Sayiman Ayiyayi Song Lyrics - සයිමන් අයියයි ගීතයේ පද පෙළ

Sayiman Ayiyayi Song Lyrics - සයිමන් අයියයි ගීතයේ පද පෙළ


Sayiman Ayiyayi Song Lyrics - සයිමන් අයියයි ගීතයේ පද පෙළ
Song Title : Sayiman Ayiyayi (සයිමන් අයියයි)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
ගී පද : කරුණාරත්න අබේසේකර
සංගීතය : ජි.එල්.ඒ. සෝමපාල
1972 දී තිරගත වූ "ආදරේ හිතෙනවා දැක්කම" චිත්‍රපටියේ ගීයකි.


සයිමන් අයියයි මාටින් අයියයි හොඳම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොන දේ එකටයි එකවගෙ අඳින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පළාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදිංචි වෙන්නා

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොන දේ එකටයි එකවගෙ අඳින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පළාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදිංචි වෙන්නා

හරි ලස්සණ කෙල්ලෙක් උන්නා
ඒ ගෙදර ලස්සණ කෙල්ලෙක් උන්නා //

දවසක් දෙන්න ගමනක් ගොස් මේ ගේ අසලින් යන්නේ
ආසයි කියන්නත් ආසයි අර තරුණි සිනාසෙන්නේ
මටදෝ මෙයාටද දන්නෑ ඒ සංග්‍රහයක් කෙරුවේ
සයිමන් අයිය සිතුවා සේ මාටින් අයියත් සිතුවේ

වැදුණා දෙන්නටම විසාල සැකයක් හිත ඇතුලට වැදුණා
සිතුණා බලන්නට තනියම ඇවිදින් දෙන්නාටම සිතුණා
සයිමන් අයිය දැන් එන්නේ මාටින් අයියා නැතුවයි
මාටින් මේක ගැන දන්‍නෑ එයත් එන්නෙ තනිවයි

සයිමන් අයියයි මාටින් අයියයි හොඳම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කන බොන දේ එකටයි එකවගෙ අඳින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පළාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදිංචි වෙන්නා

හරි ලස්සණ කෙල්ලෙක් උන්නා
ඒ ගෙදර ලස්සණ කෙල්ලෙක් උන්නා //

තරඟේ දෙන්නගෙ අ‍තරේ දවසින් දවසට මෝරයි
ඇඳුමෙන් පැලඳුමෙන් වාගේ සැන්ට් පවුඩර් සුවඳ හමයි
දවසක් දෙන්න මුණගැසුනේ මේ තරුණිගෙ නිවස ළඟයි
තරුණී දොරකොඩ සිටියේ තම සැමියා සමගයි

තරුණන් දෙන්න අර යන්නේ සැමියනි හරි කරුණාවන්තයි
මෙතනින් යනකොට කොයිවෙලාවටත් යන්නේ හිනාවෙලයි
මේ දැන් දෙන්නට දැනුනේ දෙන්නම රැවටිච්ච බවයි
සයිමන් මාටින් දෙන්නා තාමත් හොඳ මිතුරො තමයි

සයිමන් අයියයි මාටින් අයියයි හොදම යාලුවෝ දෙන්නා
ගමන් බිමන් කනබොනදේ එකටයි එකවගෙ අඳින්නෙ දෙන්නා
මේ දෙන්නව බෑ තරහ කරන්නට කවුරුත් දැනගෙන උන්නා
පිට පළාතකින් පවුලක් ඇවිදින් මේ ගමෙ පදිංචි වෙන්නා

හරි ලස්සණ කෙල්ලෙක් උන්නා
ඒ ගෙදර ලස්සණ කෙල්ලෙක් උන්නා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayiman Ayiyayi Song Lyrics - සයිමන් අයියයි ගීතයේ පද පෙළ Sayiman Ayiyayi Song Lyrics - සයිමන් අයියයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 08, 2022 Rating: 5

0 comments:

Post a Comment