Kakiri Palena Tikiri Sinavayi Song Lyrics - කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ගීතයේ පද පෙළ

Kakiri Palena Tikiri Sinavayi Song Lyrics - කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ගීතයේ පද පෙළ
Song Title : Kakiri Palena Tikiri Sinavayi (කැකිරි පැලෙන ටිකිරි සිනාවයි)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු
පද හා තනුව : එම්.එස්. ප්‍රනාන්දු


කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ගමන බිමන නාරිලතාවයි
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරිලතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි //
කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරිලතාවයි

ආදරෙන් බලන්න හිතෙනවා
ආදරෙයි කියන්න හිතෙනවා
කෝපවෙයි නොවෙයිද හිතෙනවා
ඈ මා ළඟින්ම පාදෙ තබනවා

වාසනාව මෑත පේනවා
රහසකින් රසෙන් ඇසෙනවා
ආසාවෙන් දෑස වැහෙනවා
රෝස මල් ලොවක් මැවෙනවා
මා ළඟින් මා ළඟින් පාද තබනවා //

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරිලතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි//

රන් තොරන් බඳින්න ඕනද
පාවඩ එළන්න ඕනද
හේවිසි වයන්න ඕනද
ඔය දෙපා තබන්නෙ එහෙමද
මල්සරාට වැරදිලා වගෙයි
මට පෙනෙන්නෙ වැරදිලා වගෙයි
රුව තරම් සිත නොවෙයි ඇගේ
ආදරේ එපා කියයි මගේ
මා ළඟින් මා ළඟින් පාද තබනවා //

කැකිරි පැලෙන ටිකිරි සිනාවයි
ඇගෙ ගමන බිමන නාරිලතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kakiri Palena Tikiri Sinavayi Song Lyrics - කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ගීතයේ පද පෙළ Kakiri Palena Tikiri Sinavayi Song Lyrics - කැකිරි පැලෙන ටිකිරි සිනාවයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 17, 2022 Rating: 5

0 comments:

Post a Comment