Ralahami Man Song Lyrics - රාළහාමි මං ගීතයේ පද පෙළ

Ralahami Man Song Lyrics - රාළහාමි මං ගීතයේ පද පෙළ
Song Title : Ralahami Man (රාළහාමි මං)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං
සාමය ආරක්ෂා කරන නිලධාරිය මං
රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං
මහජනයගෙ හිතවතා නෙ මං

දාමරිකයො දාමරිකකම් කරයි
සොරා කොතන වුනත් කෙරුවෙ සොරකමයි
ඒ ගැන නොතකා ඔබ ඔබෙ ගමන යයි
ඔබේ ආරක්ෂාවට සිටින්නෙ මම තමයි

වාහන අනතුරු බැලුවම අපමණයි
මේවට හේතුව නොසැලකිලිකමයි
මඟ යන එන ඔබට මෙයින් කරදරයි
ඔබේ ආරක්ෂාවට සිටින්නෙ මම තමයි

රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං
සාමය ආරක්ෂා කරන නිලධාරිය මං
රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං
මහජනයගෙ හිතවතා නෙ මං

ඔබලා රෑ නිදි යහනේ නිදියති
සමහරවිට සිහින ලොවට පිවිසෙති
සොර සතුරන්ගෙන් ඔබ රැකුමට නිති
මම මහ මඟ මුර සේවයෙ ඇවිදිතී

වෙසක් දවසෙ කොළඹ තොරන් බලනවා
නත්තල් උත්සවයට ගී කියනවා
ඔහෙලට මේවට නිදහස තියෙනවා
නමුත් රාළහාමි මහමඟ වැඩ කරනවා

රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං
සාමය ආරක්ෂා කරන නිලධාරිය මං
රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං
මහජනයගෙ හිතවතා නෙ මං

රටේ සමාදානේ රැක ගන්නට
සමාදානයෙන් සැමදා ඉන්නට
වැරදි කරන අය අල්ලා ගන්නට
සහයෝගය දෙන්නකො රාළාමිට

ඉවසීමෙන් මම කටයුතු කරන්නේ
සැනසීමයි ඉන් සැමටම ලැබෙන්නේ
මහජනයගෙ හිතවතා බව පෙනෙන්නේ
මම නීතිය නීතිය ලෙස පිළිපදින්නේ

රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං
සාමය ආරක්ෂා කරන නිලධාරිය මං
රාළහාමි මං පොලිසියෙ රාළහාමි මං
මහජනයගෙ හිතවතා නෙ මං

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ralahami Man Song Lyrics - රාළහාමි මං ගීතයේ පද පෙළ Ralahami Man Song Lyrics - රාළහාමි මං ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 21, 2022 Rating: 5

0 comments:

Post a Comment