Nil Ahasath Ralu Polavath Song Lyrics - නිල් අහසත් රළු පොළවත් ගීතයේ පද පෙළ

Nil Ahasath Ralu Polavath Song Lyrics - නිල් අහසත් රළු පොළවත් ගීතයේ පද පෙළ

Nil Ahasath Ralu Polavath Song Lyrics - නිල් අහසත් රළු පොළවත් ගීතයේ පද පෙළ
Song Title : Nil Ahasath Ralu Polavath (නිල් අහසත් රළු පොළවත්)
ගායනය : ජානක වික්‍රමසිංහ
පද රචනය : බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය : ගුණදාස කපුගේ


නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

උදාගිරේ තනි තරුවයි ඔබ මට
වැළපෙන බිම් මල මාදෝ
කහවනු පවුරින් වටවුණු සිරගේ
පතනා කෙම් බිම වේදෝ
පතනා කෙම් බිම වේදෝ

නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

ක්සිතිජ ඉරක් වී නෙතු රවටනු ඇයි
නැති ලෙස සිතක් කයක්
අහසින් පොළවට බැස ආවොත් ඔබ
නෑ නොව හිතට දුකක්
නෑ නොව හිතට දුකක්

නිල් අහසත් රළු පොළවත්
එක් වේවිද කවදාවත්
පන් පැදුරත් සත් මහළත්
මුහු වේවිද කවදාවත්
මුහු වේවිද කවදාවත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nil Ahasath Ralu Polavath Song Lyrics - නිල් අහසත් රළු පොළවත් ගීතයේ පද පෙළ Nil Ahasath Ralu Polavath Song Lyrics - නිල් අහසත් රළු පොළවත් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 11, 2022 Rating: 5

0 comments:

Post a Comment