Igillenna Udin Yanna Song Lyrics - ඉගිල්ලෙන්න උඩින් යන්න ගීතයේ පද පෙළ

Igillenna Udin Yanna Song Lyrics - ඉගිල්ලෙන්න උඩින් යන්න ගීතයේ පද පෙළ
Song Title : Igillenna Udin Yanna (ඉගිල්ලෙන්න උඩින් යන්න)
ගායනය : සන්ෆ්ලවර්
සංගීතය : සන්ෆ්ලවර්
ගී පද : සන්ෆ්ලවර්


ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා
රාග තාල මාරු වෙවී පාදයේ
ඉඳල හිටල දකින ගමන මාවතේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා

ගෑණියෙක්ද පිරිමියෙක්ද නෑ තේරුණේ
පද්දයි උකුල් කලාපේ
අපි ඔහෙ ඉන්නෙ අනේ අපේ පාඩුවේ
තරහද ඒයි මේ අනේ

වෙද්දු හෙද්දු දොස්තරු කලාකාරයෝ
ඩෝප් දාන වීරයෝ කචල් කාරයෝ
ඔය මොක්කු මොක්කු ළං වුණත් අපේ හාදයෝ
කොක්ක කැත්ත නං එපා අපිත් යාළුවෝ

ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා
රාග තාල මාරු වෙවී පාදයේ
ඉඳල හිටල දකින ගමන මාවතේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා

ඇවිදින මල මිනී වාගෙ ගමන් යන එන
ඩ්‍රැකියුලාල ඉඳියි ඔරවන
ගාල කඩපු හරක් වගේ කඩා බිඳගෙන
තව සමහරු යන්නෙ පිඹගෙන

ගෑණු පිරිමි මේ වගේ ගමන් කරනවා
මේව දැකල දෙයියනේ බයත් හිතෙනවා
ගෑණු පිරිමි මේ වගේ ගමන් කරනවා
මේව දැකල දෙයියනේ බයත් හිතෙනවා

ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා
රාග තාල මාරු වෙවී පාදයේ
ඉඳල හිටල දකින ගමන මාවතේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා

කාසි වාසි හම්බුණාම ලැබුණ උන්දලා
පාරෙ යන්නෙ බොඩිය පුම්බලා
මහන්තත්වෙ ඔළුවෙ තියෙන අපේ මෑන්ස්ලා
උඩින් උඩින් යන්නෙ පියඹලා

එකා වාගෙ ඉපදී එක වාගෙ ඇවිදලා
ලොකු වුණාම ගමන් බිමන් ඇයි වෙනස් වෙලා
එකා වාගෙ ඉපදී එක වාගෙ ඇවිදලා
ලොකු වුණාම ගමන් බිමන් ඇයි වෙනස් වෙලා

ඉගිල්ලෙන්න උඩින් යන්න ඇයි දඟලන්නේ
මිනිස්සුන්ට කකුල් දෙකයි තටු නැහැ එන්නේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා
රාග තාල මාරු වෙවී පාදයේ
ඉඳල හිටල දකින ගමන මාවතේ
ගමනේ යෙදීලා යන හැටි බලාලා
ඇද කුද හොයාලා කියනව ගොතාලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Igillenna Udin Yanna Song Lyrics - ඉගිල්ලෙන්න උඩින් යන්න ගීතයේ පද පෙළ Igillenna Udin Yanna Song Lyrics - ඉගිල්ලෙන්න උඩින් යන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on September 02, 2023 Rating: 5

0 comments:

Post a Comment