Ra Pal Rakala Song Lyrics - රෑ පැල් රැකලා ගීතයේ පද පෙළ

Ra Pal Rakala Song Lyrics - රෑ පැල් රැකලා ගීතයේ පද පෙළ
Song Title : Ra Pal Rakala (රෑ පැල් රැකලා)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : ශිරාජි රාජපක්ෂ
තනුව : සී.ටී. ප්‍රනාන්දු


රෑ පැල් රැකලා
පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙස නිවන්නට තුරුලිය නළවා
එන මඳ පවන සුවයි

බොල් පිණි මත ළා හිරු රැස් වැටිලා මැණික් ලෙසින් දිලිසේ
මට බහ දුන් දා විලියෙන් ඇඹරුණ මැණිකෙගෙ නෙත් විලසේ
මෙදා සැරේ කුරහන් කිරි වැදිලා සුළඟේ ළෙල දෙනවා
කුඹුකෙන් නා ගෙන වරල විදා යන මැණිකෙව සිහිවෙනවා

ගොවිතැන් සාරයි ඒකෙන් නැහැ නොවැ අත මිට අඩුපාඩූ
පළඳන්නම් ගෙල මාල සවන් යුග ළෙලවමි රන් තෝඩූ
ගේ පොඩියෙත් වැඩපල අවසන් මුත් එළියක් එහි නෑනේ
මේ කන්නයෙදිම අස්වනු කැපුවම මැණිකෙත් එනවානේ

රෑ පැල් රැකලා
පැල් කවි කියලා
නිදි නැති දෙනෙත බරයි
වෙහෙසෙ නිවන්නට තුරුලිය නළවා
එන මඳ පවන සුවයි

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ra Pal Rakala Song Lyrics - රෑ පැල් රැකලා ගීතයේ පද පෙළ Ra Pal Rakala Song Lyrics - රෑ පැල් රැකලා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 02, 2022 Rating: 5

0 comments:

Post a Comment