Gaganagami Song Lyrics | ගගනගාමි ගීතයේ පද පෙළ

Gaganagami Song Lyrics | ගගනගාමි ගීතයේ පද පෙළ
Song Title : Gaganagami (ගගනගාමි)
Vocals : Tikx Kooda  | Oneesha | Ravindu Meegama
Produced by : Ayeshmantha
Lyrics : Tikx Kooda | Dewdu H Karunarathne | Oneesha | OOSeven
Recorded by : BEE
Mixed & Mastered by : Amila M Wickramasingha (Jaya Records)
Distributed by : AirXone Musik
Digital Media Support : Mathisha Induwara


හැමදාම අලුත් දවසක් කරන් මේ ලෝකේ
හොඳයි කියා හැමදේම හිතන්නයි මට ඕනේ
කලුවර වළාකුලේ රිදී ඉරි හොයන්න
ඒවා එකතු කරන් මගේ කතාව ලියන්න
හිනාවෙන්නයි මට ඕනි
වෙනස් කරන්නේ කෝණේ
බලන්න දිහා ලෝකේ
හිනාවත් එක්ක ශෝකේ
පුදුමයි ජීවිතේ
විඳින්නයි ඕනේ
තරඟයක් මම දැන් යන ගමන පැහැදිලි
තාමත් මතකයන් එක්ක තැවෙන් නෑ දැන් රැවටිලි
මොන තරම් ලෝකේ බාධක
යන්නේ ඇති පාරක
කළුවර පාරක එළියක් හොයන් මම හොයන්නේ
අලුත් ගමනක් පටන් ගන්න එන්න
හීනත් එක්ක පාවී දුරට යන්න
ලැබෙන්නේ එක වතාවයි තීරණ ගන්න
හිනා වෙලා බාධක මැද්දෙන් හීනෙට යන්න

මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනා වේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ

සීතල රෑ මගේ ලෝකෙ පියඹන්
වේදනාව නිම වෙන්නේ නැති නම්
දරාගන්න හිතුවා මන් මෙතරම්
හිනැහෙන්න ඕනි මට වේදනාව පරදන්
හැමදේම වෙන්නේ හොඳකටයි ඒත්
හැමදේම අපිටමයි වෙන්නේ හැමදේ
ගතවෙන්නේ දින ජීවිතේ
එක දවසක මේ හැමදේම නිම වේ
අමතක කළා මන්
නපුරු මතක එක පෙළට අතුරන් යේ
සතුට ගැන හිතුව මන්
හොඳ දවසක් ඒවි කියා සිතේ අද නම්
සඳ නැති රෑ
දහස් ගනන් තරු තිබුණට ඵල නෑ
අහසක සිත තනි වෙන මේ රෑ
විඳ වීම ගැන කවි ලියනවා තව සිතුවිලි නෑ

මගේ ආශ්වාදේ හඬ මට ඇහුනා
ලොව සිනා වේවී සිටි බව දුටුවා
ගගනගාමියෙකු හඳ මත මා
පය තැබූ සිහිනේ ඇස් බැන්දූ
මගේ පියාසැරියේ කාලේ අහසේ රැන්දූ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Gaganagami Song Lyrics | ගගනගාමි ගීතයේ පද පෙළ Gaganagami Song Lyrics | ගගනගාමි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 06, 2023 Rating: 5

0 comments:

Post a Comment