Oruwe Nagila Song Lyrics - ඔරුවේ නැගිලා ගීතයේ පද පෙළ

Oruwe Nagila Song Lyrics - ඔරුවේ නැගිලා ගීතයේ පද පෙළ

Oruwe Nagila Song Lyrics - ඔරුවේ නැගිලා ගීතයේ පද පෙළ
Song Title : Oruwe Nagila (ඔරුවේ නැගිලා)
ගායනය : නීල් වර්ණකුලසූරිය


ඔරුවේ නැගලා කිසි බයක් නෑ සිතේ
මුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ

නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
අපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ

ලොකු ලොකු මාළු බත රස කර දෙන්නේ
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

මහ රෑ සුළගේ රැල්ල නැගීලා
මරු හා සටනේ පිම්ම ගසාලා

අව්වේ වේලී ගොයම් කපාලා
පාගා ගත්තේ ශක්ති යොදාලා

අපි හේල හෙලෙයි කියලා
මහ මුහුදේ සටන් කරලා
අර මාළු දැලක් ඇදලා
අත මිට මොලවන්නේ

අපි ගොයම් කවිය කියලා
රන් කරල් යසට කපලා
ගැට බෙරේ ගහලා නටලා බැත හුලං කරන්නේ

ඔරුවේ නැගලා කිසි බයක් නෑ සිතේ
මුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ

නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
අපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ

ලොකු ලොකු මාළු බත රස කර දෙන්නේ
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

වැහැලා වැහැලා කුණාටුව ගසා
ඔරුවේ වැඩ නෑ වාරකන් නිසා

පායා පායා වැස්ස නැති නිසා
ගොවියෝ ලත වේ අතේ හිග නිසා

ඒ ඔබෙයි මගෙයි ධෛයිවේ
ධීවර ගොවි හද රාවේ
අපි දුක සැප දෙක හමුවේ
එක වගේ රග දෙන්නේ

ඒ ඔබයි මමයි යාලු බඩ ගින්න එක නිසාලු
මට කවපන්කෝ මාළු අපි අයියා මලෝ යාලු

ඔරුවේ නැගලා කිසි බයක් නෑ සිතේ
මුහුදේ ගෙවිලා යයි අපේ ජිවිතේ

නගුලේ බලයෙන් මඩ තලන්නේ කෙතේ
අපගේ සුවදයි ඔහෙලාගේ බත් පතේ

ලොකු ලොකු මාළු බත රස කර දෙන්නේ
ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

හරි හරි යාලු මොකටද හැප්පෙන්නේ
කිරිබත් කාලා සුබ වැඩ අරබන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oruwe Nagila Song Lyrics - ඔරුවේ නැගිලා ගීතයේ පද පෙළ Oruwe Nagila Song Lyrics - ඔරුවේ නැගිලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment