Bola Bola Mati Song Lyrics - බෝල බෝල මැටි ගීතයේ පද පෙළ

Bola Bola Mati Song Lyrics - බෝල බෝල මැටි ගීතයේ පද පෙළ
Song Title : Bola Bola Mati (බෝල බෝල මැටි)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


බෝල බෝල මැටි
එක එක ගෙනෙනව
ගුවන් යහනයක් වාගේ පියඹන්
උළුවස්සේ පොඩි ගෙයක් හදනවා //
කා කැන්දන් එන්නද කුඹලෝ //

කොයිබට යනවද
කොහෙන් ගෙනෙනවද
නිවස තනන්නට මැටි අනලා
පස්සෙන් එන්නද
දුවගෙන එන්නද
ඔබගේ තොරතුරු ගැන සොයලා

ගං ඉවුරෙන්ද ගෙනෙන්නේ
කවුරුද උදව් කරන්නේ //

බෝල බෝල මැටි
එක එක ගෙනෙනව
ගුවන් යහනයක් වාගේ පියඹන්
උළුවස්සේ පොඩි ගෙයක් හදනවා //
කා කැන්දන් එන්නද කුඹලෝ //

කාමර කීයද ගබඩා කීයද
සැළසුම සැදුවෙත් ඔබම තමා
නෑදෑයන්හට එන්නට කිවුවද
නැකතක් බැලුවද සිරිත එයයි

පෙම්බර සුවඳ හමන්නේ
සංගීතයකි ඇසෙන්නේ //

බෝල බෝල මැටි
එක එක ගෙනෙනව
ගුවන් යහනයක් වාගේ පියඹන්
උළුවස්සේ පොඩි ගෙයක් හදනවා //
කා කැන්දන් එන්නද කුඹලෝ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Bola Bola Mati Song Lyrics - බෝල බෝල මැටි ගීතයේ පද පෙළ Bola Bola Mati Song Lyrics - බෝල බෝල මැටි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment