Kimada Sumihiriye Me Arume Song Lyrics - කිමද සුමිහිරියේ මේ අරුමේ ගීතයේ පද පෙළ

Kimada Sumihiriye Me Arume Song Lyrics - කිමද සුමිහිරියේ මේ අරුමේ ගීතයේ පද පෙළ
Song Title : Kimada Sumihiriye Me Arume (කිමද සුමිහිරියේ මේ අරුමේ)
ගායනය : සී.ටී. ප්‍රනාන්දු
පද : කරුණාරත්න අබේසේකර
තනුව : සී.ටී. ප්‍රනාන්දු


කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ
නැගෙන කැළුමේ
රහස නැත දන්නේ //

සෙවණැල්ල වගේ
ඔබ එන විලසේ
මට දැනේ නිතර රහසේ
මුදු තොල් පොපියා
කිසිවක් නොකියා
ඇයි යන්නෙ පැන විගසේ
හැම උදේම තනියම මෙසේ
හැම උදේම තනියම මෙසේ
ප්‍රිය ළඳේ ඔබව හමුවේ
කල්පනාව පෙම්බර
හිනාව පින්බර
මගේ හිතට සුව දේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ
නැගෙන කැළුමේ
රහස නැත දන්නේ

කෙහෙරැල්ල වැටී
නළලට සිරසේ
සිරි වැසේ බොළඳ මුහුණේ
වන මල් පිපිලා බර වී නැමිලා
ළං වෙන්න එයි මැණිකේ
දුටු වහාම හදවත ඔබේ
දුටු වහාම හදවත ඔබේ
දුක නැසී සතුට ඇතිවේ
ඔබ ගියේ බලන් ඉඳ
අගේ කරන්නද
කියන්න සුරතලියේ

කිමද සුමිහිරියේ මේ අරුමේ
මහද පිබිදෙන්නේ
ඔබගෙ දෑසේ
නැගෙන කැළුමේ
රහස නැත දන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kimada Sumihiriye Me Arume Song Lyrics - කිමද සුමිහිරියේ මේ අරුමේ ගීතයේ පද පෙළ Kimada Sumihiriye Me Arume Song Lyrics - කිමද සුමිහිරියේ මේ අරුමේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 06, 2022 Rating: 5

0 comments:

Post a Comment