Wandanawe Yamu Pewila Song Lyrics - වන්දනාවේ යමු පේවීලා ගීතයේ පද පෙළ

Wandanawe Yamu Pewila Song Lyrics - වන්දනාවේ යමු පේවීලා ගීතයේ පද පෙළ
Song Title : Wandanawe Yamu Pewila (වන්දනාවේ යමු පේවීලා)
ගායනය : එම්.කේ. වින්සන්ට් සමග නිර්මලා*
පද : ඩබ්.ඩී.එම්. ඇල්බට්
සංගීතය : එච්.ඩබ්. රූපසිංහ

තනුව උපුටා ගෙන ඇත්තේ "මරාති" බසින් නිෂ්පාදිත සිනමා කෘතියක වූ ගීයකිනි. එම ගීය පිළිබඳ විස්තර පහත දක්වා ඇත.
මේ ගීය පසු කලෙක බොහෝ දෙනෙක් විසින් ගයා ඇත. *මෙම සිංහල ගීයේ ගායිකාව රුක්මණී දේවී තරමටම ජනප්‍රිය ගායිකාවක් විය. එහෙත් ඈ වැඩි කලක් ගායන ලොවේ රැඳී සිටියේ නැත. 1940 - 1945 කාල වකවාණුවේ පමණක් ග්‍රැමෆෝන් තැටිවලටත්, සිනමා කෘති වලටත් ගී ගැයුවාය. "නිර්මලා" යන නමින් ඇය කවුරුත් දැන සිටියත් ඇයගේ සැබෑ නම "මාස් ධර්මානි ආමත්" ය. ඈ මැලේ ජාතික කාන්තාවකි. සිංහල කියවන්නට නොහැකි නිසා රුක්මණී දේවි (ඩේසි ඩැනියල්ස්) ලෙසින්ම ඉංග්‍රීසියෙන් පද ලියා ගෙන ගැයුවාය.
(මරාති ගීය ජන ගී අතරින් ආ එකකි.)


වන්දනාවේ යමු පේවීලා තිසරණ සීලේ
වදින්ටා වදින්ටා රම්‍ය අටමස්ථානේ //

දේව පුරේ සේ සිරි දේ //
පූජනීය ඒ නගරේ //

පූජා දෙමු නිර්වාණේ පතා මෙ පොහො දා //

ත්‍රෙෙලෝනා මුණිරාජා සෙව් සිරිමහබෝධි
දිලේ ශ්‍රී
දිලේ ශ්‍රී
විසල් අනුරා නගරේ

ගාමිණි රාජා තැණු ඒ //
රත්නමාලි චෛත්‍යරජා //
අභයගිරිය ආදී ශුද්ධ අටමස්ථානේ //

අජරාමර දිණූ නිමල් //
ගුණ සාගර තිලෝගුරුන් //
සිහිකරලා බැතිනේ පූජා මේ පොහො දා //

ත්‍රෙෙලෝනා මුණිරාජා සෙව් සිරිමහබෝධි
දිලේ ශ්‍රී
දිලේ ශ්‍රී
විසල් අනුරා නගරේ

මල් සෝදා සුවඳ ජලෙන් //
චන්දන කර්පූර දුමෙන් //
පූජා දී පතමු නිවන් ශ්‍රී සම්පත්ති
පූජා දී පතමු නිවන් ශ්‍රී සම්පත්ති

පූජා දී පතමු නිවන් ශ්‍රී සම්පත්ති
ශ්‍රී සම්පත්ති


මරාති ගීයේ පද

Amhi daivache daivache shetkari re
karu kaam, smaru naam, mukhi ram-hari re 
 
pranavani firti rani
japuniya bail guni
kashth kyel nangruni
devachi swari aali mirgavari re

dhanyachi per jhali
lakhumin kirpa keli
motyanchi ras dili
shivari dole rajapari re

nachtyati por thor
baghdati gur dhor

chala jau samdhya mhor
bigi bigi bigi bigi gadi haku khalyavari re

आम्ही दैवाचे दैवाचे शेतकरी रे
करू काम, स्मरू नाम, मुखी राम हरी रे

प्रानावानि पिर्ती रानी
जुपुनिया बैल गुनी
कष्ट क्येलं नांगरुनी
द्येवाची स्वारी आली मिर्गावरी रे

धान्याची पेर झाली
लक्षुमिनं किर्पा केली
मोत्याची रास दिली
शिवारी पीक डोले राजापरी रे

नाचत्याती पोरं थोरं
बागडती गुरं ढोरं
चला जाऊ समद्या म्होरं
बिगी बिगी बिगी बिगी गाडी हाकू खळ्यावरी रे

Song : Aamhi Daivache Shetakari
Singer : Vasant Desai
Lyricist : Shantaram Athavale
Music Director : Keshavrao Bhole
Movie : Sant Dyaneshwar 1940

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Wandanawe Yamu Pewila Song Lyrics - වන්දනාවේ යමු පේවීලා ගීතයේ පද පෙළ Wandanawe Yamu Pewila Song Lyrics - වන්දනාවේ යමු පේවීලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on May 18, 2023 Rating: 5

0 comments:

Post a Comment