Kale Paninne Song Lyrics - කැලේ පනින්නේ ගීතයේ පද පෙළ

Kale Paninne Song Lyrics - කැලේ පනින්නේ ගීතයේ පද පෙළ
Song Title : Kale Paninne (කැලේ පනින්නේ)
ගායනය : සහන් රන්වල සහ රන්වල බලකාය
පද : සිසිර දිසානායක
තනුව : ලයනල් රන්වල


කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ
කරදර දෙන්නේ හිරිහැර දෙන්නේ නෑ ආයේ

වහන් වී ඉඳලා
නෑ නෑ නෑ
මහ උළු ගේ තැපලා (මේ ගොයියා)
ගමට ඇවිදිල්ලා

වහන් වෙන්නේ මොටද බොලන්නේ
මොනව ? මොනව ?
මොනව කිව්වා ?
කූරු ගැණ ගැණ මං උන්නා
ඔහෙ පලයන්
ඔහෙ පලයන්
කූරු ගැණලම ඇඟ හිරිවැටුණේ
ආයෙ උළු ගෙට නැහැ යන්නේ

අඬහැරේ පාලා (හේ හේ හේ)
ගමට කියහල්ලා (හේ හේ හේ)
අයිය ඇවිදිල්ලා
කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ
කරදර දෙන්නේ හිරිහැර දෙන්නේ නෑ ආයේ

වහන් වී ඉඳලා
නෑ නෑ නෑ
මහ උළු ගේ තැපලා (මේ ගොයියා)
ගමට ඇවිදිල්ලා
 
දෑත දෙපයේ හයිය තියෙන්නා
නැතුව
නැතුව
නැතුව අයියෙ ..

හේන ගිණි ලා පෙරළන්නා
ඇන්නෑවේ
ඇන්නෑවේ

පොඩියට පැල් කොටයක් අටවාලා
ඉන්නම් කාගෙත් අයිය වගේ

අණබෙර ගහපල්ලා (හේ හේ හේ)
සොකරි නටහල්ලා (හේ හේ හේ)
අයිය ඇවිදිල්ලා

කැලේ පනින්නේ කොළේ වහන්නේ නෑ ආයේ
කරදර දෙන්නේ හිරිහැර දෙන්නේ නෑ ආයේ

වහන් වී ඉඳලා
නෑ නෑ...
මහ උළු ගේ තැපලා (මේ ගොයියා)
ගමට ඇවිදිල්ලා

ගමට ඇවිදිල්ලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kale Paninne Song Lyrics - කැලේ පනින්නේ ගීතයේ පද පෙළ Kale Paninne Song Lyrics - කැලේ පනින්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 27, 2022 Rating: 5

0 comments:

Post a Comment