Juwan Appu Game Hitapu Duppatha Song Lyrics - ජුවන් අප්පු ගමේ හිටපු දුප්පතා ගීතයේ පද පෙළ

Juwan Appu Game Hitapu Duppatha Song Lyrics - ජුවන් අප්පු ගමේ හිටපු දුප්පතා ගීතයේ පද පෙළ
Song Title : Juwan Appu Game Hitapu Duppatha (ජුවන් අප්පු ගමේ හිටපු දුප්පතා)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ පුෂ්පරාණී ආරියරත්න
පද : කරුණාරත්න අබේසේකර
තනුව : එම්.එස්. ප්‍රනාන්දු


ජුවන් අප්පු ගමේ හිටපු දුප්පතා
දෝණිට හා බාරිට එක හිතවතා
කන්නට නැතත් අනේ
කුස ගින්නෙන් ඉන්නේ
නමුත් රේස් ටිකට් ගන්නවා

වාසනාව මුලු පවුලට ළං වුණා
රේස් දිණුමෙ පළවෙනි තැන හිමිවුණා
ලොකු ගෙයකුත් ගත්තේ
වැඩකරුවොත් ඇත්තේ
දෝණිත් වස දඟකාරී

ඇඟ පෙනෙන්ට දැල් හැට්ටය ඇඳගෙන
ඉඟටිය හැර සාරිය පොරවාගන
මල සමයං සිංඤෝ
මහ මඟ ඇවිදින්නා
බටහිර පැෂන් ලබාලා

දුවට ගමන් බිමන් බොහොම වැඩිවුණා
ධනපති තාලෙට හැදෙන්න සිත් වුණා
දිග කොණ්ඩය කැපුවා
තොල් දෙක රතු කෙරුවා
නියපොතු දික්කර වැවුවා

මම ලක්ෂණ යයි කියාලා හැමෝම
කියනව මට ඇහුණා ගම පුරාම
තරඟෙට රූ රැජිණී
රට යන්නට සිතුණී
මව්පියො අවසර දුන්නා

සාරි හැට්ට පිට රටින්ම ගෙනෙන්ට
බෙරලියන්තු මුතු ගෙල වට බඳින්ට
වියදම වැඩි වෙනවා
පියතුමා වෙව්ලනවා
එනමුත් දෝණි විනෝදේ

රූප රාජිණී වුනාම රටකට
එයි පොහොසත් මහතෙක් කරකාරෙට
එතකොට ඉඩම් කඩම්
ලැබේවි ඕනතරම්
නට නට ඈ පවසන්නේ

වේදිකාවෙ තිරේ ඉබේ වෙන්වුණා
තරුණියො සේරම තරඟෙට පැමුණුනා
අත්පොළසන් දුන්නා
සමහරු උඩ පැන්නා
දකින්න රූප රාජිණී

සභාවෙ මැද රූපේ හැඩ පෙන්වන
කලට ජුවන් අප්පුගෙ දුව පෙරලුණා
අඩි උස සපත්තුවක්
කළෙ මහ සවුත්තුවක්
තරඟෙන් පරාජය වුණා

ලැජ්ජාව දරාගන්ට බැරිවුණා
රේස් දිණුමෙ සල්ලි ටිකත් නැතිවුණා

ගොස් ළිඳකට පැන්නා
මරුවට දිවි දුන්නා
දැන්වත් හැදෙයිද කෙල්ලෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Juwan Appu Game Hitapu Duppatha Song Lyrics - ජුවන් අප්පු ගමේ හිටපු දුප්පතා ගීතයේ පද පෙළ Juwan Appu Game Hitapu Duppatha Song Lyrics - ජුවන් අප්පු ගමේ හිටපු දුප්පතා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2022 Rating: 5

0 comments:

Post a Comment