Numba Langa Song Lyrics - නුඹ ළඟ ගීතයේ පද පෙළ

Numba Langa Song Lyrics - නුඹ ළඟ ගීතයේ පද පෙළ
Song Title : Numba Langa (නුඹ ළඟ)
Singing : Yohani De Silva
Producer : Pasan Liyanage
Producer : Yohani
Mastering  Engineer : Misjah
Mixing  Engineer : Pasan Liyanage
Composer : Asiri Perera


නුඹ ළඟ වියැකුණු ඒ මගෙ හැඟුමන්
මත් කරවන දෙනෙතග
රැඳුණා ඒ සුන්දර හද කැල්මන්

විසිරුණු මල් පෙති නොව යළි එක්වන්
රුදු රකුසකු වූ නුඹේ
සිතේ වුණිදෝ මා ගැන බැඳි ඇල්මක්

දුටු මුල් දින නුඹ හට බැඳි හිත
මාරක අපලය වී අද මට
දැල්වූ පන්දම් සිළු මැද මම
දැවුණා නුඹේ රාගී ගින්න මැද

දැවෙනා සිතෙනා
බැඳෙනා විලෙසා
නුඹ හා ගෙවෙනා
කාලය මට යළි නොයෙනා

නුඹ ළඟ වියැකුණු ඒ මගෙ හැඟුමන්
මත් කරවන දෙනෙතග
රැඳුණා ඒ සුන්දර හද කැල්මන්

විසිරුණු මල් පෙති නොව යළි එක්වන්
රුදු රකුසකු වූ නුඹේ
සිතේ වුණිදෝ මා ගැන බැඳි ඇල්මක්

තොල්පෙති සිඹ ඉලිපුණු ළැම අග
නතර වුණා පපුවේ මැද්දක
ආදරෙ නැති කාමයේ පලසක
මිලින කළා හත්පෙති මල අද

හැඟෙනා පෙමිනා
බැඳෙනා නොයනා
නුඹ හා ගෙවෙනා
කාලය මට යළි නොයෙනා

රූ මැද බැඳි හිතක්
මත් කරවන දෙනෙතග
රූ මැද බැඳි හිතක්
විසිරුණු මල්
රූ මැද බැඳි හිතක්
රුදු රකුසකු
රූ මැද බැඳි හිතක්

නුඹ ළඟ වියැකුණු ඒ මගෙ හැඟුමන්
මත් කරවන දෙනෙතග
රැඳුණා ඒ සුන්දර හද කැල්මන්

විසිරුණු මල් පෙති නොව යළි එක්වන්
රුදු රකුසකු වූ නුඹේ
සිතේ වුණිදෝ මා ගැන බැඳි ඇල්මක්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Numba Langa Song Lyrics - නුඹ ළඟ ගීතයේ පද පෙළ Numba Langa Song Lyrics - නුඹ ළඟ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 01, 2024 Rating: 5

0 comments:

Post a Comment