Sawandara Sugandayen Song Lyrics - සැවැන්දරා සුගන්ධයෙන් ගීතයේ පද පෙළ

Sawandara Sugandayen Song Lyrics - සැවැන්දරා සුගන්ධයෙන් ගීතයේ පද පෙළ
Song Title : Sawandara Sugandayen (සැවැන්දරා සුගන්ධයෙන්)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : එස්. ෂන්මුගම්
චිත්‍රය fineartamerica වෙතින්


සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැළුම් හෙළා //
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ //

රන්වන් කිංකිණි නාද නගන්නේ
සන්සුන් තාලෙට පාදෙ තබන්නේ //
නිල්වන් දෑසින් සීන මවන්නේ
ඉරෙන් උපන් හඳෙන් උපන් මලෙන් උපන් විලෙන් උපන්
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ

සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැළුම් හෙළා //
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ //

චන්දන කල්කෙන් තිලකෙ තියාලා
රන් කුඹු යුග්මය ළැමද දරාලා //
සල් සල් සල් මල සේම සැදීලා
එහේ ඉඳන් මෙහේ ඉඳන් දුරින් ඉඳන් ළඟින් ඉඳන්
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ

සැවැන්දරා සුගන්ධයෙන් හිමාලයේ සිසිල් සුවෙන්
මගේ හිතයි ගතයි වෙලා සිනා සඳෙන් කැළුම් හෙළා //
ඔබයි බලන්නේ ඔබයි බලන්නේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sawandara Sugandayen Song Lyrics - සැවැන්දරා සුගන්ධයෙන් ගීතයේ පද පෙළ Sawandara Sugandayen Song Lyrics - සැවැන්දරා සුගන්ධයෙන් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 07, 2022 Rating: 5

0 comments:

Post a Comment