීන්ට ද රුපියල් 5,000/- දීමනාව හිමිකරදීම.

- වකුගඩු රෝගී දිමනාලාභී 25,320ක් සහ පොරොත්තු ලේඛනයේ සිටින 13,850 ක් දෙනාට ද රුපියල් 5,000/- දීමනාව ගෙවීම.

- සමෘද්ධි හිමිකම්ලාභී 1,798,655ක් දෙනාට සහ පොරොත්තු ලේඛනගත පවුල් 600,339 දෙනාට රුපියල් 5,000/- දීමනාව සමෘද්ධි බැංකුව / සමෘද්ධි අධිකාරිය මගින් ගෙවීම.

ලොව පුරා කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 37, 780 දක්වා ඉහළට
ලොව පුරා කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 37, 780 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 784, 381ක් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ගතවුණු පැය 24 තුළ ස්පාඤ්ඤයේ 913ක් වෛරසයෙන් මිය ගොස් තිබෙනවා.

කොරෝනා පාලනයට චීනයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ලංකාවට තෑග්ගක් - ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් වෛද්‍ය ආධාර රැගෙන එයි
චීනයේ වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් විසින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත වෛද්‍ය ආධාර තොගයක් පරිත්‍යාග කර තිබෙනවා. ඒ අනුව පරිත්‍යාග කරන ලද වෛද්‍ය ආධාර තොගය ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි චීනයේ ෂැංහයි නුවර සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙනවිත් තිබෙනවා.

 මුහුණු ආවරණ , ආරක්ෂිත ඇදුම් , ඇස් කණ්නාඩි , මුහුණු ආරක්ෂණ ආවරණ , නෙබියුලයිසර් , ස්පන්දන ඔක්සිමීටර් , උෂ්ණත්වමාන සහ ග්ලූකෝමීටර් එම වෛද්‍ය ආධාර තොගයට අයත් අතර ඒවා  රජයේ රෝහල් වෙත බෙදාදීමට නියමිත තිබෙනවා. 

 මෙම වෛද්‍ය ආධාර තොගය චීනයේ ෂැංහයි සහ ග්වැන්ෂෝ නුවර සිටින ශ්‍රී ලංකා තානාපතිවරුන් වෙතයි පරිත්‍යාග කර තිබුණේ.


View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඇඳිරි නීතිය පිලිබඳ සංශෝධිත නිවේදනයක් / කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් තවත් සහන රැසක් - 5000ක දීමනාවක් / රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ස්වයං රැකියා කරන්නන්ටත් සහන / ලොව පුරා කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 37, 780 දක්වා ඉහළට / ලොව පුරා කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 37, 780 දක්වා ඉහළට / කොරෝනා පාලනයට චීනයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ලංකාවට තෑග්ගක් - ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් වෛද්‍ය ආධාර රැගෙන එයි ඇඳිරි නීතිය පිලිබඳ සංශෝධිත නිවේදනයක් / කොරෝනා තර්ජනය හමුවේ පීඩාවට පත් ජනතාවට ජනපතිගෙන් තවත් සහන රැසක් - 5000ක දීමනාවක් / රජයේ සේවකයන්ට, විශ්‍රාමිකයන්ට, ස්වයං රැකියා කරන්නන්ටත් සහන / ලොව පුරා කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 37, 780 දක්වා ඉහළට / ලොව පුරා කොවිඩ් -19 ආසාදිත මරණ සංඛ්‍යාව 37, 780 දක්වා ඉහළට / කොරෝනා පාලනයට චීනයේ ශ්‍රී ලාංකිකයින්ගෙන් ලංකාවට තෑග්ගක් - ශ්‍රී ලන්කන් ගුවන් යානයකින් වෛද්‍ය ආධාර රැගෙන එයි Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 31, 2020 Rating: 5

0 comments:

Post a Comment