Waruwak Song Lyrics - වරුවක් ගීතයේ පද පෙළ

Waruwak Song Lyrics - වරුවක් ගීතයේ පද පෙළ
Song Title : Waruwak (වරුවක්)
Singing : GAYYA
Producer: Dilru Costa
Composer: Gayan Perera
Lyricist: Gayan Perera


කොලොම්පුරේට හද පායලා
වලාගෙන ගී පිරිච්ච තාරකා දැල්වුනා
අනන්ත අප්‍රමාන වේදනා
මේ කී සරාගී චේතනා යලිත් පිබි දුනා

ඇහැට කනට පෙනෙන
නාරිලතා වලලු මාල දමා
හැඩට පාද තබා රගදෙනා

උකුල නිතබ පද්ද පද්ද නලෝලා
රතිය කුපිත කරෝලා
නෙතගින් කතා කරනා

හීතලේ රාත්‍රියේ තුරුලු වීලා
මීවිතෙන් මත්වී වෙලීලා
යහන් ගැබේ විදින්න සුව
යමින් අගනන් සොයා

සේද සලු ඉවතලා
උනුහුමෙන් ඈ දොවා
සිල් කඩා බිද දමා

තොලොන්චි වෙන්නෙමි මෙමා
වෙනතක් බලා
හද එලියටත් හොරා
යලිත් වෙමි හුදකලා
වරුවක් සෙනෙහස පුදා
වරුවක් සෙනෙහස පුදා

සවන් පිනාවී එහි වාදනා
ඇසෙන්නේ ඈත මානයෙන්
මියුරු ගායනා
කරන්නේ කුමටද චෝදනා
විදින්න මේ තියෙන්නේ
දිව්‍ය්ය ලෝකේ තව්තිසා

පදම නොබලා ලගට නවලා ගසා
විස්කි බැරැන්ඩි වැදිච්ච කොල්ලො
චාලි සොයා ඇදෙන්නා

ලගදි අපොස ලියලා
හුස්ම නොගත්තු ලපටි
කෙල්ලෝ කුරුට්ටෝ
හතර ගාතේ ඇදී වැටෙනා

හීතලේ රාත්‍රියේ තුරුලු වීලා
මීවිතෙන් මත්වී වෙලීලා
යහන් ගැබේ විදින්න සුව
යමින් අගනන් සොයා

සේද සලු ඉවතලා
උනුහුමෙන් ඈ දොවා
සිල් කඩා බිද දමා

තොලොන්චි වෙන්නෙමි මෙමා
වෙනතක් බලා
හද එලියටත් හොරා
යලිත් වෙමි හුදකලා

දිවා රෑ පුරා
සලඑලවුන් පිනවනා
නෙලුම් කුළුණ මගේ ඇදවෙලා
වරුවක් සෙනෙහස පුදා
වරුවක් සෙනෙහස පුදා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Waruwak Song Lyrics - වරුවක් ගීතයේ පද පෙළ Waruwak Song Lyrics - වරුවක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on August 30, 2023 Rating: 5

0 comments:

Post a Comment