Ambhapali Song Lyrics - අම්බපාලි ගීතයේ පද පෙළ

Ambhapali Song Lyrics - අම්බපාලි ගීතයේ පද පෙළ
Song Title : Ambhapali (අම්බපාලි)
Artist : Muditha Subasinghe
Melody : Muditha Subasinghe
Lyrics : Madushanka N Garusinge
Music : Lahiru De Costa
Produced,Mixed & Mastered : Lahiru De Costa @Lahiru Audio Vision Studio
Vox FX : Nidarshi Athukorala
Concept : Janith Iddamalgoda / Muditha Subasinghe
Video Director : Janith Iddamalgoda
DOP : Janith Iddamalgoda
Editor / Colorist : Hasitha Jayasanka


ප්‍රාණ සම කෝලම්භි දෑස අල්ලා
ළා දෙතොල් ඉස්මත්තෙ සතපවන්නා
රාග සිත කැළතෙන විලස ගස්සා
ඈගෙ ඉඟ නැළවෙන්නෙ රාග ඉල්ලා

අම්බපාලී මවනා රුවක කැන්දා
දුන්නු රතියේ සිහින මා ද වින්දා

අම්බපාලී මවනා රුවක කැන්දා
දුන්නු රතියේ සිහින මා ද වින්දා

වැහි බේරී දිය යාවී ගලලා
ළැම තෙත් වී රුව දිස් වේ ඇඳිලා
මයුරාවී රූ නාරී උපමා
ඇගෙ හුස්මේ පපු ගැස්මේ මැව්නා

රෝස පෙති සේ දිස් වූ කොපුල වින්දා
සේද වන් දිලිසෙන්න හන්ස බන්දා
නාරි රුව හැඩ කැන්දු මාද වින්දා
හීනයක සැතපී ම සුවය කැන්දා

ඈත සමයේ සිට ම හීන මැව්වා
නාරි රූපේ මතක තනිව වින්දා
ක්ශීර ගඟුලේ දියට මුවග තෙමුනා
මාගේ නොවනා නුඹව මාද වින්දා

වැහි බේරී දිය යාවී ගලලා
ළැම තෙත් වී රුව දිස් වේ ඇඳිලා
මයුරාවී රූ නාරී උපමා
ඇගෙ හුස්මේ පපු ගැස්මේ මැව්නා


Ambhapali Song Lyrics - අම්බපාලි ගීතයේ පද පෙළ
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ambhapali Song Lyrics - අම්බපාලි ගීතයේ පද පෙළ Ambhapali Song Lyrics - අම්බපාලි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on December 17, 2022 Rating: 5

0 comments:

Post a Comment