ඩෙසිකේටඩ් කොකනට් කුකීස් හදමු (Desiccated Coconut Cookies)

ඩෙසිකේටඩ් කොකනට් කුකීස් හදමු (Desiccated Coconut Cookies) - Your Choice Way

ඉතාමත් පහසුවෙන් හා අඩු වියදමකින් හදා ගන්න පුළුවන් ගොඩාක් රසවත් කුකී රෙසිපි එකක් මං ඔයාලට අරන් ආවා 😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🥥 ඩෙසිකේටඩ් කොකනට් කෝප්ප 1/2 ක්
  • 🥥 පාන්පිටි කෝප්ප 1 ක්
  • 🥥 බේකින් පවුඩර් තේ හැඳි 1/2 ක්
  • 🥥 කුඩුකර ගත් සීනි කෝප්ප 1/2 ක්
  • 🥥 පොල්තෙල් කෝප්ප 1/2 ක්
  • 🥥 වැනිලා තේ හැඳි 1 ක්
  • 🥥 ලුණුකුඩු තේ හැඳි 1/4 ක්
  • 🥥 කිරි ස්වල්පයක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🍂 මුලින්ම තෙල් , ලුණු සහ කුඩුකරගත් සීනි හොඳින් දිය කර ගන්න.(විස්ක් කරන්න)
  2. 🍂 දැන් එයට ඩෙසිකේටඩ් කොකනට්  එකතු කරන්න.
  3. 🍂 පාන්පිටි සහ බේකින් පවුඩර් එකට හලා එකතු කරන්න.
  4. 🍂 වැනිලා එකතු කර හොඳින් මිශ්‍ර කරමින් කුකී මෝලිය අනා ගන්න.
  5. 🍂 තෙත ගතිය මදි නම් කිරි තේ හැඳි 2,3 ක් එකතු  කරමින් අතේ නොඇලෙන ප්‍රමාණයට අනා ගන්න.
  6. 🍂 ඩෝ එක සමාන කුඩා කොටස් වලට වෙන්කර කුකී හැඩයට සකස් කර ඩෙසිකේටඩ් කොකනට් තවරා තෙල් ආලේප කර ගත් තැටියක අතුරා ගන්න.
  7. 🍂 170 °C න් විනාඩි 10 ක් රත්කර ගත් අවන් එකක විනාඩි 15 ක් 20 ක් පමණ බේක් කර ගන්න.


සැකසුම : © නදීෂා ගමගේ .. - හෙළයේ රස මිහිර
ඩෙසිකේටඩ් කොකනට් කුකීස් හදමු (Desiccated Coconut Cookies) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඩෙසිකේටඩ් කොකනට් කුකීස් හදමු (Desiccated Coconut Cookies) ඩෙසිකේටඩ් කොකනට් කුකීස් හදමු (Desiccated Coconut Cookies) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on March 13, 2023 Rating: 5

0 comments:

Post a Comment