Kaluwan Kalu Ruwayi Song Lyrics - කළුවන් කළු රුවයි ගීතයේ පද පෙළ

Kaluwan Kalu Ruwayi Song Lyrics - කළුවන් කළු රුවයි ගීතයේ පද පෙළ
Song Title : Kaluwan Kalu Ruwayi (කළුවන් කළු රුවයි)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : සුසිල් සේනාධීර
තනුව : සී.ටී. ප්‍රනාන්දු
සී.ටී. ප්‍රනාන්දු මහකාගේ මේ තනුවට ක්‍රිස්ටෝෆර් පෝල් ඉංග්‍රීසි බසින් ගීයක් ගයා ඇති අතර තවත් ගායකයෙක් ද්‍රව්ඪ බසින් ගීයක් ගයා තිබෙනවා.


කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා

මගෙ සුදු මාමේ
මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ //

ගහෙන් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් බල බල තලන්නා //

මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා

මගෙ සුදු මාමේ
මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ //

ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහලු අයටයි ඔබින්නේ ///

විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ

මගෙ සුදු මාමේ
මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ //

කිතුල් මල් කපා තෙලිදිය බාන්නා
රුහුණෙ මීකිරට පැණි නිපදවන්නා //

රසැති කිතුල් පොල් හකුරු ද සදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා

මගෙ සුදු මාමේ
මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kaluwan Kalu Ruwayi Song Lyrics - කළුවන් කළු රුවයි ගීතයේ පද පෙළ Kaluwan Kalu Ruwayi Song Lyrics - කළුවන් කළු රුවයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 08, 2022 Rating: 5

0 comments:

Post a Comment