Semadama Andala Song Lyrics - සැමදාම අඬලා ගීතයේ පද පෙළ

Semadama Andala Song Lyrics - සැමදාම අඬලා ගීතයේ පද පෙළ
Song Title : Semadama Andala (සැමදාම අඬලා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ දයානි සේනාරත්න
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


ලා ලා ලා....
ලා ලා ලා....
ලා ලා ලා....

සැමදාම අඬලා
දුක් කඳුළු පෙරලා
සැරිසරමි ඒ මේ අතේ
ඔබ කවුද කියලා
නැත තාම දැකලා
ඔබෙ ගීතේ මගෙ ජීවිතේ

මම ගීත කොවුලා
රස ගීත ගයලා
නළවන්නෙ පෙම් ලෝකයයි
දුරදිග නොබලා
ආදරේ සිතිලා
රැවටෙන්නෙ ඇයි මේ ළමයි

උඩු ගුවනෙ නිල් අඹරෙ
සේද වලාකුළ් අතරෙ
ඔබෙ ගීතෙ යයි පාවෙලා
ඒ ගීත රස දහරෙ
මගෙ ජීවිතේ අහරෙ
නැත නැත මං වී මුලා
සැරිසරමි ඒ මේ අතේ
ඔබෙ ගීතේ මගෙ ජීවිතේ

ආලයයි ආදරය
පිළිගත්තු ආහරය
පෙම් ලොවට පුන් සඳ වගේ
ප්‍රේමවන්තයො නිතර
පෙම්වතියො සනසවන
මී ගොමුව වේ සංගීතේ
මම නළවන්නෙ පෙම් ලෝකයයි
රැවටෙන්නෙ ඇයි මේ ළමයි

පෙම් ගීත අහගන්න
පෙම් ලොවට පිවිසෙන්න
රන් දොර සංගීතයයි
ඒ මිහිර ලැබගන්න
ඉන් ප්‍රීති වී ඉන්න
මග සැදුවෙ ඔබෙ ගීතයයි
සැරිසරමි ඒ මේ අතේ
ඔබෙ ගීතේ මගෙ ජීවිතේ

වේදනා ඉවසන්න
දුක් කඳුළු වගුරන්න
සිදුවේවි පෙම් ලෝකයේ
ඒ සෝක දරා ඉන්න
හැකිවේද දැනගන්න
දෙමි සහය සංගීතයේ
මම නළවන්නෙ පෙම් ලෝකයයි
රැවටෙන්නෙ ඇයි මේ ළමයි

සැමදාම අඬලා
දුක් කඳුළු පෙරලා
සැරිසරමි ඒ මේ අතේ

දුරදිග නොබලා
ආදරේ සිතිලා
රැවටෙන්නෙ ඇයි මේ ළමයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Semadama Andala Song Lyrics - සැමදාම අඬලා ගීතයේ පද පෙළ Semadama Andala Song Lyrics - සැමදාම අඬලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 01, 2022 Rating: 5

0 comments:

Post a Comment