Shawty Song Lyrics | ෂෝටි ගීතයේ පද පෙළ

Shawty Song Lyrics | ෂෝටි ගීතයේ පද පෙළ
Song Title : Shawty (ෂෝටි)
Singing : Lakshitha Mihiran
Hook lyrics by Sandali Pabasara
Rap lyrics by Lakshitha Mihiran, Rusiru Anuththara
Music Composed by Rusiru Anuththara
Mixed, Mastered by Themiya Thejan
Recorded @cyclestudios
Label : MREC Entertainment
Director, DOP, Cutter & Colorist - Vidura Vishwajith @shutterslk
Assistant Director : Rashmitha Abhishek @rashartsphotography
Still Photography : Amiru Ahangama
Production Coordinators : Rusiru Anuththara, Janitha Ahangama
Starred by Chanodya Ganegoda


වශී වී මාගේ නෙතු පියන්
මිදී අඳුරෙන් මා සසල වුණා
අබියස ඔබෙ මුදු වදන්
සසල සළෙළුන් නිසල කරවනා
ඔබේ නෙතු යුග දුටිමි
මා විඳින්නම් ඔබේ ප්‍රේමයන්
මා හදේ මැවුණා වූ සිහිනයක
කල් ගෙවමි ඔබ සමඟින්

මල් සරාගේ දුන්නෙන් ගිලිහුණු ඊතලේ
මම දන්නේ නෑ ඒ හීය මට මොකක්ද කළේ
ඔයාගේ අත ගන්න හීන ගොඩක් හද පතුලේ දිළේ
මල් පිපුණා වගේ මැල වෙන්න ගිය රෝස පැළේ
Shawty (ෂෝටි) මගේ හිත කාන්දමක්
ඇදෙන්නේ ඔයාගේ ළඟට අල්ලගෙන කුරුමානමක්
සමරු පොත ගන්න කියලා දෙන්න පාඩමක්
ඔයා වෙනුවෙන් ගන්නම් මම ඕන අවධානමක්
මාවතේ මා අතේ රන්දා ඇඟිලි තුඩු හිතුමතේ
තුරුලු කරන් සුරතෙන් යන්නයි මං දිගේ
මං හිතෙන් ඔබ ගත සිඹ ගන්නයි දෙන නදේ (ඇගේ)
අහිතකරයි මට අදි සාන්ද්‍ර මත් පෙති
දැන දැනත් නුඹ අත් හරින්න බැරි හැටි
පුරුද්ද නෙමෙයි මේක මගේ ජන්මෙ වෙන්නැති
පස්සෙන් ගෙන්න ගත්තා නේද මාව Shawty (ෂෝටි) දැන් ඇති

වශී වී මාගේ නෙතු පියන්
මිදී අඳුරෙන් මා සසල වුණා
අබියස ඔබෙ මුදු වදන්
සසල සළෙළුන් නිසල කරවනා
ඔබේ නෙතු යුග දුටිමි
මා විඳින්නම් ඔබේ ප්‍රේමයන්
මා හදේ මැවුණා වූ සිහිනයක
කල් ගෙවමි ඔබ සමඟින්

මට පෙන්නන්න පාර හීනෙ කෝඩුකාර
නොකී ආදරේම ලිව්වෙ මම නුඹේ නමට දාව
සඳ ඇති රෑක තැනූ හීන මාලිගාව
හැදුවෙ නුඹට හිත පොඩිකර යන්න එපා දාලා මාව
මං තාම ඔයාගෙ ආඩම්බර නෙතු ගාව
මං මුලාව හොයා ගන්න බැරුව දිශාව
වංකගිරියක ඉන්න මට නුඹයි මාලිමාව
Shawty (ෂෝටි) අහගෙන ඉන්න එන්න මගේ ජීවිත කතාව
ස්වර්ග මෝක්ෂ සැප සිහි වෙනකොට
ඇගෙ රක්ත තප්ත නෙතු ආවේණිකයි මට
කලාව පුද දෙන්න මං වගේ සිත්තරෙකුට
නුඹේ අත හිමි නෑ හඹා එන බොහෝ දෙනෙකුට
නාග කන්‍යාවී මගේ දපනෙ වැටුනා මම
ඔය පින්තාරු කළ රුව සන්ධ්‍යාවකට සම
තණ්හාව ආශාව කැටි කරගෙන
ඔයා ළඟ වස්සන්නම් වැහි මන්දාරම

වශී වී මාගේ නෙතු පියන්
මිදී අඳුරෙන් මා සසල වුණා
අබියස ඔබෙ මුදු වදන්
සසල සළෙළුන් නිසල කරවනා
ඔබේ නෙතු යුග දුටිමි
මා විඳින්නම් ඔබේ ප්‍රේමයන්
මා හදේ මැවුණා වූ සිහිනයක
කල් ගෙවමි ඔබ සමඟින්


Shawty Song Lyrics | ෂෝටි ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shawty Song Lyrics | ෂෝටි ගීතයේ පද පෙළ Shawty Song Lyrics | ෂෝටි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 25, 2023 Rating: 5

0 comments:

Post a Comment