ලෙමන් කේක් හදමු 🍋 (Lemon Cake Hadamu)

ලෙමන් කේක් හදමු 🍋 (Lemon Cake Hadamu) - Your Choice Way

ගොඩාක් දවසකින් ඔයාලට රෙසිපි එකක් ගේන්න බැරි උනා , ඒ ගැන කනගාටුයි 😥 ටික දවසක් අසනීප තත්වයෙන් හිටියේ. ඉතිං ඔන්න රසම රස කේක් රෙසිපි එකක් අරගෙන මං ආවා.

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🍋 තිරිඟු පිටි කෝප්ප 2 ක්
  • 🍋 බිත්තර 4 ක්
  • 🍋 සීනි කෝප්ප 1 ක්
  • 🍋 ඔයිල් හෝ දියකරගත්  බටර් කෝප්ප 1/2 ක්
  • 🍋 බේකින් පවුඩර් තේ හැඳි 2 ක්
  • 🍋 බේකින් සෝඩා තේ හැඳි 1 ක්
  • 🍋 ලෙමන් හෝ දෙහි යුශ මේස හැඳි 3 ක්
  • 🍋 ලෙමන් හෝ දෙහි පොතු ග්‍රේට් කරගත් තේ හැඳි 2 ක්
  • 🍋  අවශ්‍ය නම් ලෙමන් එසන්ස් තේ හැඳි 1 ක්
  • 🍋 කිරි කෝප්ප 1 ක්

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🎂 මුලින්ම භාජනයක් ගෙන බිත්තර දමා විනාඩියක් පමණ බීට් කරන්න.
  2. 🎂 එයට සීනි ටික ටික එකතු කරමින් සීනි දියවන තුරු හොඳින් බීට් කරන්න.
  3. 🎂 දැන් ග්‍රේට් කරගත් දෙහි පොතු සහ ඔයිල් හෝ දියකර ගත් බටර් එකතු කර බීට් කරන්න.
  4. 🎂 දැන් පිටි, බේකින් පවුඩර් , බේකින් සෝඩා එකට හලා ඉහත මිශ්‍රණය ට තුන් වතාවකට එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න.
  5. 🎂 දැන් එයට ලෙමන් යුශ , ලෙමන් එසන්ස් එකතු කරන්න .හොඳින් මිශ්‍ර කරන්න.
  6. 🎂 දැන් කිරි ටික ටික එකතු කරමින් අඩු ස්පීඩ් එකෙන් බීට් කරන්න.
  7. 🎂 බේකින් පේපර් එකක් එලු අඟල් 7 කේක් තැටියක මිශ්‍රණය දමා මදක් තට්ටු කර වායු ඉවත් කර ගන්න.🌺 මිශ්‍රණය තැටියට වැඩි නම් තැටි දෙකකට දමන්න.
  8. 🎂 දැන් 180 °C න් විනාඩි 10 ක් රත්කර ගත් අවන් එකක විනාඩි 30 ක් 35 ක් පමණ බේක් කර ගන්න . ටූත්පික් එකක් ආධාරයෙන් බේක් වෙලාද කියලා බලන්න.
  9. 🎂 කේක් එක බේක් වූ පසු තැටියෙන් ඉවතට ගෙන නිවෙන්න තබන්න.
  10. 🎂 හොඳින් නිවුණු පසු කේක් එක කොටස් 3 කට වෙන් කර ඔයාලා කැමති ආකාරයට සකස් කර ගන්න..
මං මේක කලේ බටර් අයිසින් වලට දෙහි යුශ සහ ලෙමන් එසන්ස් එකතු කරලා ලෙමන් රසැති බටර් අයිසින් වලින්. ඉතිං ඔයාලට ලෙමන් රසැති විපින් ක්‍රීම් හෝ ක්‍රීම් චීස් ෆ්‍රොස්ටින් වගේ කැමති විදියකට සකස් කර ගන්නත්  පුළුවන් .
ඉතාමත් රසවත් කේක් එකක් .ඉතිං ඔයාලත් හදලා රස කියන්නකෝ 😍 

සැකසුම : © නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
ලෙමන් කේක් හදමු 🍋 (Lemon Cake Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ලෙමන් කේක් හදමු 🍋 (Lemon Cake Hadamu) ලෙමන් කේක් හදමු 🍋 (Lemon Cake Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 08, 2023 Rating: 5

0 comments:

Post a Comment