Kawala Wilada Jathi Song Lyrics - කවාලා විළඳ ජාති ගීතයේ පද පෙළ

Kawala Wilada Jathi Song Lyrics - කවාලා විළඳ ජාති ගීතයේ පද පෙළ
Song Title : Kawala Wilada Jathi (කවාලා විළඳ ජාති)
ගායනය : ටී. ශෙල්ටන් පෙරේරා
පද : සිරිසේන විමලවීර
සංගීතය : මොහොමඩ් ගවුස්
"රොඩී කෙල්ල" නූර්තියේ ගීයකි.


කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා //

කිරෙන් කා තෙලෙන් අත සෝදා
අපේ මේ ජීවිතේ රකිනා //

දුවන්නේ සිරැර කූඩුව
මෙහි තබාලා
ආව කල මරුවා //

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා

උපන්නොත් යම් සතෙක් ලෝකේ
මරණයත් කොටා ඇත නළලේ //

තැවෙන්නේ ඇයි තුටින් ඉන්නයි රකින්නේ
ලෝ දහම් මෙලෙසා //

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා

තනුව : මෙහි තනුව කවරෙකුගේ නිර්මානයක් ද යන්න කොතැනකවත් සඳහනක් නැත.මා විසින් කළ සොයා බැලීම් අතරතුර මට එහි මූලාශ්‍රය සොයා ගත හැකි විය. 1938 වසරේදී තිරගතවූ Street Singer චිත්‍රපටියට K.L. Saigal ගායනා කළ "Babul Mora Naihar Chhooto Hi Jaaye" ගීය තුළ "කවාලා විළඳ ජාතී" ගීයේ නාද මාලා මා ස්පර්ශ කළේ වෙනත් ගීයක් පිළිබඳ ගවේෂණයේ යෙදෙමින් සිටිද්දීය."Babul Mora Naihar Chhooto Hi Jaaye" ගීයේ ස්වර මාධූර්යය උකහා ගෙන, ගවුස් මාස්ටර් "කවාලා විළඳ ජාතී" ගීයේ සංගීත වියමන කළ බව පැහැදිලිය.මේ ගීය කිහිප දෙනෙක්ම ගයා තිබෙනවා.මයිකල් පීරිස්ගේ ගායනා වල පද වෙනස්කම් තිබෙනවා. පහත ඇත්තේ මයිකල් පීරිස් ගායනා කරන පදමාලාවය.

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා //

උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ
මරණයත් කොටා ඇත නළලේ //
මරණයත් ඇයිද මේ කෙටුවේ
මහබඹා මනු සතා නළලේ

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා

කිරෙන් කා තෙලෙන් අත සෝදා
අපේ මේ ජීවිතේ ගෙවනා //
දුවම්හයි සිරැර කූඩුව
මෙහි දමාලා
ආව කල මරුවා

කවාලා විළඳ ජාති
ඇති කලත් රන් කූඩුවේ ගිරවා
දමාලා යන්නෙ ඉගිලී
රැව් දිදී ලබනා සෙ වන සැපතා //

ගායනය : මයිකල් පීරිස්
සංගීතය : මොහොමඩ් ගවුස්
ගී පද : සිරිසේන විමලවීර

1938 වසරේදී තිරගතවූ Street Singer චිත්‍රපටියට K.L. Saigal ගායනා කළ "Babul Mora Naihar Chhooto Hi Jaaye" ගීය.

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawala Wilada Jathi Song Lyrics - කවාලා විළඳ ජාති ගීතයේ පද පෙළ Kawala Wilada Jathi Song Lyrics - කවාලා විළඳ ජාති ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 16, 2023 Rating: 5

0 comments:

Post a Comment