Sarungale Sarungale Song Lyrics - සරුංගලේ සරුංගලේ ගීතයේ පද පෙළ

Sarungale Sarungale Song Lyrics - සරුංගලේ සරුංගලේ ගීතයේ පද පෙළ
Song Title : Sarungale Sarungale (සරුංගලේ සරුංගලේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ

බට සොයලා පතුරු කපා එකට තියාලා
බැමි බැඳලා ලාටු උලා කොළ අලවාලා
රැලි කපලා එල්ලාලා හැඩ වැඩ දාලා
හැදුව ඔයා උඩට ගියා මා මෙහි දාලා

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ

දේව ලොවේ ලස්සණ දේ නේද තියෙන්නේ
තාම හඳේ මැද්දෙ ද සුදු හාව නිදන්නේ
පුංචි ළමුන් එක්කද ඌ සෙල්ලමෙ යන්නේ
නූල දිගේ මට ද ඔහේ එන්න හිතෙන්නේ

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ

ලලලල ලා ලා ලලලල ලා
ලලලල ලා ලා ලලලල ලා
ලලලල ලා ලා ලලලල ලා

දේව ලොවේ ලස්සණ දේ නේද තියෙන්නේ
තාම හඳේ මැද්දෙ ද සුදු හාව නිදන්නේ
පුංචි ළමුන් එක්කද ඌ සෙල්ලමෙ යන්නේ
නූල දිගේ මට ද ඔහේ එන්න හිතෙන්නේ

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ
සුළං සැරේ හෙමින් සැරේ උඩට නගින්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sarungale Sarungale Song Lyrics - සරුංගලේ සරුංගලේ ගීතයේ පද පෙළ Sarungale Sarungale Song Lyrics - සරුංගලේ සරුංගලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2022 Rating: 5

0 comments:

Post a Comment