Soragaththu Keju Kallak Song Lyrics - සොරාගත්තු කේජු කෑල්ලක් ගීතයේ පද පෙළ

Soragaththu Keju Kallak Song Lyrics - සොරාගත්තු කේජු කෑල්ලක් ගීතයේ පද පෙළ
Song Title : Soragaththu Keju Kallak (සොරාගත්තු කේජු කෑල්ලක්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


සොරාගත්තු කේජු කෑල්ලක් කටේ තියන්
කපුටෙක් ගොස් කැලේ ගහක වැහුව සන්තොසින්
කපටි රජා නරියා ගහ මුල හිටිය බලන්
කපුටව රවටන්නම්
කේජු කෑල්ල කන්නම් //

මේ බලන්න මේ පක්ෂියා හරිම ලක්ෂණයි
අත්තටු දෙක රිදියෙන් කළ කැටයමක් ලෙසයි
රවුම් ඔලුව දෙනෙත මැණික් කැට දෙකක් වගෙයි
කකුල් දෙකයි ලස්සණ හොට රන් පරාද වෙයි

ඔබගේ රූපය මේ තරමට ලක්ෂණ නම්
කටහඬ මිහිරියි කියාලා කිය යුතුද ඉතින්
ඔබගේ කටහඬ මට අහගන්න ලැබුනොතින්
මේ ලොව ඇති එකම පින්වතා විය හැකි මං

අනේ මෙන්න පිං ඇති ලක්ෂණ පක්ෂියා
ඔබේ මිහිරි හඬ ඇසුවොත් පින්වතයි එයා
ඔය දිලිසෙන කට ඇර එක වචනයක් කියා
මා සනසනු මැන ආදරණීය මිත්‍රයා

නරියා කපටි බව කපුටා දැනගෙන හිටියා
හොටේ තිබුණ කේජු කෑල්ල අත්ත උඩ තියා
කකුලෙන් එය තද කරගෙන බිම වැටෙයි කියා
කීප විටක් නාද කෙරුව කාක් කාක් කියා

දෙන්න දෙයක් නැහැ මගෙ වරුණාව කිවුවට
පුරාණෙ හිටි කාක්කො රැවටුනේ ඔව්වට
ලැජ්ජා හිතිල වගෙයි අනේ කරලා විහිලුවක්
මං කොළඹ කාක්කෙක් නරියෝ කොළඹ කාක්කෙක්

සොරාගත්තු කේජු කෑල්ලක් කටේ තියන්
කපුටෙක් ගොස් කැලේ ගහක වැහුව සන්තොසින්
කපටි රජා නරියා ගහ මුල හිටිය බලන්
කපුටව රවටන්නම්
කේජු කෑල්ල කන්නම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Soragaththu Keju Kallak Song Lyrics - සොරාගත්තු කේජු කෑල්ලක් ගීතයේ පද පෙළ Soragaththu Keju Kallak Song Lyrics - සොරාගත්තු කේජු කෑල්ලක් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment