Shrungari Song Lyrics - ශෘංගාරි ගීතයේ පද පෙළ

Shrungari Song Lyrics - ශෘංගාරි ගීතයේ පද පෙළ
Song Title : Shrungari (ශෘංගාරි)
Singing : Rahal Alwis


හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමු දුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකිලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා

රිද වාලා හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා

රෑ පුරා හීනෙන් තාමත් මැවෙන්නේ
ඔබේ රූපෙමයි මේ කාටත් හොරා
අනුරාග දෑසින් ආදරෙන් කීවේ
ඔයා මගෙමයි නොවෙදැයි කියා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑමදා

රිද වාලා හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා

කොච්චර හුඟක් කල් ලං වෙන්න පැතූවත්
ඉන්නේ ඔයා අද අන් සතු වෙලා
ආදරේ මාගේ රැවටුවේ මෙලෙසේ
ආදරේ මාගේ මදි වූ නිසා
හිමිවෙන්න ආයේ පැතූමන් පතා
සමුදුන්නේ මාගේ හිතටත් හොරා
මතකයේ සේයා මැකීලා එදා
වේදනා යායේ මා තනි වුනා
ජිවිතේ මාගේ රැක ගන්න පණ සේ
හිටියේ ඔයා සෑම දා

රිද වාලා හඩවාපු ශෘංගාරියේ
අද වාගේ කවදාවත් නුඹ මේ ලෙසේ
රවටන්නෙපා කවුරුවත් ජිවිතේ
සතුටින්ද ඉන්නේ ඔයා
මං තාම දුක් විදිනවා
මං තාම දුක් විදිනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Shrungari Song Lyrics - ශෘංගාරි ගීතයේ පද පෙළ Shrungari Song Lyrics - ශෘංගාරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 25, 2022 Rating: 5

0 comments:

Post a Comment