Koyi Katath Kalin Ude Song Lyrics - කොයි කාටත් කලින් උදේ ගීතයේ පද පෙළ

Koyi Katath Kalin Ude Song Lyrics - කොයි කාටත් කලින් උදේ ගීතයේ පද පෙළ

Koyi Katath Kalin Ude Song Lyrics - කොයි කාටත් කලින් උදේ ගීතයේ පද පෙළ
Song Title : Koyi Katath Kalin Ude (කොයි කාටත් කලින් උදේ)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද : ශ්‍රී නිහාල් ජයසිංහ
තනුව : සරත් දසනායක
1980 දී තිරගතවූ ටක් ටික් ටුක් චිත්‍රපටියේ ගීයකි.


කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා //
මේ වාගේ දේ ලෝකේ නංවන්නේ සිනා නේද
මේ කාලේ කොයි කවුරුත් වාසි පතා ඉන්නේ
කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා

මීයන් අල්ලා පූසා රැකෙන්නේ
පූසට සෙල්ලං
මීයට ලෙල්ලං //
කූනිස්සන් කයි මාළූ //
රජ ඉත්තාගෙන් පුංචා බ්ලාස් වෙලා කැපෙන්නේ //

කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා
මේ වාගේ දේ ලෝකේ නංවන්නේ සිනා නේද
මේ කාලේ කොයි කවුරුත් වාසි පතා ඉන්නේ
කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා

වලිගේ හොල්ලයි අපගේ බල්ලා
උගෙ ඒ ඇල්මයි වලිගෙ කියන්නේ //
ඒ වාගේ නෑ මිනිසා //
තිරිසන් වූ සත්තුන්ගේ නැද්ද ගුණේ දන්නේ //

කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා //
මේ වාගේ දේ ලෝකේ නංවන්නේ සිනා නේද
මේ කාලේ කොයි කවුරුත් වාසි පතා ඉන්නේ
කොයි කාටත් කලින් උදේ අඬලයි කුකුළා
ඌ කන්නත් සතෙක් සිටී
ඒකා නරියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Koyi Katath Kalin Ude Song Lyrics - කොයි කාටත් කලින් උදේ ගීතයේ පද පෙළ Koyi Katath Kalin Ude Song Lyrics - කොයි කාටත් කලින් උදේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment