Song Title : Nidahasa (නිදහස)
Singing : Ramesses Reezy
Words brought to life by Minru Silva
Music brought to life by ESCAPE V
Final Sonic Design by Adeesha Beats
Album Art brought to life by Kalana Shehara | SheeyKal
Audio Distribution by Tathmika Rajapaksha of TR Tunes.
Mmh Mmh පිළිගමි සාදරෙන්
වැඩි වැඩියෙන් හැමෝටම වෙන්න ඕනි ආදරේ
Mmh Mmh මේක මගේ සාගරේ
අහසයි පොළොවයි මේකෙන් තමයි අපි යා කරේ
Mmh Mmh මෙහේ කරයි අපි ආස දේ
කළු සුදු හීන හැමදාම මෙහේ පාට වෙයි
Mmh Mmh හිත කියුව පාර මේ
ආරාධනා කරනවා දිව්‍යලෝකේ සාදේ මේ
මනසක නිදහසත් කරලද මිල
වහල් වෙන්න දෙනවද හැඟීමට හිත
බොරවෙන්න දෙන්නෑ මගේ හදවතේ විල
ඉගිලෙන්නයි ඕනි මට වලාකුළුත් බිඳ
ඉන්නේ හීනෙක තමා
පහුකරන් ආවා උඩ අඳුරු වලා
මං තව තරුණ වෙලා
හැබැයි දැන් නම් ඉන්නේ නෙවෙයි පරණ කෙනා
ආව පාර දුරයි
මගේ එවුන් තාම මගේ හදවෙෙත් මුලයි
I wish you well bruh
One day i hope you make it outta this hell bruh
හරියනවා තමයි කාටත් හරියන කාලෙට
බැරිවෙන තැන ඒකයි ඉන්න ඕනි කාගෙන
පැල තියනවා මං ගාව වාරෙට අවාරෙට
ඇප දුන්නේ දෙයියෝ තමයි යාලු කසාදෙට
Mmh Mmh පිළිගමි සාදරෙන්
වැඩි වැඩියෙන් හැමෝටම වෙන්න ඕනි ආදරේ
Mmh Mmh මේක මගේ සාගරේ
අහසයි පොළොවයි මේකෙන් තමයි අපි යා කරේ
Mmh Mmh මෙහේ කරයි අපි ආස දේ
කළු සුදු හීන හැමදාම මෙහේ පාට වෙයි
Mmh Mmh හිත කියුව පාර මේ
ආරාධනා කරනවා දිව්‍යලෝකේ සාදේ මේ
වැඩිපුර නෑ කලේ, අඩුවෙනුත් නෑ කලේ
මට නැත්තං පාලනේ ඒවා විශ්වයට භාර වෙයි
Mmh නෑ මං පමා වුනේ, කරයි දේවල් පාඩුවේ
Mmh මේ පෑනයි පොතයි තිබ්බේ නෑ මාව පාළුවේ
මේ පද ගලපලා කතාව මං ලියයි
මොනාකරන්නද වෙන අපේ හීන මිලයි
වෙලාව බලන්නේ නැතුව වැඩ ඒක නිසයි
මොන විභාග ද අඩෝ මම සීයෙන් සීයයි
නිදහසට කාරණා නෑ අපි ගහනවා ගේම
කොහොම හරි සමබර කරනවා හැම දේම
හැරෙද්දිම උඹ දේවල් ගොඩයි මට පේන
අපි හිරවෙලා ඉන්නෑ යාළු එක දේක
පොඩි තැනින් ලොකු හීන අරන් ආවා ගොඩක්
අපිත් ආසයි කාට උනත් වෙනවනම් හොඳක්
බස් එකේ ගියේ අපිත් අල්ලගෙන කොණක්
දාලා ගියා ගෙදරත් මං මගේ හීන හොයන්
Mmh Mmh පිළිගමි සාදරෙන්
වැඩි වැඩියෙන් හැමෝටම වෙන්න ඕනි ආදරේ
Mmh Mmh මේක මගේ සාගරේ
අහසයි පොළොවයි මේකෙන් තමයි අපි යා කරේ
Mmh Mmh මෙහේ කරයි අපි ආස දේ
කළු සුදු හීන හැමදාම මෙහේ පාට වෙයි
Mmh Mmh හිත කියුව පාර මේ
ආරාධනා කරනවා දිව්‍යලෝකේ සාදේ මේ

0 comments:
Post a Comment