රසම රස චොක්ලට් කේක් එකක් හදමු (Chocolate Cake Hadamu)

රසම රස චොක්ලට් කේක් එකක් හදමු (Chocolate Cake Hadamu) - Your Choice Way
සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් මම අද හැදුවා ලස්සන රසම රස චොක්ලට් කේක් එකක්. මැදටත් චොක්ලට් අයිසින් දැම්මා . උඩත් චොක්ලට්  අයිසින් වලින් ලස්සනට අයිසින් කලා . ලස්සනද බලන්න කෝ. 

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • බටර් හෝ මාජරින් 200g
  • පාන් පිටි 180g
  • කොකෝ පවුඩර් 20g
  • සීනි 200g
  • බිත්තර 3
  • බේකිං පවුඩර් තේ හැදි 1 1/2
  • වැනිලා තේ හැදි 1 1/2
  • කිරි    මේස හැදි 3

✅ සාදා ගන්නා ආකාරය :

  1. පලමුව කේක් එක බේක් කරන ට්‍රේ එක මාජරින් ගා තෙල් කොලයක් එලා එහිත් මාජරින් ගා ලැස්ති කර ගන්න . මම ගත්තේ 7" හාට් හැඩයේ්‍ ට්‍රේ එකක්.
  2. දැන්  පාන් පිටි වලට කොකෝ පවුඩර් සහ  බේකිං පවුඩර් එකතු කර පෙනේරයකින් හලා පැත්තකින් තබන්න .
  3.  භාජනයකට බටර් දමා  බීට් කරන්න ( හදන්න පැය 2 කට කලින් ශිත කරනයෙන් බටර් හෝ මාජරින් එලියට ගන්න ).
  4. පසුව කුඩු කර ගත් සීනි එකතු කර ක්‍රීම් වනතුරු බීට් කරන්න.
  5. දැන් බිත්තර 1 බැගින් දමමින් බීට් කරන්න .පසුව වැනිලා එකතු කර ටිකක් වෙලා බීට් කර කිරි එකතු කර නැවත ටිකක් වෙලා බීට් කරන්න.
  6. දැන්   අවන් එක උෂ්ණත්වය 170ට විනාඩි 10 pre heat කරන්න.
  7. කේක් මිශ්‍රණය ට පාන් පිටි ටික ටික එකතු කරමින්  spatula එකකින් හෝ හැන්දකින් මිශ්‍ර  කරන්න.
  8. දැන් මෙම කේක් මිශ්‍රණය ලෑස්ති කරගත් කේක් ට්‍රේ එකට දමා සමතලා කරන්න . පසුව  මේසය උඩ දෙපාරක් පමණ tap කරන්න.
  9. අවසානෙට විනාඩි 40 ට අවන් එක සෙට් කර බේක් කර ගන්න .මේ මගේ අවන් එකේ.මෙය වෙනස් විය හැකිය.
ධම්මිකා පනංගල
රසම රස චොක්ලට් කේක් එකක් හදමු (Chocolate Cake Hadamu) - Your Choice Way

රසම රස චොක්ලට් කේක් එකක් හදමු (Chocolate Cake Hadamu) - Your Choice Way

රසම රස චොක්ලට් කේක් එකක් හදමු (Chocolate Cake Hadamu) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
රසම රස චොක්ලට් කේක් එකක් හදමු (Chocolate Cake Hadamu) රසම රස චොක්ලට් කේක් එකක් හදමු (Chocolate Cake Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on April 17, 2023 Rating: 5

0 comments:

Post a Comment