ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu)

ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu) - Your Choice Way
ඔන්න අද මං ඔයාලට තවත් ආප්ප වර්ග තුනක් හදන විදිය කියලා දෙන්නයි යන්නෙ . ඔම්ලට් ආප්ප , බිත්තර ආප්ප සහ මල් ආප්ප . ආප්ප මිශ්‍රණය හදා ගන්න විදිය මං ඔයාලට කලින් පෝස්ට් එකක් දාලා තියනවා. 😍😍

✅ අවශ්‍ය ද්‍රව්‍ය :

  • 🔸 අවශ්‍ය පමණ බිත්තර
  • 🔸 ලියාගත් කැරට්,ලීක්ස් ,බී ලූනු, අමු මිරිස් ටිකක් (ඔයාලට කැමති එලවලු එකතු කර ගන්න පුලුවන්)
  • 🔸 ගම්මිරිස් කුඩු ටිකක් 
  • 🔸 ලුනු කුඩු

✅ සාදා ගන්නා ආකාරය :

  1. 🧡 බිත්තර ගසා ගන්න.
  2. 💚 ලියාගත් එලවලු එකතු කරන්න.
  3. 🧡 ගම්මිරිස් කුඩු සහ රස අනුව ලුනු එකතු කරන්න.
  4. 💚 දැන් ආප්ප මිශ්‍රණයෙන් හැන්ඳක් ගෙන ආප්ප මදය නොසිටින සේ කුඩා ප්‍රමාණයක් තාච්චිය ට දමා වටේට කරකවා හැඩය හදා ගන්න.
  5. 🧡 දැන් ඔම්ලට් මිශ්‍රණයෙන් ටිකක් ආප්ප ය මැදට දමා පියනකින් වසා අඩු ගින්දරේ ආප්ප  පිස ගන්න.

බිත්තර ආප්ප
  1. 🧡 ආප්ප මිශ්‍රණය මදය ගොඩාක් ඉතිරි නොවන සේ තාච්චියට දමා , තාච්චිය පුරා විසිරෙන සේ වටේට කරකවා  රවුමට සකස් කර ගන්න.
  2. 💚 දැන් බිත්තරය කඩා එයට දමන්න. 
  3. 🧡 ලුනු කුඩු සහ ගම්මිරිස් කුඩු ඉස ගන්න.
  4. 💚 පියනකින් වසා අඩු ගින්දරේ ආප්ප පිස ගන්න.

මල් ආප්ප
  1. 🧡 සාමාන්‍ය ආප්ප සාදන විදියට ලොකු හැන්දකින් පිටි මිශ්‍රණය රත් කරගත් තාච්චියට දමන්න.
  2. 💚 දැන් මලක පෙති ආකාරයට පෙත්තෙන් පෙත්ත එන විදියට පරිස්සමට තාච්චිය වටා පිටි මිශ්‍රණය කරකවමින් හැඩය සකස් කර ගන්න.
  3. 🧡 පියනකින් වසා ආප්ප පිස ගන්න.
  4. ❤️ මල් පෙති හැඩය සකස් කර ගන්න විදිය පියවර කිහිපයකින් මං ඔයාලට ෆොටෝ දාලා තියනවා .ඒවා බලලා ඔයාලට අදහසක් ගන්න පුලුවන් වේවි 😍😍
🧡❤️💚  එහෙනම් ඔන්න ඔයාලත් හදලා ෆොටෝ අරන් එවන්න  අමතක කරන්න එපා 💚❤️🧡

සැකසුම : ® නදීෂා ගමගේ ..හෙළයේ රස මිහිර
ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu) - Your Choice Way

ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu) - Your Choice Way

ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu) - Your Choice Way

ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu) - Your Choice Way

ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu) - Your Choice Way

ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu) - Your Choice Way
අපගේ page එකටත් like කරන්න

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu) ඔම්ලට් ආප්ප හදමු (Omelette Appa (Omelette Hoppers) Hadamu) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 02, 2022 Rating: 5

0 comments:

Post a Comment