Adarawanthi Lassanawanthi Oya Sinasenna Song Lyrics - ආදරවන්තී ලස්සණවන්තී ඔයා සිනාසෙන්න ගීතයේ පද පෙළ

Adarawanthi Lassanawanthi Oya Sinasenna Song Lyrics - ආදරවන්තී ලස්සණවන්තී ඔයා සිනාසෙන්න ගීතයේ පද පෙළ
Song Title : Adarawanthi Lassanawanthi Oya Sinasenna (ආදරවන්තී ලස්සණවන්තී ඔයා සිනාසෙන්න)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු
චිත්‍රය Naika වෙතිනි.


ආදරවන්තී
ලස්සණවන්තී
ඔයා සිනාසෙන්න මං සැනසෙන්නම්
ලස්සණවන්තී
ආදරවන්තී
ඔයා අඬනවනම් මමත් අඬන්නම් //

සුරා පානෙ කවදාවත් කට තියන්නෙ නෑ
හම්බ කරන මුදල් අපතෙ නාස්ති වෙන්නෑ
යහළුවො සමගින් නොහොබින ගමන් යන්නෙ නෑ
ඒක නිසා සුදෝ ඔයා අඬන්න හොඳ නෑ
බොරු කේලම් අහලා
අවිශ්වාස කරලා
ගෙදර තියෙන සමාදානෙ නැති කරන්නෙ ඇයි

ආදරවන්තී
ලස්සණවන්තී
ඔයා සිනාසෙන්න මං සැනසෙන්නම්
ලස්සණවන්තී
ආදරවන්තී
ඔයා අඬනවනම් මමත් අඬන්නම්

ලැබෙන සියලු දේ වියදම් කරන්න හොඳ නෑ
ණයට සල්ලි අරං පොලී ගෙවන්න හොඳ නෑ
දැනමුතුකම් දෙන විට ඔබ කිපෙන්න හොඳ නෑ
එහෙම වුනොත් ගෙදර තියෙන සමාදානෙ නෑ
දැනමුතුකම් අහලා
හොඳ බිරිඳක් වීලා
සිටියෝතින් තමයි ගෙදර කිරි ඉතිරෙන්නේ

ආදරවන්තී
ලස්සණවන්තී
ඔයා සිනාසෙන්න මං සැනසෙන්නම්
ලස්සණවන්තී
ආදරවන්තී
ඔයා අඬනවනම් මමත් අඬන්නම්

බිරිඳයි සැමියයි දෙන්නා ඉන්නෙ ප්‍රේමයෙන්
ඒ නිවසේ මල් පිපේවි සමාදානයෙන්
සාමේ පණිවිඩය ගේන බඹර ගීතයෙන්
සතුට සැපත උදාවේවි හරි සිරියාවෙන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adarawanthi Lassanawanthi Oya Sinasenna Song Lyrics - ආදරවන්තී ලස්සණවන්තී ඔයා සිනාසෙන්න ගීතයේ පද පෙළ Adarawanthi Lassanawanthi Oya Sinasenna Song Lyrics - ආදරවන්තී ලස්සණවන්තී ඔයා සිනාසෙන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2022 Rating: 5

0 comments:

Post a Comment