Song Title : Ma Sewu Angana (මා සෙවූ අංගනා)
Artiste, Lyrics, Melody : Mihiran
Music, Mixed & Mastered by @DILUBeats
Keys & Bass : Pahan Sandeepa
තහනම් ප්‍රේම ගීයක්
දෙසවන් අතර මුමුණනා
ලඳුනේ නුඹට ලං වී
ඉන්න බැරි බව තේරුණා
පෙම් දම් කෝම පිරුවත්
පේන තෙක් මානයක හිමිවනා
ලකුණක් නොමැත තිබුනේ
ඉතින් පසෙකින් හිඳිමි මා
තිස්සෙම නුඹ සිහියට එනා
අස්ථිර මතකය ඇවිලුණා
ඉන්නම බැරි තැන
හිනැහුනා දුක දැනුනා හද රිදුනා
ඉස්සර මා සෙවු අංගනා
අන් සන්තක වී දුර පා වුනා
හුස්මක තෙරපී වේදනා
පිට කෙරුනා මං තැවුනා
රැක ගන්න තනිව මා හිත
ගත් ඒ පොරොන්දු
නැතුවත් මගේ ළඟින්
නුඹ ඇත මට වලංගු
එක් පසෙක වී හිඳන්
මම කළ යම් දෙයක් වූ
වේ නම් එයයි ප්‍රේමය
නුඹ මට වැරැද්දු
ඉස්සර මා සෙවු අංගනා
අන් සන්තක වී දුර පා වුනා
හුස්මක තෙරපී වේදනා
පිට කෙරුනා මං තැවුනා
නිදි නේන රෑ
පුරා මා පාරවා
ආලෙන් බැඳෙන්න
දී තව කාරණා
තිස්සෙම නුඹ සිහියට එනා
අස්ථිර මතකය ඇවිලුණා
ඉන්නම බැරි තැන හිනැහුනා
දුක දැනුනා හද රිදුනා
ඉස්සර මා සෙවු අංගනා
අන් සන්තක වී දුර පා වුනා
හුස්මක තෙරපී වේදනා
පිට කෙරුනා මං තැවුනා

0 comments:
Post a Comment