මැදියම් රැ අදෝනාව (Adonawa)

මැදියම් රැ අදෝනාව (Adonawa) - Your Choice Way

දිග කොණ්ඩයක් තිබිච්ච රැවක් මතුවුණා. මේ අර මැරිච්ච කෙල්ල සදු. ඒ වෙලාවේ නම් ඇතිවෙච්ච හැගීම කියාගන්න තේරෙන්නේ නැහැ.

සුදුමැලි මූණ මෙලෝ හැගීමක් නැතිව මං දිහා ම බලන් හිටියා.

"අනේ ලොකූ "

මං ආයෙම සැරයක් මල්ලිව හෙල්ලුවා. ඒත් වැඩක් වුනේ නෑ.ඔන්න මට මතක් වුනා ෆෝන් එක. ඉක්මනින් ම කෝල් එකක් ගන්න හැදුවේ. ඒත් සිග්නල් තිබ්බේ නැහැ.

"ඔයාට බය හිතුන්නැද්ද මෙහාට එන්න. "

කවුද මගෙ හිතට කෙදුරැවා. ..

කව්ද ඒ මට හිතාගන්න බැරිව ගියා.

"මෙ මම. මට ඔයාට කතා කරන්න බෑ. ඒත් ඔයාගේ හිතත් එක්ක පුලුවන්. "

දෙයියනේ එදා අපි දෙන්නා ටෙලිපති ක්‍රමයට කතා කලේ.

"ඇත්තටම මොකද ඔයාට වුණේ. "

මං ඇහුවා.

"හිතනවාද මාව මැරැවේ අර හොරා කියලා "

"හ්ම්. ..මිනිස්සු කියන්නේ එහෙමයි "

මං උත්තර දුන්නා.

"මිනිස්සු කියන දේ ඇත්ත නෙවෙයි. "

එතකොට නම් මගෙ බය ටිකක් අඩු වෙලා තිබ්බෙ. සදුගේ ආත්තමය මගේ හිත අස්සට එයාගේ කතාව මිමුණූවා.

"මං ඒ ලෙවල් කලේ කොමස්. මට ඕන වුනේ කැම්පස් යන්න. ඒ කාලේ කොල්ලෙක් මං ගැන උනන්දු වෙනවා කියලා මට දැනුනා. .ඒත් මං චුට්ටක්වත් එයාට කැමති නෑ. එයාගේ චරිතේ හොද එකක් නෙවෙයි. මං එයාගේ මූණටම කිව්වා කැමති නෑ කියලා. .ඒත් මගේ යාලුවෙක් මගේ ෆොටෝ ටිකක් එයාට දීලා මාත් එක්ක තිබ්බ තරහට. ඒවා fb දානවා කියලා මාව හොදටම බය කරලා තමා යාලු වුණේ. මං පුලුවන් තරම් උත්සාහකලා එයාව හොද පාරට ගන්න. ඒත් බැරිවුණා.

ඔහොම යද්දී විනුර මගේ ජීවිතයට ආවා. ඇත්තටම එයා හොද යාලුවෙක්. මං කලින් යාලුවෙලා හිටියේ සුරේෂ් එක්ක.

ඇත්තටම මායි විනුරයි යාලුවන් වගේ හිටියේ. මගේ හිතේ නම් එයාට ආදරයක් තිබුණා. ..

සුරේෂ් මට ලොකු වදයක් වෙලා තිබුණේ. මට එයාගෙන් අයින් වෙන්න ලොකු වුවමනාවක් තිබ්බා. එයා මට අයුතු බලපෑම් කරන්න පටන් ගත්තා.

මම දවසක් අහම්බෙන් දැක්කා සුරේෂ් වෙන කෙල්ලෙක් එක්ක පාරෙ යනවා.

මම හිතුවා දැන් මම නිදහස් කියලා. .මම විනුර එක්ක යාලු වුණා. ඒත් සුරේෂ් මාව අතහැරියේ නෑ. බැරිම තැන මම සුරේෂ්ගේ ගෙදර ගියා. එයා ගෙදර හිටියේ නෑ. මම විස්තර කීවට ගෙදර අය විශ්වාස කලේ නෑ. බැරිම තැන ගෙදර තිබ්බ එයාගේ ලැප්ටොප් එක අරන් බැලුවා. එකෙන් එයාගේ හොර ඔක්කොම අහුවුනා. ඌ කෙල්ලො ගොඩක් අමාරුවේ දාපු එකෙක්. කෙල්ලොත් එක්ක කාමර අස්සේ නටපුවාගේ ෆෝටෝ දැක්ක උගේ අම්මා වැලපෙන්න ගත්තා. ඒ එක්කම ගෙට ආපු සුරේෂ් ට එයාගේ තාත්තා හොදටම ගැහුවා. ඒක දරාගන්න බැරිව එයා වහ බීලා මැරැනා. "

සදුගේ ආත්තමය වැලපෙන්න හඩ මගේ හිත පුරා දෝංකාර දුන්නා.

"එයා මැරැනේ මං ගැන ලොකු වෛරයෙන්. .ඌ මැරිලා ලේ බොන පිසාචයෙක් වෙලා. මම වැඩ ඇරිලා එන අතරෙ අර මාල හොරාගේ ඇගට වැහිලා.

මාව මැරැවා. අන්තිමට ඒ මිනිහාව පොකුණට තල්ලු කරලා මැරැවා.

එතනින් උගේ පලිගැනීමේ තිරිසන් ආශාව ඉවර වුණේ නෑ. මගේ ආත්මය ඌ යටත් කරගත්තා "

මගේ ඇස් දෙකෙන් කදුළු කැට සට සට ගාලා වැටුනා. සදුගේ කතාවට මගේ හිත හොදටම උණුවුණා.

"ඒ පිසාචයාට මිනිසුන්ගේ ලේ බොන්න ඕන. ලේ බීපු මිනිහව ටික දවසකින් මැරිලා යනවා. .හරියට වැම්පයර් කෙනෙක් වගේ. .මට ඌ ළගට මිනිසුන් ගෙනියන්න වෙලාතියෙන්නේ. අද ඔයාලගෙන් කෙනෙක් ඌට ඕන. "
ඔන්න එතකොට යට ගැහිච්ච බය ආයෙත් මතු වුණා. මට හොදටම කෑ ගැහුනේ ඊට පස්සේ කියපු එකට.
"ඌ ගෑනු පේරේතයෙක්. ඌ කෙල්ලන්ට ගොඩක් කැමතියි. අද ඔයා තමා. ...."

"නෑ නෑ එහෙම වෙන්න බෑ. "

මං හොදටම බය වෙලා .

"කරනීය ම..ත්ත. .කුසලේන. ..."

කරුමෙට පිරිත් මතක නැතිව ගියා. කතා කරන්න බැරිව තොල් පැටලුනා. කකුල් පණ නැතිව ගියා.

හුගක් සීතල හුළගක් හැමුවා. දිග කබායක් ඇදගත්තු භයානක මූණක් තියෙන සදූ කියපු පිසාචයා ටිකෙන් ටික මං ළගට ළං වුනා.

"අනේ එපා. ...."මං යටිගිරියෙන් කෑ ගැහුවා.

"ඔයාට පුළුවන් ද ඔයාට වෙච්ච දේ තවත් කෙල්ලෙකුට වෙනවා බලන්න. අපි දෙන්නගෙ ඡීවිත මේකට බිලි වෙනවා බලන්න. "

මං සදුගෙන් ඇහුවා.

"මාත් අසරණයි කෙල්ලේ "ඇගේ ආත්තමය මට කීවා.

මට දෙවියන්ගේ පිහිට විතරයි තිබ්බේ.

"කොහොමද පුංචි කෙල්ලේ "

පිසාචයා මං ළගටම ඇවිත්.

Be positive. I can. Yes I can

මම මගේ හිත ශක්තිමත් කරගත්තා.ඒ වෙලේ මට මාර ශක්තියක් ආවෙ. මං මල්ලිගේ අත අතහැරලා අතහැරලා නැගිට්ටා.

"ඇයි උඹ මට මොනවා කරන්නද. "මං හයියෙන් ඇහුවා. අත් දෙක මිට මොලවා ගත්තා.

"මම මෙච්චර කාලෙකට තුන්වැනි සිල්පදය හිතෙන්වත් බිඳගෙන නෑ. ඒක සත්‍යයක්. ඒ සත්‍යයේ නාමයෙන් අපිට මොකුත් වෙන්නේ නෑ "

මට ඒ වෙලාවේ බයක් දැනුනෙම නෑ. ඌ අඩියෙන් අඩීය පිටිපස්සට ගියා. මම ඉස්සරහට ගියා.
"මම ආදරය සෙල්ලමට අරන් නෑ. "

මම ආයෙත් පටන් ගත්තා. .

ඒත් එක්කම සදුගේ ආත්තමය මගේ උදව්වට ආවා. අපි අපේ ගුණ කියන්න පටන්ගත්තා. තවත් පිසාචයාට අපි ඉස්සරහින් ඉන්න බැරි වුණා. උගේ ඇගෙන් ගිනිදැල් මතුවුණා. ඌ කෑ ගහගෙනම අතුරැදහන් වුණා. .
මට පුදුම සතුටක් ආවේ.

"මෙයාලට මොකුත් වෙන්නෑ. හෙට උදේ සිහිය එයි. ඔයා දැන් යන්න. ආයෙ උගෙන් කරදර වෙන්නෑ. "
සදු කීවා.

"මට මල්ලිව ගෙනියන්න ඕනෙ "

මට මල්ලිව දාලා යන්න හිත දුන්නේ නැහැ.

"හොඳයි. මගේ ආත්මයට සැනසීමක් ගෙනාවට thanks "

එහෙම කියපු සදුගේ රැව අතුරැදහන් වුණා.

මම මල්ලිව වත්තන් කරන් ඇවිල්ලා එයාව කාමරයක ඇදක හාන්සි කලා.

මට නිදාගන්න තිබ්බ කාමරයට ගියා.

හොද වෙලාවට කවුරුත් දැක්කේ නෑ. වෙලාව පාන්දර 2 යි. ඒත් නින්ද මාව හොයාගෙන ආවේ එළිය වැටෙන කොට.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
මැදියම් රැ අදෝනාව (Adonawa) මැදියම් රැ අදෝනාව (Adonawa) Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on November 03, 2022 Rating: 5

0 comments:

Post a Comment