Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ

Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ

Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ

Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ
Song Title : Monalisa (මොනාලිසා)
ගායනය : අමරසිරි පීරිස් සමග ඉන්ද්‍රණි බෝගොඩ
පද රචනය : ජයතිස්ස බොරළුගොඩ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


හා හා...
හා හා...
මොනාලිසා

ඔබ සිනාසෙතියි කවුරුන්දෝ කීවේ
ඔබෙ නෙත් සඟළින් කඳුළුයි මා දුටුවේ
සිනාසෙන්නන් හා සිනා නඟන්නී
ළතැවෙන්නන් හා සුසුම් හෙළන්නී

හා හා...
හා හා...
මොනාලිසා

ඇසිපිය නොහෙළා ඔබ රුව දෙස බලනා
මා දෑස නඟන පැන විසඳා දෙනු ළඳුනේ
ඔබේ පියවුණු තොල් අතරේ
සැඟවී ඇත්තේ මද හසරැල්ලක් නොවෙදෝ

දොම්නස සොම්නස අයස යසස ළඟ
නොසැළී හිඳිනා මහාමේරුවයි

හා හා...
හා හා...
මොනාලිසා

මහ සිත්තරුගේ පහසින් ඔදවත් වූ
තෙළි තුඩ හමුවේ නොහඬණු මැන ළඳුනේ
ඔබෙ සිහින් දිගැටි නෙතගේ
දියවී ඇත්තේ දුක් කඳුළැල්ලක් නොවෙදෝ

දොම්නස සොම්නස අයස යසස ළඟ
නොසැළී හිඳිනා මහාමේරුවයි

හා හා...
හා හා...
මොනාලිසා

හා හා...
හා හා...
මොනාලිසා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ Monalisa Song Lyrics - මොනාලිසා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 23, 2022 Rating: 5

0 comments:

Post a Comment