Mal Wayase Madu Sihine Song Lyrics - මල් වයසේ මධු සිහිනේ ගීතයේ පද පෙළ

Mal Wayase Madu Sihine Song Lyrics - මල් වයසේ මධු සිහිනේ ගීතයේ පද පෙළ

Mal Wayase Madu Sihine Song Lyrics - මල් වයසේ මධු සිහිනේ ගීතයේ පද පෙළ
Song Title : Mal Wayase Madu Sihine (මල් වයසේ මධු සිහිනේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක, එච්.ආර්. ජෝතිපාල සහ එම්.එස්. ප්‍රනාන්දු
පද රචනය : සෝමපාල ලීලානන්ද
තනුව : සරත් දසනායක
"කස්තුරි සුවඳ" චිත්‍රපටියෙන්


මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
පෙම් මදිරා ගඟ පිරිලා
උතුරා ගලා හැලේ

ජීවිතේ පුරා ආදරේ පෙරා
දැන් බොනු මැන ජය පානේ //

බඹරෙකි කුසුමකි
එක්ව ගී ගැයුවේ
මොණරෙකි උරගෙකි
නෑ වෙලී රැඟුවේ //

සඳ වට පරයන පුංචි කැකුළු මල
එනු බොමු ජයපානේ //

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ

අඳුරු ගැබේ කඳු මුදුනේ
පායන සඳ වැන්නේ
අඳුරු මගේ හද මුදුනේ
හඳ පායාපන්නේ

නුරා රැඟුම් ලොල් හදවත් සසලයි
ආදර සිත නිසලයි //

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
දුක් නිවිලා
සිත් නිවිලා
ජීවිත පහන් සැලේ

මල් වයසේ මධු සිහිනේ
ආදර මාලිගයේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ
ආදරේ . . . ආදරේ . . . ආදරේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Wayase Madu Sihine Song Lyrics - මල් වයසේ මධු සිහිනේ ගීතයේ පද පෙළ Mal Wayase Madu Sihine Song Lyrics - මල් වයසේ මධු සිහිනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 25, 2022 Rating: 5

0 comments:

Post a Comment