ගව ආත්මයක් වැහුණු නිර්වස්ත්‍ර ස්ත්‍රිය (Gawa)

ගව ආත්මයක් වැහුණු නිර්වස්ත්‍ර ස්ත්‍රිය (Gawa) - Your Choice Way

අපේ ගමෙි ඉස්සර හිටියලු සිරිපාල කියලා කෙනෙක්. එයා ගමේ මැර චරිතයක් තිබුණු කෙනෙක් කියලා තමා ආරංචිය. ගමේ කොතන හරි සොරකමක් වුණත්, කාට හරි ගහලා තිබ්බත් මොන නොහොබිනා දෙයක් ගමේ වුනත් මේ‍ සිරිපාල එකට සම්බන්ධයිලු. එ වගේම සුරා සුදුවට ගොඩාක් ඇබ්බැහි වෙලා හිටපු කෙනෙක්ලු මේ සිරිපාල ... ඉතිං දවසක් ගමේ පංසලේ මරණයට කැප වෙලා හිටපු කිරි හරකෙක් නිදහස් කරන ලොකු පිංකමක් තිබිලා තියනවා.. නිදහස් කරපු කිරි හරකා නිදැල්ලේ යවන්න බැරි නිසා එ සතාව බලාගන්න පුළුවන් කෙනෙකුට දෙන්න පංසලේ ලොකු හාමුදුරුවෝ තීරණය කරාලා තියනවා .. සිරිපාල ලොකු හාමුදුරුවන්ගේන් මේ සතාව එයාට දෙන්න කියලා ඉල්ලලාම හිටියලු එත් ඉතිං ගමේ සත්තුන්ට කරැණාවන්තම, කෙනාලු පියදාස එක නිසා හැමොම කැමැත්තෙන් එයාට මේ සතාව දුන්නලු...

(එකට සිරිපාල කියන කෙනා තරහෙන් ඉදලා තියනවා )

පියදාස මාමාට දරැවෝ ඉදලාත් නෑ එක නිසා එයා මේ සතාට "රත්ති" කියලා නමකුත් දලා දරැවෙක් වගේ බලා ගත්තලු.. ඒ වගේම රත්තිත් පියදාස මාමාගේ කට හඩ යන්තමට ඇහුණත් දුවලා එන්න තරම් එ දෙන්නගේ බැදිමක් තිබුණාලු..... එක දවසක් සිරිපාල යි එයාගෙ යාළුවො දෙන්නකුයි බිලා පාරේ කියව කියව ඉද්දි පියදාස රත්තිවත් අරන් එතනින් ගිහින් තියනවා... රත්තිව එයාට නොදිපු තරහා හිතේ තියන නිසා සිරිපාල අනිත් දෙන්නට කිව්වාලු පියදාස මාමාට ඇහෙන්න

( ඔන්න බලපන් රස මස් ගොඩාක් යනවා කියලා... )

එක ඇහුණම පියදාස මාමාට කෙන්ති ගියාලු (දරැවෙක් වගේ හදපු සතාට එහෙම කිව්වාම ඉවසන් ඉන්නෙ නැහැනෙ ) දෙන්නා එක්ක හොදට ගහගෙන.. එදා එ ගහගත්ත එකට සිරිපාල පලි ගන්න හිතුවෙ අර අහිංසක සතාගෙන්..දවසක් පිසදාසට පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙ නතර කරාලු.. පලිගන්න හොඳම වෙිලාව කියලා හිතපු සිරිපාල මහ රැ වත්තට පැනලා රත්තිව අරන් අවලු.. එන අතර මග මළ ගෙදරක ගිහින් එන මනුස්සයෙක් එක දැකලා ඇහුවලු

"උඹ කොහෙද රත්ති අරන් යන්නේ කියලා..."" නැ බං පියදාස ඉස්පිරිතාලෙ නිසා රත්ති බලාගන්න කිව්වා..."

කියලා කියාගෙන ගියාලු සිරිපාල නහර කාරයෙක් නිසා එ මනුස්සය තවත් අහන්න ගිහින් නෑ... පහුවෙනිදා උදේ රත්ති පෙන්න නැති නිසා පියදාසගේ හාමිනේ යසෝ එයාට පුළුවන් තරම්න් හොයලා එත් සතා නැති නිසා. පියදාසට කියලා තියනවා.... පියදාස බලෙන් ටිකට් කපාගෙන ඇවිත් රත්තිව හැමතැනම හොයලා තියනවා එත් සතාව හම්බ වෙලා නැ... පස්සේ පියදාසට ගමෙි කොල්ලෙක් ඇවිත් කිව්වාලු.. " පියදාස මාමේ රත්තිගේ බෙල්ලේ තිබිබ සිනුව පාළු පිට්ටනියට යන පාර අයිනේ කාණුවක තියලා ඇහින්දා මේන් මාමේ රත්ති එ පැත්තට වත් ගියාද දන්නැ... " කියලා පියදාස අර කොල්ලා එක්කම පිට්ටනිය දිහාට දුවලා.. පිට්ටනියේන් එහාට තියන්නේ ගණ කැළයක්... පිට්ටනියේ අයිනට වෙන්න බල්ලෙක් මොනවදේ ඇද ඇද කනවාලු කොලුවයි,පිසදාසයි දෙන්නම එ පැත්තට ගිහින් යනකොට මහා කුණු ගදක් අවලු.. පියදාසලා ගිහින් බැලින්නම් හරක් කනක් කනවාලු බල්ලා... ඉට එහයින් කැලේ ඇතුලට වෙන්න ලොකු වලක් කොල රොඩු වලින් බාගෙට වහලා තියනවා දැක්ක පියදාස එක එහාට මෙහාට කරලා බැලුවම දක්කේ රත්තිගේ ඔඑවයි,

(ඔළුව දෙකකට මැදින් වෙන් කරලා පළු දෙකට තිබිලා තියන්නේ )

කිරි බුරැල්ලයි,කුරත් එක්ක කකුල් කෑලි ටිකකුයි බඩ බොකු ටිකකුයි ලේ ගැවුණු ලොකු මන්නේනකුයිලු... පියදාස අනේ මගේ අහිංසක දරැවා කියලා කෑ ගගා අඩලා පැය ගනක් අර කොල්ලා බලෙන් වගේ පියදාස මාමාව ගෙදර එක්ක ඇවිත් ගෙදර අයටයි ගමෙි අයටයි විස්තර කියලා.. ගමෙි හැමොම සිරිපාල ව සැක කළත් දැකපු සාක්ෂි කාරයා ඉදිරිපත් නොවුණු නිසා පොළිසියට දාපු පැමිණිල්ල වැඩක් වෙලාත් නැ...

ගමේ පන්සලේ ලොකු හමුදුරැවො පියදාසගේ හිත හැදුවත් දුකින් වගේම තරහෙන් හිටපු පියදාස පන්සල් පිටපු හැමොම ඉස්සර කාලි දේවාලේ රත්ති මරපු එකට හොදක් වෙන්න එපා කියලා පොල් ගහලා අඩලා තියනවා දුක දරාගන්න බැරැව....

එදා රෑ සිරිපාල හොදට බිලා වැනි වැනි ගෙදර යන්න ඇවිත් තියනවා.. රෑ 12.00 විතර

(සිරිලෙගේ ගෙදරට යන පාරේ තියනවා පාළු පිං ළිදක් අදටත් එක එහේමම තියනවා හැබැයි හරි මුසල පාටයි...)

සිරිපාල ළිද ළඟ යනකොට කවුරුහරි නානවා වගේ සද්දයක් ඇහිලා. බැලුවම ගෑණු කෙනෙක් නිර්වස්ත්‍රව නනවාලු. කුපාඩි මිනිහෙක් වෙච්චි සිරිපාලට මේ නිර්වස්ත්‍රව නාන ගෑණු කෙනා ගැන අශාවක් ඇවිත් සිරිපාලට පිටුපාලා නාන ගෑණු කෙනාගේ උරහිසට අත තියලා එත් එ ගෑණු කෙනා ගනක් නැතුව ළිදේන් වතුර අරන් ඔලුවට දාගත්තලු එත් එක්කම සිරිපාලගේ අතට අමුතු රස්නයක් දැනිලා බලනකොට උණුම උණු ලේ අර ගැණු කෙනාගේ ඔළුව දිලේ වැක්කෙරෙනවාලු... (හරියට ලේ වලින් නානවා වගේ) බය වෙච්චි සිරිපාල අත අහකට අරන්.. අහකට ගත්ත අතේ මස් පුපුරලා ලේ ගලන්න ගත්තලු වෙිදනාව වැඩි කමටම සිරිපාල " කවුද යකෝ උබ " කියලා කෑ ගැහුවලු එතකොට අර ගෑණු කෙනා කද එහෙමම තියද්දීම ඔළුව සිරිපාලගේ පැත්තට හැරෙව්වේලු... ගැණු ඇගක් තිබුණ ඔළුව හරකෙක් වගේලු දේකට මැදින් වෙන් වෙලා ලේ වෑක්කරෙන එ මුණේ ඇස් එලියට පැනලලු, කුණු වෙලා මැස්සෝ පිරිලාලු.. බය වෙච්චි සිරිපාල කෑ ගහගෙන ගෙදරට දුවලා ගේපිල ඉස්සරහ වැටිලා හතිදානවලු එ කලබලේට දොර ඇරන් අපු එයාගෙ හාමිනේ සිතා දැක්ක ගමන් සිරිපාල කෑ ගැහුවලු අනේ.... සිතෝ මාව බේරගන්න කියලා... සිතා ඉක්මනට ඇදන් පිටපු චිත්තෙන් කැල්ලක් ඉරලා ලේ ගලන තුවාලේ ගැට ගහලා ඇහුවලු " මොකද මේ මොනවද වුණේ" කියලා එතකොට සිරිපාල කිව්වාලු "පියදාසගේ රත්තිව මමයි,රණායි පාළු පිට්ටනියට දක්කන් ගිහින් ගහක බැදලා පොලු වලින් ගහලා වද දිලා මන්නෙන බෙල්ට කොටලා මැරැවේ. මැරැණු සතාගේ හම ගලවලා කැලි කැලි කපලා මස් ටික මස් කඩේටයි, අරක්කු නිලගේ ගෙදරටයි වික්කා බං කියලා.. " එයා එද්දී ළිද ගාවදි දැක්ක දේත් සිතට කියලා " අනේ සිතෝ මගේ බඩ පපුව දනවා මට වතුර එකක් ගෙනෙන් බං" කියලා සිතා වතුර ගෙන්න ගිය ටිකට සිරිපාල යටි ගිරියෙන් කෑ ගැහුවලු සිතා ඇවිත් බලද්දී සිරිපාල නහයෙන් කටින් ඇස් දෙකෙන් ලේ දාගෙන වැටිලා ඉන්නවාලු සිතා ගමෙි අයට කතා කරලා ඉස්පිරිතාලෙ අරගෙන යන්න ටැක්ටරේට දාද්දි තමා දැකලා තියන්නේ සිරිපාලගේ පපුවේ නිල් වෙච්චි හරක් කුරක සලකුණක් තියනවා කියලා ඉස්පිරිතාලෙ අරන් ගියත් සිරිපාල බෙිරගන්න බැරි වුණා වගේම එම්බාම් කරලා තිබ්බෙත් මැස්සෝයි පණුව‍ොයි එන්න ගත්ත නිසා මිනියවත් දවසට වඩා තියාගන්න බැරි වුණාලු.. මේ පවු කාර වැඩෙිට සම්මාදන් වෙච්චි සිරිපාලගේ යාළුවාත් සිරිපාල වගේම ලේ දාගෙන කුබුරේ මැරිලා වැටිලා හිටියලු... රත්තිව වද දිලා මරපු නිසා මේ දෙන්නගෙන් රත්තිගේ අත්මේ පලිගත්තා කියලා ගමෙි අයනම් කියන්නේ මොකද අර පාළු පිට්ටනිය කෙරවලේ රත්ති තණ කොළ කකා ඉන්නවා මේ සිද්ධියෙන්  පස්සේත් එතනින් යන එන සමහර අය දැකලා තියන නිසා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ගව ආත්මයක් වැහුණු නිර්වස්ත්‍ර ස්ත්‍රිය (Gawa) ගව ආත්මයක් වැහුණු නිර්වස්ත්‍ර ස්ත්‍රිය (Gawa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 30, 2022 Rating: 5

0 comments:

Post a Comment