Neela Jale Song Lyrics - නීල ජලේ ගීතයේ පද පෙළ

Neela Jale Song Lyrics - නීල ජලේ ගීතයේ පද පෙළ
Song Title : Neela Jale (නීල ජලේ)
ගායනය : ජේ.ඒ. මිල්ටන් පෙරේරා සහ අයිරින් ද අල්විස්


නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ
පියසලා පියඹලා කැදැල්ලටයි ආවේ ප්‍රියාදරී කොහෙද මගේ ඇයි ඔබ නාවේ
නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

මළහිරු බැස යනවා ගනදුර රජ යනවා
නෙත කඳුලැලි බොනවා මා මෙහි වැලපෙනවා සොයාලා

සුරංගනා ලොවක් පෙනේ ඔබේ සුනිල් දෑසේ
ලැගුම් ලබා සුවෙන් ඉමී මම අද රහසේ

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

පැතුම් ලොවේ ගිමන් සැදූ ප්‍රියාවියේ මගේ
ඉතින් යලී සිනාසෙමු උදේ මලක් වගේ

ලුහුබැඳ ආමි සොයා සංසාරේ
ලුහුබැඳ ආමි සොයා සංසාරේ
පියමැන හැම වාරේ ඔබ යන අඩි පාරේ
රුවන්ගිරේ සුපුන් සඳේ පෙනේ පෙනේ ජාලා
පාර කියයි නුවන් ගැබේ රන් තරු පායා

නීල ජලේ යමුනා සමීරේ සමීරේ ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ
ඇදි ඇදී සොයා ගියා ප්‍රියාවී මිහිරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Neela Jale Song Lyrics - නීල ජලේ ගීතයේ පද පෙළ Neela Jale Song Lyrics - නීල ජලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 04, 2022 Rating: 5

0 comments:

Post a Comment