Nelanna Bari Mal Song Lyrics - නෙළන්න බැරි මල් ගීතයේ පද පෙළ

Nelanna Bari Mal Song Lyrics - නෙළන්න බැරි මල් ගීතයේ පද පෙළ
Song Title : Nelanna Bari Mal (නෙළන්න බැරි මල්)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා


නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

ආලෝකය දිදී දිළෙයි
පහන් ටැඹ කසුන්
මා ගඟ මැද ඉවුරු දෙපස
පෙනෙයි සුව දසුන්

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

කුමුදාකරයේ නෙත් යුග
යුවලක් දකිමි
සතපා පිබිදුන සිතුවිලි
ගොළුවත රකිමි

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

සුසුම් රැලි රැලි පැටලී
හමන මාරුතේ
නොනිම් ගිම් දෙවයි
කළු දුම් රැලකි ජීවිතේ

නෙළන්න බැරි මල් අතු අග
මොටද පිපෙන්නේ
ලැබෙන්නෙ නැති වස්තුවකට
කිම සිත යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelanna Bari Mal Song Lyrics - නෙළන්න බැරි මල් ගීතයේ පද පෙළ Nelanna Bari Mal Song Lyrics - නෙළන්න බැරි මල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2022 Rating: 5

0 comments:

Post a Comment