කොරෝනා වෛරසයෙන් ලන්ඩනයේදී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු මරුට / ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඉහලට / බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව / කොරෝනා රෝගීන් සංඛ්‍යාව 115ක් දක්වා ඉහලට - තවත් ගම්මාන දෙකක් මුද්‍රා තබයි / කොරෝනා නිසා ලෝක බලවතුන් අසරණ වෙද්දී, පහසුකම් රැසක් සපිරි රොබෝ වෛද්‍යවරයෙකු නිපදවූ අපේ පාසල් සිසුවා (VIDEO)

කොරෝනා වෛරසයෙන් ලන්ඩනයේදී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු මරුට
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ලන්ඩනයේදී තවත් ශ්‍රී ලාංකිකයෙකු මියගොස් තිබෙනවා.

70 හැවිරිදි ඔහු විශ්‍රාමික වෛද්‍යවරයෙකු වන හෙන්රි ජයවර්ධන ලෙසට හඳුනාගෙන ඇති බවයි හෙළිවී ඇත්තේ.
කොරෝනා වෛරසය ආසාදනය හේතුවෙන් ලන්ඩනයේදී මියගිය දෙවන ලාංකිකයා ද මෙම පුද්ගලයායි.

ඊයේ දිනයේදී ද වෛරසය ආසාදනයෙන් ශ්‍රී ලාංකික පුද්ගලයෙකු ලන්ඩනයේදී මරණයට පත් වුනා.

මහරගම වත්තෙගෙදර ප්‍රදේශයේ වයස අවුරුදු 55ක් වන ලක්ෂේන් විජේරත්න නම් ඔහු ලන්ඩනයේ ෆෙල්තම්හි පදිංචිව සිට ඇති බවයි වාර්තා වන්නේ.

දරුවන් තිදෙනෙකුගේ පියෙක් වන ඔහු කොරෝනා වෛරසය ආසාදනයෙන් පසු දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

මේ අතර පසුගියදා ස්විට්සර්ලන්තයේදී කොරෝනා වෛරසය ආසාදනයෙන් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු මරණයට පත්වුනා.

වෛරසය ආසාදනයෙන් මියගිය පළමු ශ්‍රී ලාංකිකයා ද ඔහුයි.

ඔහු යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඉහලට
මෝදි රජය විසින් දින 21ක් මුළු රටම වසා දැමීමට තීරණය කළ බිලියන 1.3 ක් ජනයා වෙසෙන ඉන්දියාවේ ග්‍රාමීය දුගී ජනතාවට ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම ගැටළුවක් වී ඇති බව වාර්තාවනවා.

නිරෝධායන කාලය ආරම්භවීමට පෙර ගම් බිම් බලා යාමට පැමිණි ජනයා නගරවල බස් නැවතුම්පලවලට එක්රැස්වූයේ අවදානම් ලෙසින්.

ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 987 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන්දියාවෙන් කොරෝනා මරණ 24ක්ද වාර්තාවුණා.

බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව
කොළඹ, ගම්පහ, කලුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත දන්වන තෙක් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

සෙසු සියලුම දිස්ත්‍රික්වල හෙට (30) උදෑසන 6ට ඇඳිරි නීතිය ලිහිල් කෛරන අතර පස්වරු 2ට යළි පනවනු ලබනවා.

අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා.

අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම වෙනුවෙන් යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය නතර කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා බැවින් එම ක්‍රියාමාර්ග සහ උපදෙස් වගකීමෙන් පිළිපදින ලෙසට ද රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කලුතර දිස්ත්‍රික්කයේ අටලුගම සහ මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදෙකලා ප්‍රදේශ ලෙසට නම්කර තිබෙනවා.

කිසිවෙකුට හෝ මෙම ගම්මාන දෙකට ඇතුලුවීම හෝ ඉන් පිටවීම සම්පූර්ණයෙන් තහනම් බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් කියාසිටියේ.

කොරෝනා රෝගීන් සංඛ්‍යාව 115ක් දක්වා ඉහලට - තවත් ගම්මාන දෙකක් මුද්‍රා තබයි
නව කොරෝනා වෛරසය වැළදුණු මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. වෛරසය වැළදුණු මෙම පිරිසගෙන් පුද්ගලයින් 09 දෙනෙක් මේවන විට සුවය ලබා  රෝහලෙන් පිටව ගොස් ඇති අතර තවත් එක් පුද්ගලයෙක් ඊයේ දිනයේදී ජිවිතක්ෂයට පත්වූවා.

මේ අතර මහනුවර අකුරණ ප්‍රදේශයේ ගම්මානයක් සහ පුත්තලම කඩයම්කුලම ප්‍රදේශයේ ගම්මාන දෙකක ජනතාව සම්පූර්ණයෙන් නිරෝධායනය සඳහා පියවර ගෙන තිබෙනවා. නව කොරෝනා වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු එම ප්‍රදේශවලින් හමුවීමත් සමඟ මෙම තීරණය ගත් බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

එසේම විදෙස්ගතව සිට පැමිණ නිරෝධායන කටයුතු සඳහා ලියාපදිංචි නොවූ පුද්ගලයන් එම ප්‍රදේශවල රැදී සිටි බවට අනාවරණය වී අැති අතර ඒ අනුව අදාළ ප්‍රදේශවලට ඇතුළු වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් වනවා.  

තවද බණ්ඩාරගම අටලුගම ප්‍රදේශය ද සම්පූර්ණයෙන් වසා දැමීමට පසුගියදා ආරක්ෂක අංශ පියවර ගනු ලැබුවා.
loading...
කොරෝනා නිසා ලෝක බලවතුන් අසරණ වෙද්දී, පහසුකම් රැසක් සපිරි රොබෝ වෛද්‍යවරයෙකු නිපදවූ අපේ පාසල් සිසුවා (VIDEO)
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මේවන විට ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. මේ හේතුවෙන් කොරෝනා ආසාධිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා වෛද්‍යවරුන්ට ජීවිත අවධානමද නොතකා කටයුතු කිරීමට සිදුව තිබෙනවා. එසේම කොරෝනා ආසාධිතයින්ට ප්‍රතිකාර කළ ලොවපුරා වෛද්‍යවරු සහ සෞඛ්‍ය අංශවල බොහෝ දෙනෙකුට වෛරසය ආසාදන වී තිබුණා.

මෙම තත්වය තේරුම් ගත්  ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ 10 ශ්‍රේණියේ ඉගනුම ලබන තේජන දෙවුමිණ සිසුවා විසින් රොබෝ යන්ත්‍රානුසාරයෙන් වෛද්‍ය කටයුතු සිදුකිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබෙනවා.

එම රොබෝ යන්ත්‍රයේ ඇති සංවේදක මගින් ස්වයංක්‍රීයව රෝගියාගේ රුධිර පීඩනය, හෘද ස්පන්ධනය, උෂ්ණත්වය ඇතුළු බොහෝ දේ හඳුනාගනිමින් එය අන්තර්ජාල පහසුකම හරහා වෛද්‍යවරයාගේ දුරකතනයට ලබා ගැනීමේ පහසුකම සළසා තිබෙනවා. තවද අන්තර්ජාල පහසුකම් නොමැති අවස්ථාවක වුවද කෙටි පණිවිඩ හරහා රෝගියාගේ තත්ව වාර්තාව වෛද්‍යවරයාට ලබා ගැනීමේ පහසුකමද මෙහි ඇතුලත්.

ඒ අනුව සෑම මිනිත්තු 15 කට වරක්ම වෛද්‍යවරයාගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මඟින් රෝගියාගේ රෝග ලක්ෂණ ලැබෙන ආකාරයටයි මෙය නිර්මාණය කර තිබෙනවා.

කොරෝනා වෛරසය පැතිර යාමත් සමඟ රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට ඇතිවන අපහසුතා හඳුනා ගැනීම නිසා තමන්ට මෙවැනි අදහසක් පැමිණි බව ප්‍රකාශ කළ ඔහු තම නිර්මාණය ගැන වැඩිදුරටත් මෙලෙස කරුණු පැහැදිළි කළා.



View the original article here - 1 2
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
කොරෝනා වෛරසයෙන් ලන්ඩනයේදී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු මරුට / ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඉහලට / බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව / කොරෝනා රෝගීන් සංඛ්‍යාව 115ක් දක්වා ඉහලට - තවත් ගම්මාන දෙකක් මුද්‍රා තබයි / කොරෝනා නිසා ලෝක බලවතුන් අසරණ වෙද්දී, පහසුකම් රැසක් සපිරි රොබෝ වෛද්‍යවරයෙකු නිපදවූ අපේ පාසල් සිසුවා (VIDEO) කොරෝනා වෛරසයෙන් ලන්ඩනයේදී ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙකු මරුට / ඉන්දියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව ඉහලට / බස්නාහිර පළාත, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්වල දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම්දෙන තෙක් අඛණ්ඩව / කොරෝනා රෝගීන් සංඛ්‍යාව 115ක් දක්වා ඉහලට - තවත් ගම්මාන දෙකක් මුද්‍රා තබයි / කොරෝනා නිසා ලෝක බලවතුන් අසරණ වෙද්දී, පහසුකම් රැසක් සපිරි රොබෝ වෛද්‍යවරයෙකු නිපදවූ අපේ පාසල් සිසුවා (VIDEO) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 29, 2020 Rating: 5

0 comments:

Post a Comment