Kella Song Lyrics - කෙල්ල ගීතයේ පද පෙළ

Kella Song Lyrics - කෙල්ල ගීතයේ පද පෙළ
Song Title : Kella (කෙල්ල)
Composed by : Yohani
Lyrics : Dilanjan Seneviratne 
Music Producer : Pasan Liyanage
Creative Producer : Dilanjan Seneviratne 
Animations : Kanchuka Samarakoon


අරුංගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල

පන් සිළු සේ රඟ යෙදි කෙල්ල
පුළුලුකුල පැද්දේ කෙල්ල
තුසිත සිත් මං මත් වේ කෙල්ල
ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී
ඈ මා වේ මා වේ මා වේ
ඈ මා වේ මා වේ මා වේ
ඈ මා වේ මා වේ මා වේ
ඈ මා වේ මා වේ මා වේ

අරුංගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල

රස මනින විවිධ පිළිකුල අතර
මැද ඇලුණු නෙත
පනින පනින තිරවල යස
හරය විනය නැති විස පිරිවර
අසහනයට පිළිවල සිත පැරදුණ
මස අගට ලැබෙන දත්ත සූත්ත්‍ර
මත යැපුණු
හිස මුටට ලියන අර්ථකථන මට දොඩනු
සහ ගහන බසට අන්තර්ජාලයෙ මුහුණු
අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ
රම්‍ය මදිද කඳ සහ ලක්ෂණ
සත්‍ය නොවෙද දිග මදි ශිෂ්ණය
සීඝ්‍ර වුණෙද ශ්..!!! විසර්ජන
ශ්වේත රෙද්දෙ මන්ද අමන රුධිර පරීක්ෂණ

අරුංගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල

පන් සිළු සේ රඟ යෙදි කෙල්ල
පුළුලුකුල පැද්දේ කෙල්ල
තුසිත සිත් මං මත් වේ කෙල්ල
ශෘංගාර වෘත්තාන්ත සෘතුවේ තොස් වී
ඈ මා වේ මා වේ මා වේ
ඈ මා වේ මා වේ මා වේ
ඈ මා වේ මා වේ මා වේ
ඈ මා වේ මා වේ මා වේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kella Song Lyrics - කෙල්ල ගීතයේ පද පෙළ Kella Song Lyrics - කෙල්ල ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 15, 2024 Rating: 5

0 comments:

Post a Comment