Modaya Numba Hari Song Lyrics - මෝඩයා නුඹ හරි ගීතයේ පද පෙළ

Modaya Numba Hari Song Lyrics - මෝඩයා නුඹ හරි ගීතයේ පද පෙළ
Song Title : Modaya Numba Hari (මෝඩයා නුඹ හරි)
ගායනය : ධනපාල උඩවත්ත


මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

ගෝලයා නුඹ හරි ගෝලයා
ගියොත් හොඳයි ගුරාගේ පාරේ
මාරයා කරුමක්කාරයා
නුඹට කවදා හරි දවසක තේරේ

පණ්ඩිතයට ඒදණ්ඩෙත් යන්ඩ බෑ
ළමයෝ පිං පඩියට පන්සලේ නවතින්ඩ බෑ
ළිං පඩි උඩ නොතෙමි වාඩිවෙන්ඩ බෑ
මේ ගුරෙකු නොමැති කියු ගෝලයෝ ඉන්ඩ බෑ
ලූලා නැති කල කනයලු බලවතා
පොහොසතා වගේද දිළිඳු පැලක දුප්පතා
පිං තකා වගේලු කරඬුව ගෙන යන ඇතා
මිනිස්සුන්ට වඩා ගුණවත් තිරිසන් සතා

මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

ප්‍රාණයක් නැතිව කෙනෙකුට උපදින්ඩ බෑ
හානියක් නැතිව කෙනෙකුට මිය යන්ඩ බෑ
මරණයක් වෙතොත් නැවතත් පණ දෙන්ඩ බෑ
දෛවයක් නැතුව නම් ජීවත් වෙන්ඩ බෑ
නිල මැස්සට මලකින් රොන් ගන්ඩ බෑ
ඔය කළු කපුටට කෝකිලයකු වෙන්ඩ බෑ
ගහට ගහක් මොරටුවේ හමුවෙන්ඩ බෑ
මෙන්න මේ කියමන කිසිදින බොරු වෙන්ඩ බෑ

මෝඩයා නුඹ හරි මෝඩයා
ගෝලයා ගියාට ගුරාගේ පාරේ
තිත්තයා නුඹ එදා නුවණක්කාරයා
දැන් ළඟා වුණා කොකාගේ වාරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Modaya Numba Hari Song Lyrics - මෝඩයා නුඹ හරි ගීතයේ පද පෙළ Modaya Numba Hari Song Lyrics - මෝඩයා නුඹ හරි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2022 Rating: 5

0 comments:

Post a Comment