Adare Song Lyrics | ආදරේ ගීතයේ පද පෙළ

Adare Song Lyrics | ආදරේ ගීතයේ පද පෙළ
Song Title : Adare (ආදරේ)
Singing : Thisara Weerasinghe


ඇසේ දැවටෙන සුළඟ ආයෙත්
වැළඳ ගන්නට හිතෙනවා
හිතේ තෙරපෙන දහක් සිතිවිලි
කියාලන්නට හිතෙනවා
ඔහේ පාවුනු ජීවිතේ දැන්
මගේමයි මට හැඟෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
මගෙන් මං ගැන අහනවා

සුළං රැල්ලේ දැවටිලාවත්
ඇවිත් යන්නට හිතෙනවා
නළල් තලයට දෙතොල් ලංකර
හාදු දෙන්නට හිතෙනවා
පියානොපියෙන නෙතුපියන්යට
ඔබේ රූපය මැවෙනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

සුසුම් අතරේ නිදන්ගතපෙම
හිතේ පත්ලට දැනෙනවා
ඔබෙන් දුර හිඳ ගෙවෙන මොහොතක්
කල්පයක් සේ හැඟෙනවා
කියා නොකියූ පෙම්හැඟුම්රස
හදේ උතුරා ගලනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා
ආදරේ..ඒ.. ආදරේ
මගෙන් මං ගැන අහනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adare Song Lyrics | ආදරේ ගීතයේ පද පෙළ Adare Song Lyrics | ආදරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 20, 2023 Rating: 5

0 comments:

Post a Comment