Lassana Aba Gasak Soyala Song Lyrics - ලස්සණ අඹ ගසක් සොයාලා ගීතයේ පද පෙළ

Lassana Aba Gasak Soyala Song Lyrics - ලස්සණ අඹ ගසක් සොයාලා ගීතයේ පද පෙළ
Song Title : Lassana Aba Gasak Soyala (ලස්සණ අඹ ගසක් සොයාලා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්.  ප්‍රනාන්දු


මුල් ගීය

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං //

සදාපු කූඩුව මං මුළදී
කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්දා තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං //

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං

ආ කරදර සැම ඉවසාලා
වෙන සැපතක් එපැයි කියාලා
මා වෙනුවෙන් දුක් වෙන හින්දා
ආවේ එක්ක යන්න මං

එන දුක පැණි රසයි කියන්නම්
ඔබෙ සිත එහෙමදැයි අසන්නම්
ඔබ එයට ඔව් කියන හින්දා
ආවේ එක්ක යන්න මං

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං

පසු ගැයුමක් (පද වල වෙනසක් කර ඇත)

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං //

සදාපු කූඩුව මං මුළදී
කැඩී බිඳී සිඳී ගියා
ඒ හින්දා තව එකක් සදාලා
ආවේ එක්ක යන්න මං
ඒවාගෙ සැඩ සුළං ඇවිල්ලා
යයිද මේ කූඩුවත් කැඩීලා
ඔබ මාගෙ ළඟ ඉන්නවානම්
සෝකෙත් සැපක් සේ දැනේ

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං

රසබර පලවැල නෙළාලා
කූඩුව වෙතට ගෙනඇවිල්ලා
ඔයාගෙ ළඟ ඉඳන් කවන්නම්
ලස්සණ කිරිල්ලී මේ මාගේ
උදෑසණින් මම පිබිදීලා
පෙම්බර ගීතයක් ගයාලා
ඔයාගෙ සිත තුටින් තබන්නම්
ලස්සණ කිරිල්ලී මේ මාගේ

ලස්සණ අඹ ගසක් සොයාලා
ලස්සණ කූඩුවක් සදාලා
ලස්සණ කිරිල්ලී මේ මාගේ
ආවේ එක්ක යන්න මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Lassana Aba Gasak Soyala Song Lyrics - ලස්සණ අඹ ගසක් සොයාලා ගීතයේ පද පෙළ Lassana Aba Gasak Soyala Song Lyrics - ලස්සණ අඹ ගසක් සොයාලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 06, 2022 Rating: 5

0 comments:

Post a Comment